ජපානයේ කුඩා දිවයිනක් වන ඔකුනොශිමා වෙත ගිය සංචාරිනියක ‘‘හා‘‘ හමුදාවක් විසින් වට කරගනු ලැබුහ.
ඒ ඇය අතවූ ආහාර බෑගය දැකීමෙනි.
මුළු බෑගයම හමුදාව වෙත දුන්නද ඔවුනට එය ප්රමාණවත් නොවීය.උහු ඇය පසුපසම ආහ.
හමුදාව සටන අත්හැරියේ ඇය දිවයිනෙන් පිටවූ පසුය.
‘‘හා දිවයින‘‘ ලෙස හැදින්වෙන ඔකුනොශිමා දුපත ජපානයට අයත් කුඩා දුපතකි.මෙහි පදිංචිකරුවෝ හාවෝය.
මෙම දිවයින දෙවන ලෝක යුධ සමයේදී ජපානය අතිශය රහසිගත හමුදා මෙහෙයුම් සැළසුම් කිරීමට හා අවි නිපදවීමට භාවිතා කර ඇතැයි සදහන්ය.මෙම අවි අතර රසායනික අවිද තිබී ඇතැයි පැවසෙන අතර ඒවා අත්හදා බැලීම සදහා යොදාගනු ලැබ ඇත්තේ හාවන් බවද දැන් දුපත අරක්ගෙන සිටින්නේ ඔවුන්ගෙන් පැවත එන්නන් බවද පැවසේ.
දැන් නම් දුපතේ අවි අත්හදා බැලීම් සිදුනොකෙරේ.ඒ වෙනුවට එය සිය ගණනක් හාවන්ට නිවහන වී ඇත.
මේ හාවුන් දැකීමට සංචාරකයින් විශාල වශයෙන් දුපතට පැමිණේ.මෙම සතුන් අප දන්නා පිරිදි මිනිසුන් දුටු විට බියපත්වී පැන දුවන්නේ නැති අතර ඔවුන්ගේ එකම අරමුණ සුරතල් වී හෝ තම කුසට යමක් ලබා ගැනීමය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලස්සන පින්තූරයක්.(නදී)
ඉස්සර මටත් මගේම කියල හාවෙක් හිටිය එත් දැන් ඌ කොටියෙක් වෙලා (අ)
හරිම ලස්සන දර්ශනයක් (දිල්)
සජී, දැන් ඒ කොටිය හරි දඟයි නේද? (අ)
හරි ලස්සන දර්ශනයක් (දී)
අවුරුදු 3 කට කලින් මම හවෝ 48 ක් ඈති කරපු කෙනෙක්. එ කලේ හරිම සුන්දර කාලයක් පස්සෙ හවෝ හදාගන්න බෑරි නිසා ගෙවල් පෑත්තෙ හදාගන්න අසා අයට දුන්නා....ඊට පස්සෙ මම ඩුබායි අවා. අත දෙන්න කෙනෙක් ඉන්නවනම් ඔයවගේ කරන්න පුලුවන්.... (දී)
හාවා.... ඌ හරි අහිංසක සතා (දී)
මෙවැනි දර්ශන නිතර ජපානයේ දකින්නට ලැබෙනවා . ජපන් ජාතිකයන් සතුන් වගේම ගස් වලට, පැල වලට හරිම ආදරෙයි . කෙටියෙන් කියනවනම් ස්වභාව ධර්මයට පුදුම ඇල්මක් දක්වන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් හා පරමාණු බෝම්බයෙන් විශාල විනාශයක් සිදුවූ නිසා සත්වයන්ට හා පරිසරයට මෙසේ ඇල්මක් දැක්වීමට පුරුදු වුනා. ගස්කොලන් සහිත වතු පරිසරය , ඇළදොළ ,කුරුල්ලන් අදී පරිසරයක් ශ්රී ලංකාවේ අපට තිබෙන නිසා ඒවායේ හරි අගයක් නැහැ .ජපානයේ කුඩා ළමුන් කෘමියා පවා ආශාවෙන් අතපත ගානවා. කවදා හෝ ලංකාවේ මේවා නැතිවුණ දවසක මේවයේ අගය වටිනා කම තේරේවි . එසේ නොවී මෙතැන් සිටහෝ සත්වයන්ට පරිසරයට ආදරය කරන්න ,සුරකින්න පුරුදු වෙමු. එවිට පරිසරයත් සත්වයනුත් මිනිසුන්හට ආදරය කරන්න පුරුදු වේවි. (දී)
හාවා කියන්නේ හරිම සංවේදී සතෙක් (දී)
වෙහෙසකාරී පුවත් අතර කලාතුරකින් හෝ මෙවැනි මානසික සුවය ගෙනදෙන රුප මෙන් පුවත් ලබාදීම ලන්කදීපට ස්තුති (අ)
