ක්ලෝඩියෝගේ හිස ඇත්තේ උඩ යට මාරුවී සිරුරේ පිටුපසට හැරී ඇති අයුරිනි. අත් පා ඉතා කුඩාය.සෙලවීම අපහසුය.සිරුරද කුඩා දරුවෙකුගේ මෙන්ය. අත් පා හා හිස සිරුරට ඇලී ඇත.
සාමාන්‍ය මිනිසෙකු මෙසේ පෙනුමින් යුක්තවී නම් ඔහු ජීවිතය ගැන සියලූ බලාපොරොත්තු අත්හැර ගනු ඇත. නමුත් ක්ලෝඩියෝ එවැන්නෙකු නොවේ.
ආර්ථීක විද්‍යා උපාධිධාරියෙකු වන හෙතෙම සැලකිය යුතු වැටුපකට හිමිකම් කියන්නේය. තම නිදහස් කාලය ඔහු ගතකරන්නේ අනෙක් අයට ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් දේශන පවත්වමිනි.
‘‘උපත ලැබුවහම ඔක්කොම අය මගේ අම්මට කියලා තිබුණේ මට කන්න දෙන්නේ නැතුව තියන්න කියලා.‘‘ ක්ලෝඩියෝ තම අතීතය සිහිපත් කරන්නේය.
නමුත් ඔහුගේ මව වන මාරියා ජොසේ වෙයිරා ඒ කිසිවකට කන් නුදුන්නාය. හැකි සේ දරුවා හදා වඩා ගැනීමට ඉටා ගත්තාය.
‘‘මුල් කාලයේ අමාරු වුණා තමයි. නමුත් පස්සේ ඔක්කොම හරි ගියා. දැන් මගේ පුතා ඉන්න තැන බලන්න. මට හරිම ආඩම්බරයි ඔහු ගැන‘‘ ඇය කියන්නීය.
ක්ලෝඩියෝ ලියන්නේ තම මුඛයේ සිරකරගන්නා පෑනකිනි. ඔහුට පරිගණකය, ජංගම දුරකථනය පවා භාවිතා කිරීමට හැකිය. ඇතැම් අවස්ථාවලදී තම පවුලේ සාමාජිකයින් සමග ඔහු ඇවිදීමටද යන්නේය.
මුලින් පාසල් නොයැවීමට සිතා සිටියද ක්ලෝඩියෝගේ ඇවිටිලි නිසා අවසානයේ ඔහු පාසැල් යැවීමට මාරියා කටයුතු කර තිබෙන්නීය. ගුරුවරුන්ගේ සිත් දිනාගෙන පැමිණි ගමන ක්ලෝඩියෝ අවසන් කර ඇත්තේ විශ්වවිද්‍යාලයටද ඇතුළුවී ආර්ථීක විද්‍යා උපාධියක්ද හිමිකර ගැනීමෙන් පසුවය.
වෙන අය තමන්ට කිසිදා ලබා ගත නොහැකියැයි කියූ සියලූදේ හිමිකරගෙන තමන් දැන් ගත කරන්නේ සැපවත් දිවියක් යැයි ක්ලෝඩියෝ පවසයි.
‘‘මම වෙනස් තමයි. ඒත් මම ඒක මගේ ගමනට බාධාවක් කරගත්තේ නැහැ. දැන් මම කොහෙත්ම මම අනෙක් පුද්ගලයින්ට වඩා වෙනස් කෙනෙක් විදිහට දකින්නේ නැහැ. මමත් සාමාන්‍ය කෙනෙක්‘‘ඔහු තමන් ගැනම උපන් අභිමානයෙන් කියයි.
ක්ලෝඩියෝගේ මෙම තත්ත්වය අස්ථී නිසි පරිදි වර්ධනය නොවීම නිසා හටගෙන ඇති විකෘතිතාවයක් ලෙස වෛද්‍යවරු හදුන්වයි. වෛද්‍ය විද්‍යාවේ මෙම තත්ත්වය හදුන්වනු ලබන්නේ ‘‘ආර්ත්රෝග්රයිපොසිස් ‘‘ලෙසය.
