තම නිවෙස් ඉදිරියේ අනවසරයෙන් නවතා තබන වාහනවලට දඩුවම් දීමට එංගලන්තයේ බර්මින්හැම් නුවර, එග්බැස්ටොන්හි වීදියක නිවැසියෝ අපූරු උපායක් අනුගමනය කරති.
ඔවුන් දවස පුරාම නිවසේ ගේට්වුව අවහිර කර තබන වාහනවල බොනට්ටුවේ ‘මෝඩයා’ යනුවෙන් සෝස් වලින් ලියයි. ප්‍රදේශයේ බලධාරීන්ට කොපමණ පැමිණිලි කරත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගන්නා තැන ඔවුන් විසින්ම නිපදවා ගන්නා ලද මෙම නීතිය අනුගමය කරන බව සඳහන් වේ.
විශ්ව විද්‍යාලය, එළිසබෙත් රැජිනගේ රෝහල, කි‍්‍රකට් කී‍්‍රඩාංගණය ආදී පොදු ස්ථාන රාශියක් පිහිටා ඇති බර්මින්හැම් නුවර මිලක් නොගෙවා වාහනය නැවතීමට ඇති එකම වීදිය මෙයයි.
නිවැසියන්ට පමණක් නොව නිවෙස්වල කුණු එකතු කරන ලොරි වලට, එරට රජයේ රාජකාරීවලට පවා මෙයින් බාධා පැමිණෙන බව බලධාරීහු පැවසූහ. කෙසේ වෙත් මේ පිළිබඳ අවධානය යොමු කිරීමට ඔවුන් කටයුතු කරන බවද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ක්‍රමයක්. (ත)
ඔය වගේ එකක් නම් මෙහෙත් හෙටම පටන් ගනීවි.(නදී)
දෙයියෝ සාක්කි (දී)
එංගලන්තයේත් ජනතාව නිතිය අතට ගෙන කරන වැඩ පේනවා නේද.(නදී)
බලධාරීන්ට කොපමණ පැමිණිලි කරත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගනී. (දිල්)
බලධාරීන්ට කොපමණ පැමිණිලි කරත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගනී. ලංකාවේ වගේ තමයි.(නදී)
ලංකාවේ පටන් ගනීවි කිව්වට සෝස් වල මිල ගණන් වල හැටියට පාවිච්චි කරන්න වෙන්නේනෑ(දිල්)