ලොව වටා ඉතා චමත්කාරජනක ස්ථාන වලට හිරු උදා වීම සහ හිරු බැසයාමේවිචිත‍්‍රවත් අවස්ථාව ඡායාරූප ශිල්පීන්ගේ කැමරාවට හසුවූ ආකාරය පෙන්වන ඡායාරූප පෙළක් ඉදිරිපත් කර තිබේ. එම ඡායාරූප එකතුව‘ලොව වටා රන්වන් පැය’ ලෙස නම් කර ඇත. මේවායින් බොහෝමයක් සංචාරකයින් විසින් ගෙන ඉදිරිපත් කරන ලද ඒවා බව පැවසේ.
ඒවායින් කිහිපයක් පහත දැක්වේ.
1. උතුරු ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ ගෝල්ඩන් ගේට් පාළමට ඉර උදාවට පෙර
2. කෙන්යාවේ මාසායි මාරා රක්ෂිතයේ මුවන් තණ කමින් සිටියදී උදාවන හිරු
3. ප්‍රංශයේ පැරිස් නුවර වීදියකට හිරු උදාව
4. හිම පිරුණු ෂුක්සාන් කන්දට හිරු උදාව
5. චෙකොස්ලොවැකියාවේ හංසයන් පිරුණු වොල්ටාවා නදියට හිරු උදාව
6. ගී්රසීයේ සාගරය අසල ප්‍රදේශයක හිරු බැසයාම
7.රුසියාවේ ගිනි කන්දකට මුල්ම හිරු රැස් වැටීම
8. රුමේනියාවේ රොඩ්නා කන්දට හිරු උදාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම පරාදයි ,අපේ ශ්‍රී පාද කන්දේ සිට ඉර සේවයත් ,ගෝල් ෆෙස් පිට්ටනියේ හිරු බැසයාමෙත් පින්තුර වලට.(දිල්)
රුපවාහිනී වල සංගීත තරු තොරන්න වගේ අපේ රටේ මේවගේ දේ වලටත් තරග තියන්න ඕනි. එතකොට තමයි ලෝකයට අපේ රටේ ලස්සන පෙන්නන්න පුළුවන් (දිල්)
අගය කළ යුතු දේ අගය කළ යුතුමය. නමුත් අපේ රටේ හිරු නැගීම සහ හිරු බැසීම ඕවට වැඩිය චමත් කාරයි නේද ? (නදී)
සිය රට දේ සිරි සැප දේ.(නදී)
ගාමිණි ඔබ කියන දේ සහතික ඇත්ත.(නදී)
මොන රටක වුනත් මේ අපේ ස්වාබාවදර්මයි. එය තවත් දෙයක් හා සසදා බැලීම නොව අප එම ස්වබාවදර්මයට අයත් ජීවින් ලෙස එය රස විදීම කළ යුතුයි. (නදී)
ඕනෙම දෙයක දැකුම් කලු බව බලන්නන්ගේ රුචිකත්වය අනුව වෙනස්වේ බලා රසවිඳින්න.(නදී)
අනේ දිලිනි බොහොම ස්තුතියි තොරතුරුටිකට (අ)
ශ්‍රී ලංකාවේ සිට හිරුගේ අරුමය මාගේ කැමරා ඇසින්..(අ)
අපේ රටේ දර්ශන වගේ ලස්සන දර්ශන ලෝකේ කොහෙවත් නැහැ.(දිල්)
මෙවැනි සංසිද්ධීන් පොදු වූ විශ්වදායාදයන්ය,එහෙත් අපේ රටතුල එම සංසිද්ධිය වඩා අලංකාරව සිදුවන්නේ නම් අපි ආඩම්බර වන අතරම එය වින්දනය කිරීම කාටත් කළ හැක.සිදුවීම කොතැන සිදුවුවත්,එය ඉදිරි පත් කරන කලා කරුවාත් සම්බන්ධ අන් අයත් අගය කරමි. ස්තුතියි! (නදී)
ලොවේ සිටින සත්ව සහ හාඛ වල පැවැත්ම සඳහා බිහි වි ඇති ස්වභාව ධර්මය පිටරැටියන්ගේ කියා වෙන් කිරිම කිසිම සාදාරණ කමක් නැහැ. එය ලොව සියළු මිනිසුන්ට රස විඳිය හැක.(නදී)
ගාමිණී කොහෙන් බැස්සත් බහින්නේ එකම හිරුනේ.(නදී)
අවසාන ඡායාරූපයේ සිටින නිවැසියන් මොනතරම් නම් දිව්‍යමය සුන්දරත්වයක් දවස පුරා විඳිනවා ඇද්ද? (නි)