ප්‍රංශයේ ඇල්ප්ස් කදුකරයේ හිම මත ලිස්සා යාමේ කිී්රඩාවේ නිරතව සිටියදී සිදුවූ හදිසි අනතුරකින් රෝහල් ගත කර සිටින ප්‍රකට ෆෝමියුලා වන් මෝටර් රථ ධාවක මයිකල් ෂූමාකර ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියි.
සිද්ධිය ඇසින් දුටුවන් පවසනුයේ ඔහු හිම මතින් ලිස්සා විත් ගල් කුළක වැදුණු බවයි.වහා ඔහු කරා ළගා වන විට ඔහු අවට හිම ලෙයින් රත්පැහැ ගෙන තිබූ බවත් හිසට තුවාළ සිදුවී ඇතැයි පෙනෙන්නට තිබුණු බවත් ඔවුහු කියයි.
ආරංචි මාර්ග වලට අනුව ඒ අවස්ථාව වන විටදීත් මයිකල් සිට ඇත්තේ හොද සිහියෙන් පසුව ඔහු සිහිමුර්ඡා වී ඇත.
හෙලිකොප්ටරයක ආධාරයෙන් ඔහු වහා එම ස්ථානයෙන් ඉවත් කිරීමට නිවාඩු නිකේතනයේ බළධාරීන් කටයුතු කර තිඛෙන අතර දැනට ඔහු ප්‍රංශයේ ජෙනොබ්ලෙහි රෝහලකට ඇතුළත් කර සිටී.
ඔහුගේ මොළයේ අභ්‍යන්තර රුධිර වහනයක් ඇතැයි පවසන වෛද්‍යවරුන් කියති. මයිකල්ගේ තත්ත්වය බරපතල බවත්, පියවි සිහිය ලැබී නොමැති බවත් රෝහල කියයි.
පිට පිට 7 වතාවක් ෆෝමියුලා වන් ලෝකශ+රයා බවට පත්වූ මයිකල් ලොව මෙතෙක් පහළ වූ හොදම මෝටර් රථ රියදුරා ලෙස සැළකෙන්නෙකි.
ඔහුට ඉක්මන් සුවය පැතීමට දැනටමත් ලොව පුරා ෆෝමියුලා වන් මෝටර් රථ තරග ලෝලීහු හා අනෙක් ෆෝමියුලා වන් මෝටර් රථ ධාවකයින් එක්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට ඉක්මන් සුවය පතමි.(නදී)
වේග ශූරයන්ට අගුණයි වගේ.(නදී)
දුමින්ද මහත්තයව පෙන්නපු දොස්තර මහත්තයට වත් පෙන්නමුද? (නදී)
මෙයා ලෝකේ ඉන්න දක්ෂම මෝටර් රථ ධාවන ශූරයා. (ත)
මයිකල්ට ඉක්මනින් සුවය ලැබේවා කියල පතනවා. (නදී)
සුනාමි වෙලාවේ ලංකාවට උදව් කරපු ඔබට ඉක්මන් සුවය පතමි. (නදී)
වියදම් අධික මෝටර් රථ තරගවලට යන්න අවස්ථාවක් වත්කමක් නැති ඔයිට වඩා දක්ෂ රියදුරන් ලංකාවේ බස් පදවනවා. ඒ රියදුරෙකුට ෂුමාකර්ගේ ජාතියේ රථයක් දීල බැලුවොත් දක්ෂකම් බලන්න පුළුවන්. මයිකල්ට ඉක්මනින් සුවය ලැබේවා.(නදී)
ඉක්මන් නිරෝගී සුවය ලැබේවා! (නදී)
ඔබට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. (දී)
අයියෝ කනගාටු දායක පුවතක් (දී)
ඔබට ඉතාම ඉක්මනින් පියවි සිහිය ලැබේවා කියා පතමි.(නදී)