සත්ත්ව සංරක්ෂණය උදෙසා යැයි කියමින් සිංහයින්,රයිනොසිරයන්,සීබ්‍රාවන් වැනි සතුන් මරා දමන බව කියන 19 හැවිරිදි ඇමරිකා තරුණියක මුල් කරගෙන ලොව පුරා සත්ත්ව ලෝලයන් අතර මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ.
කෙන්ඩල් ජෝන්ස් නම් වන මේ තරුණිය ඇමරිකාවේ ටෙක්සාස් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන්නියකි. ඇයටම වෙන්වූ ෆේස්බුක් පිටුවක්ද තිබෙන අතර එය පිරී ඇත්තේ ඇය දඩයම් කළ බව කියන සතුන්ගේ ඡායාරූප වලිනි.
බිම ඇද වැටී සිටිනා සිංහයින්,රයිනෝසිරයින් වැනි සතුන්ගේ සිරුරු මත පා තබාගෙන ආඩම්බරයෙන් බලා සිටින කෙන්ඩල්ගේ ඡායාරූපයන් අන්තර්ජාලය පුරාමත් ප්‍රචාරය කර හැරීමට දැනටමත් ඇතැමුන් කටයුතු කර ඇත.මෙනිසාම ප්‍රකට පුවත් වෙබ් අඩවි කිහිපයකම ඇය සම්බන්ධයෙන් වාර්තා පළවී තිබෙනුද දැකගත හැකි විය.
තමන්ට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන කෙන්ඩල් පවසන්නේ තමන් මේ කරන්නේ සේවයක් බවයි.සිංහයින් වැනි සතුන් සැළකීමේදී එම සතුන් අනුපාතය කිසියම් මට්ටමක පවත්වාගත යුතුව ඇති බවත් නොඑසේ නම් වනයේ වෙසෙන ශාක භක්ෂක සතුන්ට ජීවත්විය නොහැකි වනු ඇති බවත් ඇය කියන්නීය.
විසදුම සතුන්ගේ ගණන පාලනය කිරීම වන බවත් මෙනිසා එම පාලනයට උදවු වන දඩයම්කරුවන් යනු සැබැවින්ම සතුන්ගේ සංරක්ෂණය වෙනුවෙන් පෙනී සිටින්නන් බවත් ඇය පවසන්නීය.
ඇයගේ දැක්මට නම් වැඩි දෙනාගේ මනාපයක් පළවී නොමැති බවක් පෙනෙන්ට ඇත.දැනටමත් ඇයට එරෙහිව පෙත්සම් 2 ක් සකස් කෙරී ඇති අතර එකකට මේ වන විට අත්සන් ලක්ෂයකට වඩා එකතු වී තිබේ.
ඇයගේ ෆේස්බුක් පිටුවද අත්හිටුවන්නැයි පැමිණිලි ගලා එමින් තිබෙන බව සදහන්ය.
