නින්ද සම්බන්ධ සියළු තොරතුරු සටහන් වන අධි සංවේදන උපකරණයක් නිපදවා ඇත. මෙමගින් යමකු නින්දේ යෙදී සිටින කාලය, නින්ද ගියා ද නැද්ද යන වග මෙන් ම නින්දේදී ගෙරවීම හා ඈතින් ඇසෙන ශබ්ද පවා සටහන් කැර ගනී.
රාත්‍රී කාලයේ හරිහැටි නින්ද ලැබුවේ ද යන්න පිළිබඳ මේ යන්ත්‍රය වඩාත් නිවැරදි දත්ත ලබා දෙයි. අසල්වැසියාගේ සුරතල් බල්ලාගේ බිරුම් ශබ්දය, බුරන ලද වේලාව. වරින් වර නිදන කාමරයේ ආලෝකය වෙනස් වූ ආකාරය ආදී සියල්ල එහි සටහන් වන බව නිෂ්පාදකයෝ කියති.
මේ සංවේදක උපකරණය මගින් නින්ද පිළිබඳ ලකුණු මට්ටමක් සෑම රාත්‍රියක ම ලබා දෙයි. වෛද්‍යවරු පවසන්නේ සාමාන්‍යයෙන් මිනිසා තම ජීවිතයෙන් තුනෙන් එකක් නින්ද වෙනුවෙන් වැයකරන බවයි. ඉතිරිය වැය වන්නේ ද අප නින්ද වෙනුවෙන් කාලය වැය කළ ආකාරය අනුවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය එතරම් ශ්‍රේෂ්ඨ නිෂ්පාදනයක් කියලා කියන්න බැහැ.නින්දෙන් ඇවිදීම,සිහිනෙන් බයවීම,සිහිනෙන් කතාකිරීම,දකින සිහින වීඩියෝවක් මඟින් නැරඹීමට හැකියාව... මෙවැනි දේ අන්තර්ගත සංවේදන උපකරණයක් නිෂ්පාදනය කළොත් තමයි දක්ෂකම (නි)
මේ උපකරණයට කියන්නේ " ඇක්ටිවිටි ට්‍රැකර්" කියල මේකෙන් ශරීරයේ හෘද ස්පන්දනය, කැලරි දහනය, නින්ද සහ තවත් ශරීර යෝග්‍යතාවය පවත්වා ගැනීමට අවශ්‍ය තොරතුරු රැසක් එක් රැස් කර එම තොරතුරු ජංගම දුරකතනයේ තැන්පත් කරනවා. මෙය වැඩි වශයෙන් පලදින්නේ ශරීර යෝග්‍යතාව ඉතා හොදින් පවත්වා ගැනීමට උත්සහ දරන පුද්ගලයන්. (ක්‍රීඩකයන්, වයස්ගත පුද්ගලයන් සහ විවිද ශාරීරික සහ මානසික අාබාධයන්ට ප්‍රතිකාර ලබන අය) නමුත් මෙය නිරෝගී පුද්ගලයන් පවා ඉතා බහුල ලෙස පළදිනවා. (නදී)
අමිල ඔයාට පින් මේ ගැන දැනුවත් කරාට නරකද ඕක අපේ හැම රජයේ කාර්යාලයකම සවිකරොත් කට්ටියගෙම කෙරුවාව එතකොට බලා ගන්න පුළුවන් ! (අ)