බැංකු ගනුදෙනු සඳහා රහස් කේත සහ මුර පද වෙනුවට ඇඟිලි සළකුණු ඔස්සේ අනන්‍යතාව තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් නව තාක්ෂණය ද මුසු කර ගනිමින් හඳුන්වා දීමට ජපන් රජය සැරසේ.
සෑම වසරකම කෝටි හතර කට වැඩි සංචාරකයන් පිරිසක් ජපානයට පැමිණෙති. මොවුන් බියෙන් සැකයෙන් මුදල් ගනුදෙනු සිදු කරන බව හෙළි වී ඇති හෙයින් එය මඟ හරවා ගැනීමට සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දුන් බවත් ජපානය පවසයි.
රට පුරා ව්‍යාප්තවන අයුරින් ආරම්භ කරන මෙම නව ක්‍රමවේදයට විදෙස් සංචාරකයන්ට බියක් සැකක් නොමැතිව, ඉතා ආරක්ෂිතව ඔවුන්ගේ ගිනුම්වලට ප්‍රවේශ විය හැකි බවත් ක්‍රෙඩිට් කාඩ් පරිහරණය කළ හැකි බවත් ජපන් රජය පැහැදිලි කරයි.
අද වනවිට බොහෝ දෙනකු ස්මාර්ට් ෆොන් දුරකතන භාවිතා කරමින් බැංකු ගනුදෙනු සිදු කරන බවත්, එහිදී ගිනුම්වලින් මුදල් ලබා ගැනීමට ඇඟිලි සලකු-ණු පරීක්ෂා කරන පරිගණක මෘදුකාංග සම්බන්ධ කර ඇති බවත් ජපන් රජය වැඩි දුරටත් කියා සිටී.
මේ සඳහා තමන් ජපන් ජංගම දුරකතන සමඟ ද සම්බන්ධ වී කටයුතු කරන බව ජපන් බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති. මෙම නව ක්‍රමවේදය වසර 2020 දී ටෝකියෝ අගනුවර පැවැත්වෙන ඔලිප්මික් උලෙළ නිමිත්තෙන් ජපානයට පැමිණෙන විදෙස් සංචාරකයන්ට පහසුවක් වනු ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දියුණු ක්‍රම අනුගමනය කරන නිසයි ඔවුන් දිනෙන් දින ඉහළට යන්නේ (නි)
අපේ අය කරන්නේ ළංකර ගන්න ඕනෑ රටවල් අතේ දුරින් තියාගෙන ඉන්දියාව ළංකර ගන්නවා. අපිට සොරිම තමයි (නි)
අරෙහේ අපේ විශ්ව විද්‍යාල ළමයි උද්ඝෝෂණලු. මෙහේ ඇත්තෝ පැනමාවේ සල්ලි හංගලලු. දොස්තරලා හෙදියෝ වර්ජන කරන්නෙම නැහැලු. ලංකාව ජපානේටත් වැඩිය දියුණුයිලු. (නි)
අපේ අය දෙහිගෙඩි එල්ලනවා වාහනේ ආරක්ෂාවට. ජපනා “එයා බෑග්“ හදනවා. අපේ අය පොල් ගහනවා, දේවාල ගානේ යනවා හොරු අල්ලන්න. ජපනා ඇඟිලි සළකුණු ක්‍රම හදලා හොර නැති කරනවා. (නි)
මේ වගේ නීතිය අකුරට ක්‍රියාත්මකවන පිරිසිදු ලස්සන රටක ඉන්න මිනිසුන් සැබෑ වාසනාවන්තයෝ. අපිට ආතතිය හැදෙන්නෙ අපේ ප්‍රශ්න නිසාම නොවෙයි. රටේ තියෙන වැරදි වලටයි. රටේ නීතියක් හරියට නැහැ. (නි)
ජපානෙට ආවඩන අය එහෙ යන්නකෝ මෙහෙ ඉන්න බැරි නම් (නි)
අපේ පොල් ගහන මිරිස් අඹරන බොහෝදෙනෙක් උපාධිකාරයෝ සහ නීතිය ඉගෙනගත් අය. මේ අය ගැන පුදුමත් හිතෙනවා (නි)
60% අලස මිනිසුන් සිටින ශ්‍රී ලංකාව කවදා දියුණුවෙයිද? (නි)
රහස් අංකයක් තිබුනොත් වැරදි අංකයක් ගහලා හරි මංකොල්ලකාරයන්ගෙන් කප්පම්කාරයන්ගෙන් බේරෙන්න පුලුවන්. එ්ත් ඇඟිල්ල අතේම තියන නිසා තුවක්කුව මානලා ඇඟිල්ල තියාපිය කියලා හරි, නැත්නම් උන්ම ඇඟිල්ල තියලා හරි සල්ලි ටික හොරකම් කරාවි (නි)
ලංකාවේ දේශපාලකයෝ පඩි නොගෙන, නොමිලේ වැඩකරන දවසක ලංකාව දියුණුවෙයි (නි)