ඉතාලි ජාතික තරුණියක හා සාවද්‍ය විවාහයකට එළැඹ යුරෝපයේ පුරවැසිභාවය ලබා ගැනීමට තැත් කළ ශී‍්‍ර ලංකා ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට බි්රතාන්යය ආගමන විගමන නිළධාරීන් සමත්ව තිබේ.
ලැබුණු ඔත්තුවකට අනුව කි‍්‍රයාත්මක වී ඇති ආගමන විගමන නිළධාරීන් බි්රතාන්යයේ හැරෝ ප්‍රදේශයේ විවාහ ලියාපදිංචි කාර්යාලයක සිටි මෙම යුවළගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී දෙදෙන සාවද්‍ය විවාහයක් සිදුකරන්නේයැයි තහවුරු කරගෙන ඇත.
තරුණියගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසු ඇයව මුදා හැර ඇතත් ශී්රලාංකික තරුණයා තම ගමන් බලපත් කාල සීමාව ද ඉක්මවා බි්රතාන්යයේ රැදී සිට ඇතැයි හෙළිවීම නිසාවෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට නිළධාරීන් කටයුතු කර තිබේ.
ඔහු මෙසේ ‘‘විවාහ‘‘ වන්නට පැමිණ තිබෙන්නේ යුරෝපා ජාතිකයෙකු හා විවාහ වූ පසු එම විවාහ වූ තැනැත්තාවද යුරෝපා ජාතිකයෙකු ලෙස සැළකෙන බැවින් එමගින් බි්රතාන්යය පුරවැසියෙකු ලෙස පෙනී සිටීමට බව ආගමන විගමන නිළධාරීන් පවසයි.
අත්අඩංගුවේ සිටින තරුණයාට එරෙහිව නඩු විභාගයක්ද පැවැත්වීමට නියමිත අතර වරදකරු බවට ඔප්පු වුවහොත් ඔහුව යළි ශී‍්‍ර ලංකාව බලා පිටත්කර එවනු ලැබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් එංගලන්තයේ අපේ ලාංකිකයෙක් යම්කිසි විදියකට තමන්ට රැඳීසිටීමේ බලපත්‍ර ලබාගැනීමට තැත්කළහොත් ලාංකික සිංහලයන්ම තමා පාවාදෙන්නේ.මේ එංගලන්තයේ ලාංකිකයන්ගේ සිරිතකි. ශ්‍රී ලංකාවෙන් පිටත කුහකම ලාංකිකයන් වාසය කරන්නේ එංගලන්තයේ බව මේ සිද්ධියෙන් වඩා පැහැදිලි වේ. (නි)
වැඩේ හොදයි. ආසියාවේ මිනිස්සුන්ට ගොඩක් අසාධාරනකම් සිද්ධ වෙනවා (නි)
රන්ජනී, රට ජාතිය හා වීසා අතර ඇති සම්බන්ධය මොකක්ද? (නි)
මොනවා වුණත් ඔත්තුව දුන්න කෙනා නරක කෙනෙක්. අපේ කෙනෙක් වැඩ කරලා කීයක් හරි හම්බ කරලා එවනවානෙ ලංකාවට... අනෙක් අය හැදෙන දිහා බලලා සතුටුවෙන්න පුරුදු වෙන්න (නි)
අපේ රට වල මානව හිමිකම් නැහැ කියලා කියනවා.ඒ රටේ තියෙනවද ? (නි)
මල්ලිගේ සල්ලි ඔක්කොම වතුරේ ගියා නේද ? (නි)
ඕක මම නම් හරියටම කරගත්තා. හැබැයි සල්ලි දීලා නෙමෙයි. නිකන්.මේ ජෝඩුව කොහේදී කසාදය ලියාපදිංචි කළත් ඉදිරියට විසා ගන්න ආගමන දෙපාර්තමේන්තුවට යන්න සිදුවෙන බව නොදැනද කසාද බැඳලා තියෙන්නේ? (නි)
අමිල කටුනායක.ඔබ ලංකාවට එරෙහි වැඩක් කියන්නේ මේක ලංකාවට විරුද්ධ වැඩක් නොවේ. ඔය වගේ බොරු කියන, වැඩ කරන හොරු ඕනෑතරම් මේ රටවල්වල ඉන්නවා. මෙයා කසාදයක් බැදගෙන වීසා හදාගෙන දෙමව්පියන්ට සළකාගෙන ඉන්න උත්සාහයක් ගන්න ඇති. (නි)
වෙන යුරෝපීය රටකින් නැවත උත්සාහ කරන්න. වරදින එකක් නැහැ. (නි)
ලංකාවේ මිනිස්සු හැම තැනම නම කනවා. හරියට ඉන්න කෙනෙක්ට වත් ඉන්න නැති වෙනවා මේ බොරුකාර මිනිස්සු නිසා.(නදී)
කසාදය ලියාපදිංචි කළහොත් කවදාවත් ඔහුව යුරෝපයෙන් පිටමන් කළ නොහැක (නි)
මේ මනුස්සය ගැන ඔත්තුව දීපු කෙනා හරි කැත වැඩක් කරලා තියෙන්නේ.(නදී)
ප්‍රශ්න පත්‍රය වරද්දාගෙන වගෙයි (නි)
