අත්හැර දැමුණු සොහොන් බිමක තනා ඇති අවන්හලක් ගැන වාර්තා වන්නේ ඉන්දියාවේ අහමදාබාද් නගරයෙනි.
‘නව ලකී අවන්හල‘ නම් වන මෙහි හිමිකරු වන ක්‍රිෂ්ණන් කුට්ටි අවහන්හල ඉදිකිරීමේදී හමුවූ සොහොන් ඉවත් කිරීමට උත්සාහ කර නොමැති අතර ඒ වෙනුවට ඒවා අලංකරණය පිණිස අවන්හලට එක් කරගෙන ඇත.
අවන්හලේ තැන් තැන්හි පොළොවෙන් ඉහළට නැගුණු සොහොන් දැකිය හැකි අතර ඒවා යකඩ වැට වලින් ආවරණය කර තිබේ.පාරිභෝගිකයින්ට අසුන් පනවා ඇත්තේද ඒවා ආසන්නයේමය.
කි්රෂ්ණන් පවසන ආකාරයට නම් මළවුන් සමග සිට ආහාර ගැනීම ඔහු කරා පැමිණෙන පාරිභෝගිකයින්ට නම් ගණනක් නැත.තම අවන්හල ගැන අසා දැන ගෙන එය සොයා පැමිණෙන්නන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවනවා මිස අඩුවීමක් නම් දැකගත නොහැකි යැයි ඔහු කියයි.
දිනපතාම අවන්හල විවෘත කිරීමට ප්‍රථමයෙන් එහි සේවකයින් සොහොන් සෝදා පිරිසිදු කර පෙර දිනයේ ඒවා මත තැබි මල් ඉවත් කර අලූත් මලින් ඒවා වසා දැමිීම සිදුකරයි.ජීවත්වන්නවුන්ට මෙන්ම මළවුන්ටද යහපතද සැළසීම තම අපේක්ෂාව බැවින් මෙසේ ඔවුනටද ගරු බුහුමන් දැක්වීමට තමන් කටයුතු කරන බව ක්‍රිෂ්ණන් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ කට්ටියට අමු සොහොන් ගැන වගක් නැහැ.කන්න තියෙනවා නම් ඕනෑම තැනක ඉදගෙන කයි. (නි)
ඔය රටේ අයට ඒ වගේ දේවල් සුලු දේවල්. සොහොනක් නොවෙයි වැසිකිලියක් වුණත් කමක් නැහැ. ඒ වගේම තමයි ලෝක වාර්තාවක් තියන්න ඕනෑම දෙයක් කරයි. (නි)
මේක මිත්‍යා විශ්වාස, කපුවෝ,කට්ටඩි පසුපස යන ලංකාවේ මිනිසුන්ට හොඳ ආදර්ශයක්. (නි)
මිහිපිට මිනිසුන් නොමළ තැනක් නැහැ.ඒකනිසා මෙය පුදුමයක් නෙමෙයි. (දී)
මොනවා උනත් තමුන්ට වගේම මලවුන්ටටත් එයින් යහපතක් වෙනවනම් හොදේ (අ)
එතකොට පිලී ,බැදුම් ආහාර වලට අමනුෂ්‍ය බෑල්ම නැද්ද? මොකක් හරි ආරක්ෂාවක් දාලා වගේ. (නි)