ගොදුර මෙන්ම දඩයම්කරුවාද මරණය තෙක් සටනක නියැලෙනු සැම්බියාවේ දකුණු ලූගන්වා වනෝද්‍යානයේ සංචාරයක යෙදෙමින් සිටි මැට් ආර්ම්ස්ට්‍රෝන්ගේ කැමරාවේ සටහන් විය.
දිය වළක් අසළ රැකගෙන සිටි සිංහයකු හා දිය බීමට පැමිණි කුළු මීමෙකු අතර ඇතිවූ මේ සටන පුරා පැයක් පමණ පැවත තිබේ.
සත්ත්වයන් දෙදෙනා විනාඩි 10 ක් පමණ සටන් කර විනාඩි 5 ක් පමණ විවේකයෙන් සිට නැවත විනාඩි 10 ක් පමණ සටන් කිරීම සිදුකළ බව මැට් කියයි.
සටන අවසානවී තිබෙන්නේ ඒ වන විට දිය වළ අසලට පැමිණ සිටි කුළු හරකාගේ රංචුවේ සාමාජිකයෙකු පැමිණ සිංහයාට පහරක් එල්ල කර තම සගයා බේරා ගත් පසුවය.
දෙදෙනාම ඒ වන විට හොඳ හැටි තුවාළ ලබා ලේ පෙරමින් උන්හ.
දින දෙකකට පසුව සිංහයා මියගොස් සිටිනුත් කුළු මීමා තුවාළ නිසා වූ ආසාදනයකට ලක්ව මරණයට පත්ව සිටිනුත් දැකගත හැකිව ඇත.
සිංහයින් සාමාන්‍යයෙන් තනි කුළු මීමෙකුට වුවද පහර දෙන්නේ රංචුවක් වශයෙනි.වනයේ රජා වුවත් කුළු මීමාට නම් සිංහයාද බියය.
නමුත් මෙම සිංහයා තනිව කුළු මීමෙකු යටත් කර ගැනීමට උත්සාහ කරන්නට ඇත්තේ කුසගින්න නිසා වන්නට හැකියැයි මැට් පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහයින් වනයේ රජා උවත් කුළු මීමාට නම් සිංහයාද බියය. (නදි)
එස් එෆ් සහ යු එන් පි වගේ (ස)
මොන දේ වුණත් සිංහයත් පවු! (නි)
ලොකුකම හන්ද වෙච්ච කරදරයක් (නදී)
කුමාර ඔයා හරි. සිංහයා ජීවත් වෙලා කුලුමීමා මරුන නම් මේ ෆොටෝ ටික වත් අපිට දකින්න වෙන්නේ නෑ. එක සාමාන්‍ය දෙයක් වෙනවා. මේ ලෝකේ අපි නොහිතෙන දේවල් සහ නොහිතන විදිහට දේවල් වෙනස් වෙනවා කියල අපි තේරුම් ගත්තොත් නේද හොඳ. (අ)
තමන්ගේ තරම දැනගන්න ඕනේ. හදිස්සිය තිබුනට ඉස්සහට දාන්න හොඳ නැහැ (නදී)
අපේ ලංකාවේ මිනිස්සුන්ට දේශපාලනයෙන් තොර දෙයක් නෑ මෙතන දාල තියෙන අදහස් දැක්කම (අ)
මෙතන කතාවක් නිර්මාණය වුණේ සිංහයා මැරුණු නිසා නේද? කැලෑ නිතිය තවමත් ක්‍රියාත්මකයි. ශක්තිවන්තයා ජයගනී (නි)
දුක හිතෙනවා සිංහයාගේ අසරණබව දැක්කහම. (නි)
සිංහයෝ මැරෙන්න බය නැහැ කියලා පේනවා නේද? (නි)
ඉල පනිනවා මේ දාල තියෙන ප්‍රතිචාර දිහා බැලුවම. (අ)
පහුගිය දවස්වල ලංකාවේ සිංහයෙකුත් මුව පොව්වෙකුට පැරදුනේ (නදී)
මහේෂ්, ඔයා සිංහයෙක්ද, එහෙමද හිතන් ඉන්නේ ? (නදී)
සංසාරේ කෙතරම්ම් බිය කරුද (නදී)
කොයි සතාද මරණයට බිය නැත්තේ.(හේ)
අපේ ගමෙත් ඉන්නවා මේ වගේ ලොකු හරක්. ලනුවක්වත් නැතුව ඇරලා ඉන්නේ. ඇන්නොත් එහෙම ඉවරම තමයි (නි)
මේක තමයි සොබාදහම කියන්නේ (නි)
ඉතාම විශිෂ්ට ඡායාරූප! (නි)
ජීවකගේ කටේ මසුරන් දාන්න ඕනා. (නදී)
මෙලොව සිටින සියලුම දෙනාට මරණය උරුමය වේ. එය ලෝක ස්වභාවයයි. (ර)
සීතාවක රාජසිංහ රජතුමා කුලු හරකෙක් අං දෙකෙන් අල්ලලා විසි කලා කියලා මම අහලා තියෙනවා (නදී)
පව් මේ සත්තු දෙන්නම පව්. එක්කෙනෙක් කුසගින්න නිසා මිය ගිහින් අනිකා ජීවිතය මරණයෙන් රැක ගන්න ගිහින් මිය ගිහින්. කුසගිනි උවත් සිංහයෝ තණකොළ කත්ද? (අ)
අපිටත් මෙහෙම වෙයිද දන්නේ නැහැ (නදී)
ජයවේවා, ජයවේවා,(දිල්)
මී හරක්ට කව්රුත් බයයි ...දැන් ඔය දියවන්නාවේ ඉන්න රොත්තට රටේ නීතියම බයවෙලා ඉන්නේ. (බ)
නීයමයි, මැරුණත් කුලුමීම නියම වීරයෙක් වගේ මැරිලා තියෙන්නේ (බ)
ඔය වගේ සිද්ධි සමාන්‍ය දෙයක්.(හේ)