මා අසා ඇති විදියට නම් යුරෝපයේ පුරවැසියෙකු හා විවාහ වූ පමණින්, එම තැනැත්තාට පුරවැසිකම එදා සිට ලැබෙන්නේ නැත. ඔවුන් දෙදෙනා අවුරුදු දෙකක කාලයක් එකට ජීවත් විය යුතුයි. එතෙක් එම තැනැත්තා හට ලැබෙන්නේ තාවකාලික වීසා බලපත්‍රයක් පමණි. එම අවුරුදු දෙක තුල ආගමන විගමන නිලධාරීන් ඒ දෙදෙනා එකට ජීවත් වනවාදැයි සොයා බැලීමට ඔවුන් ජීවත් වන නිවසට කඩා පනිනු ඇත. එම කඩා පනින වෙලාව සමහර විට මහා රෑ විය හැකිය. නැතිනම් පාන්දර ජාමේ විය හැකිය. කඩා පනින අවස්ථා ගණනද දන්නේ එම නිලධාරීන් පමණි. එම කර්තව්‍යයත් හිතනා තරම් ලේසි නැත. කෙසේ හෝ , අපේ මේ ශ්‍රී ලාංකිකයාට සිදු වූ දෙය ගැන නම් ,මම අවංකවම කණගාටු වෙමි. (නි)
කොල්ලා මොළකාරයා.පොඩ්ඩක් ගැස්සිලා වැඩේ.. (නි)
මෙන්ඩිස් ඔයා හරි, ඔහු කළ දේ වැරදි වුණත්,ඔත්තුව දුන් කෙනා ඔහුගේ ළගම හිතවතෙක් වෙන්න ඕනෑ. එංගලන්තයේ විසා අවසන් වී නමුත් වෙනත් ප්‍රශ්න නිසා හැංගී රැකියා කරන බොහොමයක් දෙනා මෙහෙ අනන්තවත් ඉන්නවා. (නි)
ඔත්තුව දුන්නෙත් ඉතින් අපේ ලංකාවේම එක් කෙනෙක් වෙන්න ඇති. (ස)
රන්ජනී ආස නැද්ද මාව කසාද බැඳලා ස්වාසිලන්තයේ පුරවැසි භාවය ලබා ගන්න ? (ස)
ජනක හරියටම හරි. අම්ම කෙසේ වෙතත් එකට බෝතල් හිස් කරන, රූම් එකේ බුවලගෙන් වසන් කරන්න. (ස)
රන්ජනී, මෙහෙ එවන් විසා ගන්න රට ජාතිය හමුදාව ඔක්කොම පවා දෙනවා. ඒත් ඒ කොල්ල විසා ගන්න දෙන්නේ සල්ලි විතරයි . පව් කොල්ල. (ස)
මට ආපායේ කතාව මතක් උනා . යම රජ්ජුරුවන්ගේ යහළුවෙක් ආවලු අපායට.යාලු ෆිට් එකට කිව්වලු කැමති දඩුවමක් තොර ගන්න කියලා .දැන් මෑන් යනවලු රවුමක් අපායේ .දකිනවලු ලෝදිය පොවනවා. ශරීරය දෙකට මැදින් කියත් වලින් ඉරනවා. කටු ඉඹුලේ නග්ගනවා. හැම තැනම ෆුල් ආරක්ෂාව මොකද පැනලා යයි කියලා අපායෙන් .එක තැනක කට්ටියක් ලෝ දිය බිබී වලක බැහැල ඉන්නවලු. නමුත් කිසිම ආරක්ෂාවට කෙනෙක් නැහැලු. යමපල්ලගෙන් අහව්වලු හැම තැනම යමපල්ලෝ ආරක්ෂාවට ඉන්නවා මොකද ඒ වල ලග කවුරුවත් නැත්තේ කියලා. ආ ඒ වලේ ඉන්නේ සිංහල සෙට් එක්කක් ඒ ගොල්ලෝ ඔය වලෙන් කවුරුහරි උඩට එන්න හැදුවොත් වලේ ඉන්න කෙනෙක් කකුලෙන් ඇඳලා වලටම දානවා. ඒක නිසා ඒ වලට ආරක්ෂාව නැහැ කියලා.ඒ ගොල්ලෝ හැමදාම ඔය වලේම තමයි කියලා. (ස)
මැන්දිස් මහතා, ඔබ හරි. ඔත්තුව දෙන්න ඇත්තේ අපේම කෙනෙක් වෙන්න ඇති (නි)
අනේ කවුරු මොනා කිව්වත් ඒ දෙන්නට වෙන් වෙන්න වෙච්ච එක නම් දුකයි. (ස)
මෙතන කිසි අවිශ්වාසයක් නැහැ. කාගේ හරි ඊර්ෂ්‍යාවට දීපු ඔත්තුවක්. (නි)
මේ වගේ හොර බොරු කරලා, රට ජාතිය විතරක් නොවෙයි තමන්ගේ ආත්මයත් පාවලා දීලා, තමන්ගේ අම්මා තාත්තාවත් පාවලා දීලා පිටරටක පුරවැසිකමක් ලබා ඇති පලේ කුමක්ද? (නි)
දුක තමා රන්ජනී. විසා හදා ගන්න කරපු දේ මාට්ටු උනා. (ස)
එංගලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ.. අපෙ කට්ටිය හොරෙන් බඳින්නෑ.. ♫ (ස)
හොර වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා.රට, ජාතිය පාවා දෙනවා මදිවට ආදරෙත් පාවා දෙන අයට ඔහොම වෙලා මදි. (ස)
ඔත්තුව කොහොම උනත් ලංකාවට එරෙහි වැඩක්. (ස)
මේ වගේ වැඩ කරද්දී අම්මටවත් නොකියා කරන්ඩ ඕන. (ස)
මෙන්ඩිස් හරි. (ස)
අපෝ මෙහෙත් හරියට චීන පොඩි කෙල්ලෝ වයසක සුද්දෝ සමග විවාහ වෙලා කාලයක් ඉඳලා පුරවැසි භාවය ගත්තට පස්සේ අත හැරලා දානවා. (ස)