ඇඳුමක් නිවසටම රැගෙන ගොස් හැඩ බලා ආපසු පැමිණ මුදල් ගෙවීමට හෝ ඇදුම ගැන මනාපයක් නොමැති නම් එය යළි භාරදීමට හෝ අවස්ථාව සළසා දී තිබෙන අපූරු ඇගලූම් වෙළදසැලක් ගැන වාර්තා වන්නේ ජපානයෙනි.
‘ගු‘ නම් වන මේ වෙළදසළ ජපානයේ කාන්තාවන් අතර ප්රකටය.එහි අතේ ඇති ගාණට හිතේ හැටියට මිලදී ගත හැකි ඇගලූම් බොහෝ ඇති බව සදහන්ය.
වෙළදසලේ පාලනාධිකාරිය තව තවත් පාරිභෝගිකයින් වැඩියෙන් ඇද ගැනීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කර ඇත.ඒ අනුව එක් දිනකදී වෙළසලට පැමිණෙන කාන්තාවන් 30 දෙනෙකුට තමන් කැමති ඇදුම් 3 ක් මුදල් නොගෙවාම රැගෙන යා හැකිය.ඒවා සුදුසු යැයි හැගේ නම් මුදල් ගෙවීමටත් නුසුදුසු යැයි හැගේ නම් යළි භාරදීමටත් ඔවුන්ට දින 3 ක කාලයක් ලබා දේ.
ඇදුම් රැගෙන යාමට ප්‍රථමයෙන් අත්පිට මුදලක් හෝ හැදුනුම්පත් අංකය, ක්‍රෙඩිට් කාඩ් අංකය වැනි කිසිදු දෙයක් ඔවුන්ගෙන් ලබා නොගැනීමද විශේෂත්වයකි.දින 3 ක් ඇතුළතදී යළි පැමිණෙන්නැයි ඇදුම් රැගෙන යන කාන්තාවන්ට උපදෙස් දීම පමණක් සිදුවේ.
මෙය ඇදුම් සොරාගැනීමට කාන්තාවන් පොළඹවන්නක් යැයි ඇතැමුන් කීවත් වෙළදසැලේ පාලනාධිකාරිය පවසන්නේ මේ දක්වා ඇදුම් රැගෙන ගිය එකදු කාන්තාවක හෝ වංචාවක් සිදුකර නොමැති බවයි.ඔවුන් තමන්ට සැළසී ඇති වාසිය දන්නා හෙයින් එය අහිමි කර ගැනීමට කටයුතු නොකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඔවුන් කියයි.
වෙළදසැලේ තවත් ශාඛා චීනයේ හා තායිවානයේ පිහිටා තිඛෙන අතර මෙම වැඩසටහන ඒවායේත් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලංකාවටනම් එපා පිරිමි අපිට ඉන්න වෙන්නේ නැහැ (දී)
අනේ "ගු " සමාගමේ ශාඛාවක් අපේ රටෙත් අරින්නකෝ ...අපේ නංගිලාත් .. මොඩ්.. වෙයි! ඔබ සමාගම බලා සිටියදීම දියුණුවෙයි. (දී)
අන්න මරු වැඩක් (දී)
අනේ ඕකෙන් එකක් අරන් එන්නකෝ ලංකාවට. හෝමාගම පැත්තේ කාන්තාවක් වතුර මෝටරයක් ඇදුම අස්සේ ගහගෙන ගියා කියා වසර කීපයකට පෙර දැන ගන්න ලැබුනා (නදී)
අවංකකම පරමාදර්ශය කරගත් ජපානය වගේ රටකට මේක සුදුසු උනාට අපේ රටට නම් මේ තත්වයට පරිනාමය වෙන්න තව වසර දහස් ගණනක් යාවි. (නදී)
හොරුත් ඇති. නැතුවා නොවෙයි. නමුත් බහුතරයක් ජපන් ජාතිකයන් අවංකයි. (නදී)
නව ප්‍රවන තා (දී)
මාල වළලු නොතිත් අයට හරි යයිද දන්නේ නැහැ (දී)
මිනිස්සු තවත් ලෙඩ්ඩු කරන වැඩක් (දී)
සෑම් අපේ රට මලාට පරිණාමය වෙන්නේ නැහැ පරිහානිය මිසක් (දී)
ගාමිණී දන්නෙ නැතුවට ලංකාවෙ කොච්චර එහෙම සමාගම් තියෙනවද? (නි)
ගාමිණී දන්නෙම නැද්ද අපේ ගු සමාගම ගැන. (ස)
ජපන් රටේ මිනිස්සු අවංකයි. කාගේ හරි සල්ලි බිම වැටුනා දැක්ක නම් පස්සෙන් දුවගෙන එනවා අයිතිකාරයට දෙන්න. (ස)