රුසියා රජය ඇමරිකා එක්සත් ජනපදයේ ධවල මන්දිරයේ තරගයට අත පොවන බවට තොරතුරු ඇතැයි ඇමරිකාවේ ඩිමොක්රටික් පක්ෂ ජනපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පවසයි.
වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට අනුව ක්ලින්ටන් කියා ඇත්තේ ඩිමොක්රටික් පක්ෂ ජාතික කමිටුවේ පරිගණකවලට සයිබර් ප්‍රහාර එල්ල කිරීම පිටුපස රුසියා බුද්ධි අංශ සේවා සිටින බවයි.
හැකරුන් එම කමිටුවේ මෙහෙයුම් පද්ධතිවලට ඇතුළුවී ඇතැයි කියති. එය විකිලීක්ස් වෙබ් අඩවියේ පිරිස් ඊට ඇතුළුවී කමිටුවේ ලේඛන 20,000ක් ප්‍රසිද්ධ කිරීම හා සමාන බවද ඇය කියා ඇත.
මෙම සයිබර් ප්‍රහාරය වෝටර් ගේට් අර්බුදයේ විද්‍යුත් සංස්කරණයක් හා සමාන බවද ක්ලින්ටන් කියා ඇත.
‘අපේ පරිගණකවලට එල්ලවූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපට කිසිවිටක විදෙස් උපදේශාත්මක බලයක් අවශ්‍ය නෑ‘ යැයි ද ඇය කියන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ලෝකේ බලවත්ම රටක් වුණ රුසියාව 1991දි පෙරලා දාන්න ඇමරිකාව මුල් වුණේ, හැබැයි මුලින්ම අභාවකාශයට ගියෙත් රුසියාවෙන්, ලෝකේ හැමෝම දන්නවා අනුන්ට බණ කියකියා ඇමෙරිකාව තම රටේ කළු ජාතිකයන්ට සලකන හැටි, සමහර පැතිවල ලෝකෙට වහපු දරිද්‍රතාව, ඒ වුණාට අනුන්ගේ රෙදි අහක් වුණා එකමයි හැමදාම සොයන්නේ. (අ)
ජනක, ඔයාගේ කතාවට මම සම්පූර්ණයෙන් එකඟයි. ගොඩක් කට්ටියට එක තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නෙ. (නි)
එතකොට ලෝකේ බලවත්ම රටක් වුණ රුසියාව 1991දි පෙරළා දාන්න ඇමරිකාව මුල්වුණේ? හැබැයි මුලින්ම අභාවකාශයට ගියෙත් රුසියාවෙන්. ලෝකේ හැමෝම දන්නවා අනුන්ට බණ කිය කියා ඇමෙරිකාව තම රටේ කළු ජාතිකයන්ට සළකන හැටි. සමහර පැතිවල ලෝකෙට වහපු දරිද්‍රතාව. ඒ වුණාට අනුන්ගේ දේවල්මයි හැමදාම සොයන්නේ. (නි)
නිපුන, මම ඔය භාෂා දෙකේම පත්තර කියවනවා. මට එවන් භාෂා ගැටළුවක් නැහැ. තාක්ෂණය හා දේශපාලනය යනු කරුණු දෙකක් බව මුලින් වටහාගන්න. ඇමරිකාව මැදපෙරදිග තෙල් සම්පතට කෙළහලන බව නොරහසකි. මැදපෙරදිග අන්තවාදයට තල්ලු කළේ ඇමරිකාව විසින් සිදුකළ අනවශ්‍ය අතපෙවීම් වල ප්‍රතිඵලයක් නිසා. මටත් කියන්න තියෙන්නේ පොඩ්ඩක් ඇස් ඇරලා පොඩ්ඩක් බලන්න ලෝකේ මොකද වෙන්නේ කියලා (නි)
ජනක, සිංහලෙන් තියෙන පත්තර විතරක් කියවලද ලෝකය ගැන ඉගෙනගන්නේ. ලෝකේ දැවෙන ප්‍රශ්න වලට මුල අන්තවාදය. පොඩ්ඩක් ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන ලෝකය ගැන ඉගෙනගන්න. ඇමරිකාව නැත්නම් ඔබට මෙතන අදහස් දාන්නත් බැහැ, අන්තර්ජාලයකුත් නැහැ, කොම්පියුටරුත් නැහැ (නි)
කියන්න නාමල් ඇමරිකාව ගිහින් සාමය ඇතිකරපු එක රටක්. මෙය බටහිරටත් අදාළය. යුද්ධය නිසා ඇමරිකාව ප්රමුඛ බටහිර ආර්ථිකය සමබරව පවතී. (නි)
නාමල් - නිව්යෝර්ක්, ඔබ වැනි අය 60%ක් ශ්‍රී ලංකාවෙත් සිටිති (නි)
ඉගෙනගත්ත කෙනෙක් එක්ක දිනන්න බැරි එකේ කතා හදන්න එපා. ඔහොම කතා ලංකාවටත් ඒ දවස්වල කිව්වා. ඔය මාධ්‍ය අල්ලාගෙන කරන පොලිටිකල් ගේම්ස් හරියන්නේ නැහැ. (නි)
අපි නොදන්න ඇමරිකාව .....! (නි)
හිලරි ලෝකයේ ඉන්න අනික් රටවලට අයත් හිතන්නේ ඔයවිදියට කියල හිතුවොත් සියලු සකලවසි ජනයාටම සුබසෙතක් වෙයි. අනික් රටවල ප්‍රශ්න ඇතිකරලා ඒවාට උත්තර හොයන කොට පිට අයත් ඒවාගේ කරනවනේද? (ම)
නාමල් - නිව් යෝර්ක්, ලෝකේ සාමය රකින්න තියෙන රට ? තමන්ට ගැතිකම් කරන්නනේ නැති රටවල් විනාශ කරලද ලෝකේ සාමය රකින්නේ . ලෝකේ දැනට තියෙන බහුතරක් දැවෙන ප්‍රශ්නවලට මුල ඇමරිකාව. ඔයා ඇමෙරිකාවේ හිටියට ඔච්චර සුදුහුණු ගාන්න එපා ! (බ)
පුබුදු ඇමරිකාව කියන්නේ ලෝකේ සාමය රකින්න තියෙන බලවත්ම ප්රජාතන්ත්රවාදී රට.. රුසියාව කියන්නේ ඒකාධිපති හොර ගුහාවක්.. මේ රටවල් දෙක සමාන කරන්න බෑ (බ)
අපිටත් කියන්න තියෙන්නේ \"අපට කිසිවිටක විදෙස් උපදේශාත්මක බලයක් අවශ්‍ය නෑ‘ (බ)
ඕකට තමයි කියන්නේ කල කම් පලදෙනවා කියල. රුසියාවේ ජනාදිපතිවරණයේදී කොහොමද ඇමරිකාව හැසිරුණේ (ම)
ඔයගොල්ලොත් අනික් අයගේ වැඩවලට ඇඟිලි නොගහා හිටියොත් තමා හොඳ. (නි)
මෙයාලා ලෝකේ අනිත් රටවලට අතපොවනකොට එ්ක හොදයි. හිලරි නම් පරදින්නමයි ඕනෑ. (නි)
හිලරි නෝනේ, ග්‍රීන් කාඩ් එකක් දීලා ශ්‍රී ලංකාවේ අහවලාව ගත්තා නම් ඔබලාගේ සියලුම ප්‍රශ්න විසඳලා දෙයි (නි)
ලංකාවේ පොඩි කොල්ලෙක් ඇති (අ)