කෙසේනමුත් ඇයගේ දැක්ම පිළිගන්නා පුද්ගලයෝ කොටසක්ද සිටිති.ඔවුහු ඇයගේ කටයුතු අගය කරන අතරම ඇයට දිරියද පතන්නෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමාකාර කෙල්ලෙක්නේ! (නි)
නංගියේ මෙහෙ නම් තියෙනවා නියම තැන් ටිකක් (නදී)
පව්කාරියක් (නදී)
මෙයාට නීතියෙන් අවසර දීල තියෙන නිසානේ එහෙම කරන්නේ. (නදී)
ලෝක පොලිස්කාරය තමා තීරනය කරන්නේ ලෝකේ ඉන්න ඕනේ මිනිස්සු ගානයි සත්තු ගානයි. (නදී)
සන්ජය, එකනේ ලංකාවේ මෙතරම් මිනී මරන්නේ. (අ)
හේතු පල දහම විස්වාස නොකරන්නෙකුට ඕනෑම අපරාධයක් කරන්න පුළුවන්. ඒ අතින් බුදු රජාණන් වහන්සේ සරණ ගිය අය නම් බුද්ධිමත්ද? (අ)
මෙයත් ලෝකෙට වැඩි කෙනෙක්. මරල දැම්ම නම් හරි. (ස)
හිට්ලර් ලක්ෂ ගානක් මිනිසුන් මැරුවේ ලෝකයේ පිරිසිදු ජාතියක් පමණක් ජීවත්විය යුතුයි යන හේතු පාඨය ඉදිරියට දමාගෙනයි. ඒක නිසා මිනීමරු හිට්ලර්ගෙයි මේ ගැහැණියගෙයි වෙනසක් මට නම් පෙනෙන්නේ නැහැ. (නි)
ඕවා ගෙවන්න වෙනවා (දී)
ගෙදරට මරගාතේ රටට පරකාසේ , අපිට අපේ සත්තු වත්තේ සත්තුටික බෙහෙත් නැතිව මැරෙන එක බේරගන්න බැරිව ඉන්නවා . අලි පැටවූ සල්ලි කාරයන්ගේ ගෙවල්වල දිනපතා මැරි මැරී ඉපදෙනවා, ඒකට අපි නිහඬයි, යන්නේ අප්‍රිකාවේ සත්තු රකින්න (දී)
තී කොටියාම කාපිය. (දී)
අපෝ හරිම තිරිසන් ගැහැනියක්නේ (නදී)
පව්! එයා දන්නේ නැතුව ඇති කර්මය පළදෙනකොට කොහොම වෙයිද කියලා (නි)
අනේ දෙය්යනේ මරණින් පස්සේ කොයි ලොව යන්න (දී)
මේක මානසික ලෙඩක් වෙන්න ඇති බොහෝ විට,නැත්නම් මෙහෙම මිලේඡ්ච ආශාවල් ඇති වෙන්නෙ කොහොමද....... (දී)
සතුන් වගේම මිනිස්සුත් වැඩි නිසා ඒයාට පුළුවන්නේ සියදිවි නසාගන්න. (අ)
උදාර කවද්ද ටිකට් කැපුවේ? (අ)
මේවා ගැන අහන්න කවුරුත් නැද්ද? (දී)
හැබැයි ඉතින් මේ නංගිගෙ සංසාරේ කෙටි කරන්න නම් කවුරුත් නැති වෙයි..... (දී)
මෙවැනි අය ඇමෙරිකාවේ ඕනෑ තරම් ඉන්නවා.අම්මා අප්පාවත් අඳුරන්නේ නැහැ සමහරු.මෙවැනි අයට ඇස් ඉදිරියේම මේවායේ විපාක ලැබෙනවා. (නි)
අපේ ගෙවල් පැත්තේ ඉන්න ඌරන් ටික ඉවර කරලා දෙන්න බැරිද නංගී? (නි)
දැන් ඔය මරල ඉන්න අර හරකෙක් වගේ ඉන්න සතා මාංශ බක්ෂකද දන්නේ නැති හින්ද ඇහුවේ (නදී)
මෙවෙනි මානසික තත්වයෙන් පෙලෙන අය ඇමෙරිකාවේ පමණක් නොව සෑම රටකම සිටි. එකම වෙනස ඇමරිකානුවන් මෙවෙනි දේවල් ලෝකයට පෙන්වීමට පැකිලීමක් නොමැති කමයි (නදී)
