අඬන්න කැමති කාන්තාවන්ටම වෙන්වූ අපූරු කාමර පිහිටි හෝටලයක් ගැන ජපානයෙන් වාර්තා වේ.
‘මිට්සුයි ගාර්ඩෙන් යොට්සුයා‘ නම් වන මෙම හෝටලය කාන්තාවන්ටම වෙන්වූ හෝටලයක් වන අතර මෙම හෝටල් කාමර හඳුන්වාදී තිබෙන්නේ නව සංකල්පයකට අනුවය.
හෝටල් පාලනාධිකාරිය පවසන අන්දමට ඇති තරමක් අඬා හිතේ ඇති ආතතිය,පීඩනය සමනය කරගැනීමට කැමති කාන්තාවන්ට මෙම කාමර වෙන්කර ගත හැකිය.
කාමර වල කදුළු පිසදාගැනීමට විශේෂයෙන් සකස් කළ අත්පිස්නා, කදුළු වැගිරවීමේ සමත් දුක්මුසු තේමා රැගත් චිත්රපට හා කාටූන් ආදියද ඇත.
කාමරයක් වෙන් කර ගැනීමට ඩොලර් 55 ක මුදලක් දැරිය යුතුවේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කියවනකොට අපිට ඇඬෙනවා. (නි)
ලංකාවටත් මේ වගේ එකක් ඕනෑමයි (නි)
අර අපේ දේශපාලකයෙක් යන යන තැන මුදලට අඬන ගැහැණු ටික මේකට යැවුවා නම් හරි (නි)
නාහෙන් අඩන අයටත් ගැලපෙනවද?(හේ)
ඇඩෙනවා තනි ඇහැට නමුත් කදුළු නෑ (ම)
අපි සල්ලි නැතුව අඩනවා ජපානේ සල්ලි දිලා අඩනවා...(ම)
ලංකාවේ තරුණ මැදිවියේ ,මහලු විවාහක ,අවිවාහක කාන්තාවන් අති බහුතරයක් තමන්ගේ මානසික ආතතිය , වේදනාව , දුක පිට කරගන්න විදියක් නැතුව හිතේ තදකරන් ඉන්න බව දන්නවනම් ජපන්නු ඔය හෝටල් සංකල්පය පටන් ගන්නේ ලංකාවෙන් . (අ)
අපේ රටේ අයත් ඔහෝ අරන් යන්න.(හේ)
ලෝකයේ වැඩියෙන්ම සියදිවි හානි කරගන්න රට නිසා එයට පිලියමක් වෙන්න පුළුවන් (බ)
අපේ රටට ඔය කියන හැංගිලා හඬන හෝටල් අනවශ්යයි .අනාදිමත් කාලයක් තිස්සේ මුළු රටම හඬනවා !! (නි)
ඔයාලට සල්ලි වැඩිනම් දුප්පත් අයට ඉගෙනගන්න වියදම් කරන්න කියන්න. එතකොට එයාලට හිනාවෙන්න පුලුවන් (නි)
අනුර උත්සාහ කරන්නේ මහින්ද මහත්තයාට අපහාස කරන්න වුණත් අපහාස කෙරෙන්නේ මනුස්සකමට කළගුණ සැළකීමක් හැටියට අතින් වියදම් කරගෙන ඈත ගම්වල සිට එතුමාව බලන්න යන අපේම අම්මලා,අක්කලා සහ නංගිලාටයි. (නි)
මානසික පීඩනය දරාගන්ඩ බැරිව දිවි නසාගන්නවාට වඩා මේක නියමයි (බ)
ඔබ හරි බෙනට්.බොහෝ දෙනෙකුට මෙය මානසික සහනයක් වේවි. (නි)
මෙම ඡායාරූප දෙක දැකලා මටත් අඬන්න වුණා. නමුත් හෝටලයට ගෙවන ගණන දැක්කහම දුකත් හිතුනා (නි)
හොඳටම අඬනවා මේවා දැකලා මට (නි)