පහන්, ජර්මනිය, ඔබ තුමාට මේ හවන්ට තරම්වත් මොලයක් නැද්ද? මොකද ජපානේ චීනේ කොරියාව වගේ රටවල් වල සතුන්ගේ මස් අනුභව කිරීම ලංකාවට වඩා ඉතාමත් වැඩයි, (අ)
ඇත්තෙන්ම හරිම සුන්දර සිත් පිනවන දර්ශනයක්. මේවා දැකීමෙන් මෙවැනි සුරතල් සතුන් මරණ අයට උනත් සතුන් ගැන ආදරයක් සහ කරුණාවක් සිත් තුල ඇති වෙන්න පුළුවන්. ඉතින් වගකිවයුතු බලපුලුවන් අයට බැරිද මෙවැනි සත්ගුණවත් යමක් කරන්න. (අ)
හොද ආදර්ශමත්, අදහසක් ලියු ගමගුර ජපානය ඔබට මගේ ප්රණාමය..!(දිල්)
හරිම සතුටක් දැනෙනවා දැක්කම. ලංකාවෙනන් කෑමදීල එන ගමන් මල්ලෙත් එකෙක්ව දාගන එයි.(නදී)
හා හා හරි හාවා කැලේ මැදින් ආවා. (අ)
ඇත්තටම හරිම ලස්සන දර්ශනයක් (දී)
හරිම ලස්සන දර්සනයක්.දැක්කම අස හිතෙනවා.(දී)
ලස්සන දසුනක් (දිල්)
ජපානය කියන්නේ ලෝකේ තියන පිරිසිදුම රට ඒ වගේම කරුණාව දයාව එකිනෙකාට ගරු කරිම අතින් හරිම ඉහලයි ලෝකේ දියුණුම රටක් වීමට හේතුව එකයි !! (අ)
සිහින කතාවක් වාගෙයි.! එත් මේ සත්තුන්ට කෑම ටිකක් දෙන එක කොයිතරම්නම් පිනක්ද?(දී)
ආශ්චාර්යමත් රූපරාමු වැලක්, අහිංසක සතුන්ට ජීවත් වීමට මෙවන් රටක් තිබිම තවද විස්මජනක සිදුවීමක්.ශ්රී ලංකා වාසි අපටත් හොද අත්දැකීමක් ! රජින්ද අදහස් කල පරිදි සිහිනයක් අපේ ලෝකයට (අ)
ලංකාවේ හාවෝ කෙසේවෙතත් කැරට් අල නම් තියනව ඡන්දෙට මල්ලියෝ (අ)
මෙහෙ ගම්වල සාවන් සිටිනවා .කෘමිනාශක ,උගුල් ඇටවීම ,කැලා ගිනිතැබීම නිසා උන් සීග්රයෙන් වඳ වෙනවා (අ)
ජපානයේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ... උන්ට කෑම දෙන්නෙ නැ. උන්ව මරණ කන්නේ නැ. (අ)
ලංකාවේ වගේ හිටියානම් මස් කරල (අ)
හරිම ලස්සනයි. ලෝකේ කොහේ හරි මේ විදියට නිදහසේ මේ අහිංසක සත්වයින්ට ඉන්න ලැබෙනවා කියන එක හරිම සතුටක්. (අ)
අනේ මටත් යන්න තියෙනවනම්! (අ)
හරිම ලස්සනයි. කාලාතුරකින් දකින්න ලැබෙන දර්ශනයක් (දිල්)
වැඩේනම් ලස්සනයි එත් අපේ රටේ හිටියනම් මස් තමයි (අ)
සිල්වා මහතා හරියටම හරි ,මමත් හිටියා (අ)
සිල්වා, විරාජ් මහත්වරු සමග මාත් එකඟයි!!! (අ)
පහන් මල්ලි මේ පින්තුර දැකල නැහැ වගේ ,එකයි මුකුත් ලියල නැත්තේ., ජපානේ වසර 6ක් විතර උන් නිසා පහන් දන්නවා ඇති මංහිතන්නේ මේ ගැන..!! (අ)
අහිංසක සත්තතු .ඒ වගේ ම හරිම ප්රියමනාප දර්ශනයක්.(දිල්)
මට ජීවිතය ගැන කලකිරීමක් තියනවා හාවෙක් වෙලා ජපන් යන්න ඇත්නම් ? (අ)
ජපානේ විතරක් නෙවේ, ත්රිකුණාමලේ යන්න. මුවෝ ඉන්නවා බස් නවතුම්පලවල්වල. එත් එහෙම මිනිස්සු උන්ව මරන්නේ නැහැ, (අ)
මෙතන කමෙන්ට් දාපු සමහර ය ලංකාවේ ත්රිකුණාමලයට ගිහිල්ල නැහැ වගේ. ලංකාවෙත් එහෙම තැන තියෙනවා.ත්රිකුණාමලේ මුවෝ. ඩෙල්ෆ් දුපතේ පොනියෝ. පුත්තලමේ බුරුවො. (අ)