ආහාර අනුභවය අතින් හොදම රට බවට නෙදර්ලන්තය පත්ව ඇතැයි සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ලොව ආහාර අනුභවයට ගැනීමට නරකම රට ලෙස චැඩ් රාජ්‍යය ද පත්ව ඇත.
මෙම සමීක්ෂණයට අනුව එක්සත් රාජධානිය 13 වැනි ස්ථානයටත් ඇමෙරිකාව 21 වැනි ස්ථානයටත් පත්ව ඇත. පෝෂ්‍යදායී අගයන් හා ආහාර සුලබ තාව යන කරුණු පදනම් කැර ගනිමින් මේ සමීක්ෂණය සිදුකැර තිබේ. වාර්තාව සැකසීම සදහා රටවල් 125ක ආහාර පරිභෝජනය සම්බන්ධයෙන් සමීක්ෂණ සිදුකළ බව සමීක්ෂකයෝ කියති. එහිදී මිනිසුන්ට ප්‍රමාණවත් තරම් ආහාර තිබේ ද , ආහාර මිල දරාගත හැකි ද , හොද ආහාර තිබේ ද , ආහාර වලින් සෑදෙන ලෙඩ රෝගවල තත්ත්වය යන නිර්ණායකයන් සම්බන්ධයෙන් පර්යේෂකයන් තම අවධානය යොමු කැර ඇත. ඒ අනුව නෙදර්ලන්තය ආහාර පරිභෝජනයට ගැනීමට හොදම ස්ථානය ලෙසත් ප්‍රංශය සහ ස්විට්සර්ලන්තය පිළිවෙලින් දෙවැනි හා තුන්වැනි ස්ථාන වලටත් පත්ව ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෑම විතරක්යැ ඇයි බීම? හෙයිනිකන් හදන්නේ නෙදර්ලන්තයේ නේ .(නදී)
ගමගේ මේකාලේ මොන ගමේද වස විස නැති හාල් එළවලු තියෙන්නේ ? (අ)
ඉල්ලන් කෑමෙන් ලංකාව පළමු තැනට එයි.(නදී)
මඩකරි මාලු හොදියි, පොලොස් සම්බෝලෙයි, ගොටු කොළ සම්බෝලෙත් එක්ක බක් ඩිංගක් එකට අනාගෙන කනවා තරම් රස කැමක් මේ ලෝකේ නැහැ.(නදී)
ලංකාව 91 වෙනි තැන. (නදී)
වස විස නැතුව අපේ ගම්වල හදන හාල් ටිකකුයි එළවළු ටිකකිනුයි ලැබෙන ගුණය මේ ලෝකෙ මොනම රටකින්වත් ලැබේවිද? (නදී)
ඉල්ලන් කන (පරිප්පු ඇතුළු) කෑම අතින් පළමු තැන ලැබෙන්නේ ලංකාවට.(නදී)
පිටකොටුවේ ස්ටේෂන් එක ලග තියෙන කඩේකින් කොත්තු රොටියක් කාල බලන්න කෝ ...ලංකාව නොම්මර 1 . (නදී)
මමත් ඉන්නේ නෙදෙර්ලන්තේ තමා,සතියකට 2-3 වරක් පොල් රොටියක්,සම්බෝල ටිකක් ,පරිප්පුවක් එක්ක බත් ටිකක් කෑවේ නැතිනම් ඇගට ටිකක් ෆිට් මදි වගේ,මෙහෙ තියන චීස්,කිරි වර්ග,එළවලු මස්වර්ග මෙහි විශේෂිත ආහාර වෙයි...(අ)
ඔය සමීක්ෂණය කළ සංවිධානය මොකක්ද ? (නි)
ලංකාවට තැනක් හිමි වෙලා නැද්ද (දී)
අපේ අය ගොඩක් වෙලාවට අපේ රට බාල්දු කරලා කතාරනවා. ඒ අය පිටරටවල සැබෑ තත්වය දන්නේ නැහැ.(නදී)
මම ජීවත්වන්නේ ස්විට්සර්ලන්තයේ. නිවාඩුවට ලංකාවට ආපුවම අම්මාගෙන් කන මයියොක්කා බලමාලු සහා පොල්සම්බල් තරම් රස සහා ගුනය මෙහි නැත.(නදී)
ගුනවර්දන මහත්මයාගේ කතාව නම් ඇත්ත. කොච්චර හොඳ කැම උනත් අපේ රටේ බත් ටිකක් කනවා තරම් නැහැ.(නදී)
ගුණවර්ධන මහතානනි ශබ නිවරදියි.(නදී)
කල් පැනගිය නරක්වූ ආහාර කන කෑම අතින් සහ අපිරිසිදු වතුර බොන රටවලින් ලංකාව පලවෙනි තැනට එනවා.(නදී)
ඇත්ත තමයි කතාව මේ රට කෑම, බිම අතින් පෝෂ්‍ය රටක් මමත් ඉතින් දැන් අවුරුදු 31 ජිවත් වන්නේ නෙදර්ලන්තයේ නිසා ඒ බව දන්නවා. නමුත් අපේ ලංකාවේ කැකුළු බත් ටිකට පොල් සම්බෝලයක් සමග තේම්පරාදු කරපු පරිප්පු ටිකයි හින්දල උයපු බල මාළු කෑල්ලයි එකට අනල කනකොට තිබෙන ඒ රස කොච්චරද . (නදී)
වැරදියි වැරදියි, ජරාව වැඩියෙන්ම කන රට ලංකාවෙ වෙන්න එපාද,අම්මපා ලංකාව නැතිව මොන සමීක්ෂණද අප්පා.... (දී)
ලංකාව 125ට වත් අරන් නැද්ද (දී)