හඳුන්කූරෙන් විසිතුරු සිතුවම් මවනා අපූරු සිත්තරෙකු ගැන දකුණු කොරියාවෙන් වාර්තා වේ.
ජිහ්යුන් පාර්ක් නම් වන මොහුගේ විනෝදාංශය දල්වනු ලැබූ හදුන්කූරකින් කඩදාසි කොළයක් තැන් තැන්හි පුළුස්සමින් එයින් සිත්තම් මතුකර ගැනීමයි.
ඉතාම සංයමයෙන් යුතුව හඳුන්කූර කොළය මත මෙහෙයවන ජිහ්යුන්හට සිත්තමක එක් කොටසක් මතුකර ගැනීමට දිගු වේලාවක් ගතවේ.නමුත් ඔහු එසේයැයි කියා කලබල වන්නේ නැත.පටන් ගත් වේලාවේ තිබෙන සංයමය සිත්තම අවසන් වන වේලාව දක්වාම එලෙසම පවත්වා ගැනීමට ජිහ්යුන්ට හැකිය.
තමන් මෙයට යොමුවූයේ ගලිවර්ගේ චාරිකා වැනි පොත්පත් කියවීමෙන් බව ඔහු කියයි.
හඳුන්කූරු දැල්ලෙන් ඔහු කර ඇති සිතුවම් අතර ස්වභාවධර්මයාගේ අපූරු නිර්මානයන් මෙන්ම ඔහුගේම සිතේ මැවුනු අපූරු සංකල්පයන්ද ඇත.
‘මම මේවා කරන්නේ බොහොම කැමැත්තෙන්.හඳුන්කූරු දැල්ලෙන් එන සුවදත්,ඉවසීමෙන් මා තබන සටහනුත් මගේ මනස සුවපත් කරනවා.’ ජිහ්යුන් පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හරිම ලස්සන උනත් මේ දරුවාගේ ආයුෂ ප්රශ්නයක් වේවිද? මට එහෙම හිතුනෙ අන්තිම රූපය බලපුවාම. දීර්ඝායූ වේවා! (නදී)
විශිෂ්ඨයි. (නදී)
නියමයි හරිම ලස්සනයි (නදී)
කලා කරුවෙකුගේ සිතක නැගෙන සිතිවිලි කොතරම් සුන්දරද? එයත් හරියට භාවනාවක් වගෙයි! (නදී)
හරිම විශිෂ්ටයි!!! මොහුගේ හිත ඉතාම සාමකාමී විය යුතයි (බ)