ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් නිව්යෝර්ක් නුවර පැවති උත්සවයකදී නිව්මෝනියා තත්ත්වයක් ඇතිවීම නිසා රෝහල්ගත කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇගේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ පසුගිය සතියේ ඇයට නිව්මෝනියා රෝගී තත්වයට ප්රයතිකාර දුන්නත් හදිසියේ ඇතිවූ විජලනය සමඟ රෝගය උත්සන්න වූ බවයි. දැන් ඇය යථා තත්වයට පත්වෙමින් සිටින බවද වාර්තා වේ.
මේ තත්ත්වය නිසා කැලිෆෝනියාවේ ඇය සහභාගි වීමට නියමිතව තිබූ රැස්වීම් කිහිපයක් අවලංගු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කිව්වත් ඇමරිකාවේ දිනන්නේ ඇමෙරිකන් කාරයෙක්ම තමයි. (ර)
කාලය හොඳ ප්‍රශ්න විසඳන්නෙකි (නි)
ලෝක ත්‍රස්තවාදය තුරන් වේවි ට්‍රම්ප් දිනුවොතින්.... (ර)
අනාවැකියක් කියන්න පුළුවන් කෙනෙක් නැත්ද කව්ද දිනන්නේ කියල හරි ගියොත් නොවරදින අනාවැකි කියනවා කියල ගානක් හොයාගන්න පුළුවන් (අ)
යමක් වෙන්නට ඇත්නම් එය කිසිවෙකුට වළක්වන්නට නොහැකිය (නි)
ට්‍ර්ම්ප් ඉදිරියෙන් නිසා අනුකම්පාව ගන්න කළ රංගනයක්වද්ද? අපි නම් දැක්කා ඊටපස්සේ හොඳට යනවා. මෙයා ආවොත් හැමතැනම ත්‍රස්තවාදය හිස ඔසවාවි. (නි)
අපි නම් තාම කැමති ඔබාමාට. බැරිද දන්නේ නැහැ අපේ රටේ හිටපු ජනාධිපතිගෙන් උපදෙසක් ගන්න අපේ ඔබාමාට තවත් කාලය දික්කරගන්න. (නි)
හිලරි වගේ නොවේ, ට්‍රම්ප් කෙළින් කතා කරන ත්රස්තයන්ට භය නැති කෙනෙක්. රුසියාව සමඟ අනවශ්‍ය පැටලිලි හදාගන්න එකකුත් නැහැ. ට්‍රම්ප්ට අපේ රටේ තිබුන ත්‍රස්තවාදී ප්රශ්නය හරිහැටි පෙන්නලා දුන්නොත් ජාත්‍යන්තර සමුළු වලදී අපිට අනවශ්‍ය කරදර කරන එකක් නැහැ. හිලරි එහෙම නොවේ. හිලරි කොටින්ට පක්ෂව වැඩ කළා. දිනුවොත් ඉදිරියටත් එහෙම කටයුතු කරාවී (නි)
ඇමෙරිකාවේ ජනාධිපති වෙන්නනම් මුලික සුදුසුකම අනිවාර්යයෙන්ම ඇමෙරිකාවේ උපදින්නම ඕනෑමයි. (හේ)
සිද්ධ වුණ දේ ගැනනම් ගොඩක් දුකයි.(හේ)
වැඩි වාසිය ඩොනල්ඩ් ට්‍රම්ප්ට බවයි පෙනෙන්නේ. (නි)
අපේ ට්‍රම්ප් දිනනවා සිකුරුයි. එහෙම උනොත් කොටින්ට යන එන මං නැතිවෙනවා. (ර)
මේකත් ප්ලෑන් එකක්ද දන්නේ නෑ.(හේ)
කොහොමත් දිනන්නේ හිලරි තමයි.(හේ)
වැඩිපුර ජනතාවගේ ප්‍රසාදය ගන්න හොද අවස්ථාවක්.(හේ)
ඔය අසනිපෙන්ම එයා ජනාධිපති තරගයෙන් ඉල්ලා අස්වෙනවනම් , එය ඇමරිකාවටත් සෙසු රටවලටත් හොඳක් (බ)
හිලරිට වඩා ට්‍රම්ප් හොඳයි. ඒ වගේම හිලරිට වඩා සාමකාමියි (බ)
ලෝකයම මිලදී ගන්න වුණත් ට්‍රම්ප්ට සල්ලි තියෙනවා. (නි)
හිලරි කොයි වගේ කෙනෙක්ද කියලා විකිලික්ස් එකෙන් හෙළිවුණා. එයා රාජ්‍ය ලේකම් කාලේ රාජ්‍ය නායකයින් සමඟ සාකච්චා පවත්වනකොට උතුමාණෙනි, රජතුමනි, ජනපතිතුමනි කියලා ප්‍රසිද්ධියේ ආමන්ත්‍රණය කරලා රැස්වීම පිළිබඳ වාර්තාවේ ඔවුන් වෙනත් වචන වලින් හැඳින්වෙන ඊ-මේල් ගණනාවක් ප්‍රසිද්ධ වුණා නේද? (නි)
ට්‍රම්ප් දිනන එක ලංකාවට හොඳයි. හිලරි නිතරම සිටියේ කොටින්ට බර ප්රතිපත්තියක (නි)