අත පය සතර හොදින් ඇතද අනුනට අත පාන,දුක් කම්කොටලූ මැද තැවි තැවී සිටිනවා විනා නැගිට ඉදිරියට යෑමට වෙර නොදරන අය හට දුක් කරදර මැද ජීවිතය ජයගෙන ඇති ක්ලෝඩියෝ කදිම ආදර්ශයකි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජෙක් වුවද මෙවන් ජීවිතයක් කුමටද දෙවියනේ! (නි)
මෙම පුද්ගලයාගේ ධනාත්මක චින්තනය අපිට යම් පාඩමක් කියාදෙනවා. (නි)
වැරදි චේතනාවකින් අහනවා නෙමෙයි. ඇත්තටම විකෘතිතා සහිත දරු ගැබක් විනාශ නොකර මෙවැනි සංකූලතා සහිත දරුවන් බිහිවෙන එක හොඳයිද? නැත්නම් එසේ ඉපදෙන්න ඉන්න දරුවාගේ යහපත පිණිස ඒ ගැබ විනාශ කිරීම පාපයක්ද?? මට තේරෙන්නේ නැහැ. (නි)
ඔහුගේ ජීවිතයෙන් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. ආබාධිත පුද්ගලයන් වුවත් ඔවුන්ද ජීවත්විය යුතුය. (නි)
රජින්ද, ජීවිතයක් විනාශ කිරීම දරුණු අකුසලයක්. ගැබක් වුණත් ජීවිතයක්මයි. මැරෙන මොහොතේ මතක් වුණොත් නිරයටම අද වැටෙනවා. (නි)
මෙය බොහෝ වැදගත් ලිපියකි. තම සිරුරේ අඩුපාඩුවක් නිසා මුළු ජිවිතයම අකර්මන්‍ය කරගන්නා අයට මොහු ආදර්ශයට ගන්න පුළුවන්. (නි)
රජින්ද, මට තේරෙන හැටියට නම් ඒක අනිවාර්යයෙන්ම පාපයක්. මෙවැනි අයට තියෙන්නේ සුගති අහේතුක භවයක්. ඕනෑම කෙනෙක් තම ජීවිතයට ආසයි. විඥානය කළලයකට බැසගත් වහාම එම සත්වයා තුළ අභිනව භාවයට ආශා කරන සිත් පහළ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔබ මේ විනාශ කළාට කමක් නැද්ද කියා අහන්නේ ජීවත්වෙන්න ආශාවෙන් උත්සාහ කරන සත්වයෙකුයි. (නි)
මම මේ අම්මාට හිස නමා ආචාර කරනවා. අපේ රටේ ඇතැම් අම්මලා දරුවා ගේ ඇතුළේ මුත්‍රා කරනවා කියලා බෙල්ල මිරිකලා මරා දානවා. හැබැයි අපි අපේ රටේ අම්මලාගේ මව් ගුණය ලෝකයේ හැම රටටම වැඩිය උතුම් කියලත් පම්පෝරි ගහනවා. (නි)
අනේ මම දන්නේ නැහැ මේකට මොනවා ලියන්නද කියලා. වෙලාවකට හිතනවා මොන ජීවිතයක්ද මේක කියලා. එක අතකින් බලාගෙන ගියාම අර ශරීරය හොඳටම තියාගෙන හිඟාකන අයයි වැඩක් නොකර රස්තියාදු ගහන අයයි දිහා බැලුවම මේ වගේ අය මොනතරම් වටිනවද කියලා හිතෙනවා. දෙවියනේ, මොහුට හොඳක්ම වේවා! (නි)
සමාජයට කදිම ආදර්ශයක් (නදී)
මගේ අදහස නම් ඔහු ධනාත්මකව හිතනවා. නිරෝගී සමහරුන්ට මොකුත් කරගන්න නොහැකිව ඉන්නවා (නි)
හේතුඵල/ කර්මඵල අදහනවා නම් හේතුව නැති කිරීමට උත්සාහවත් වියයුතු බවම කියා දෙන හොඳම උදාහරණයකි. (නි)