ඔය වගේ ආසාවන් තිබෙන අය ලෝකයේ කොහෙත් ඉන්නවා.ජපන්නු තල්මසුන් මරණ එකට මුළු ලෝකයම විරුද්ධ වෙද්දී, නවසීලන්තයේ ඉන්න වගකිවයුතු අය කිව්වා ජපන්නු තල්මසුන් මරණ එක හොඳයි කියලා. (නි)
එතකොට නංගියේ ලෝකයේ මිනිසුන් ගණන වැඩි නැද්ද? (නි)
මේ වගේ අය ඉන්නේ ඇමරිකාවේ තමයි. තවත් කෙනෙක් මරලා මිනිය පෙන්නලා හිනාවෙන්න පුළුවන් මානසිකත්වක් තියෙන්නේ (නි)
නංගී, ඔය වැඩේ නම් සුභවාදී නොවේ. අපේ වන ජීවී නිලධාරීන් ආවොත් එහෙම කට උත්තරත් නැහැ සමාවකුත් නැහැ. නංගී ඔය වැඩේ වහාම නවත්වනවාද ? නැද්ද ? (නදී)
මෙයාට වෙඩි පාරක් තියන්න කවුරුවත් නැද්ද ? (නදී)
එතකොට කුළු හරක මැරුවේ තණකොළ පෙත්තන්ගේ ආරක්ෂාවටද? (නදී)
කවදා හරි මේ තරුණිය මැරෙන්නේ ඔය සතුන් ඝාතනය කරපු විදිහට (නදී)
සත්ව හිමිකම් ගැන කතා කරන්න පිල්ලේ නෝනා කැමති නැද්ද ? (නදී)
මේ ලෝකේ සියලුම සමබර තාවයන් ආරක්ෂා කරන්නා දෙවියන් වහන්සේය. මොකද මේ සියල්ලේ උරුමකරු ඔහු නිසා. එය වෙනස් කරන්න කාටවත් බැහැ (නදී)
එල්ලා මරාපු සදාම් හුසේන් ගේ මල සිරුර එක්ක පොටෝ එකක් ගන්න ඕන කියලා බලහත්කාර කමක් කලෙත් ඇමෙරිකන් සොල්දාදුවෙක්. මේ ගොල්ල ඉන්නේ මරණ මානසිකත්වයෙන්. මානසික ලෙඩ්ඩු තමයි අද ලෝකයම පාලනය කරන්න එන්නේ. (නදී)
මේ ලෝකයේ සියලු සමබරතාවයන් පාලනය වෙන්නේ ස්වභාව ධර්මය අනුවයි. එය වෙනස් කරන්න කාටත් බැරිය. එය තමයි බුදු දහමේ කියා ඇති පරම සත්‍ය (නදී)
ලංකාවේ දේශපාලුවෙක් වෙන්න නම් සුදුසුකම් තියනවා වගෙයි (නි)
මෙයාගේ නම මොකක්ද දන්නේ නැහැ (නදී)
දවසක මෙයා කාව කසාද බඳීද දන්නෙ නැහැ (නි)
මෙම කාන්තාවට පුදුම මානසිකත්වයක්නේ තියෙන්නේ (නි)
විකි අයියා මොනවට එයාගේ නම අහනවද දන්නේ නැහැ. (නි)
නංගී හෙට අනිද්දම අපායේ යන්න ලෑස්ති වෙන්න . (ස)
ලස්සන රූපයක් සමඟ ඉපදෙන්න ගොඩක් පින් කරන්න ඕනෑ නංගි. මේවායේ ප්‍රතිඵල ඉදිරියේදී ලැබෙයි. (නි)
මේ ගැහැණියගෙන් අහිංසක සතුන් ඉක්මණින් ගැළවෙන්න කියා මම පතනවා. (නි)
අනේ නංගි, අපේ පැත්තටත් එන්නකෝ (නි)
මෙවැනි මානසික තත්ත්වයන් ඇති අය තමයි කවදාහරි මිනිසුන් දෙසටත් තුවක්කුව එල්ල කර කොකා ගස්සන්නේත් (නි)
මිනිස් ගහනයත් ඔහොමම පාලනය කලානම් හරි. ජිවත්වීමේ අයිතිය මිනිසාට මෙන්ම සත්වයාටත් පොදු බව අමතක කරන ඇයයි ම්ලේච්ඡ ගැහැණිය. මෙය ඇගේ විකෘති මානසිකත්වයක් විනා සේවයක් නොවන බව නොහැගෙන්නේ ඇමෙරිකානුවන් දියුණු යැයි කියා ගන්නා නිසා විය යුතුය. (නදී)