රුසියාව කළ යෝජනාවට කැමැත්ත පළ කරමින්, තම රසායනික අවි අන්තර් ජාතික පාලනයට යටත් කිරීමට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය එකඟ වුවත්, ඇමෙරිකාව සිරියාවට හමුදා ප්‍රහාරයක් එල්ල නොකිරීමට තීරණය කළත්, සිරියාවේ පවතින ගැටුම්වල කිිසිදු අඩුවක් දකින්න නැතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.
වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදයේදී, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රෙජීමය සමඟ සටන් කරන වඩාත් ප්‍රබල කැරැුලිකාර කණ්ඩායම ‘ජබාත් අල් නුස්රා පෙරමුණ’ ය.
මොවුන් අත් වැල් බැඳ ගෙන සිටින්නේ ඉරාක අල් කයිඩාව සමඟය. පසුගිය වසරේ ඇමෙරිකාව ‘නුස්රා පෙරමුණ’, ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේය. සිරියානු කැරැලිකාර කණ්ඩායම් එක් රොක් වී සිටින්නේ නුස්රා පෙරමුණ වටාය.
නුස්රා පෙරමුණ ත්‍රස්ත සංවිධානයක් යැයි නම් කරමින්, එය හුදෙකලා කිරීමට ඇමෙරිකාව ගත් උත්සහය පලක් නොවූ බව දැන් පෙනී ගොස් ඇතැයි ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය පෙන්වා දෙයි.
සිරියානු සිවිල් අරගලයට, ඉරානය සහ ලෙබනනය සම්බන්ධ වී සිටී. ඉරානය ඔවුන්ගේ විප්ලවීය හමුදා බළ ඇණියක් සිරියානු රජයේ සහායට සිරියාවට යවා තිබේ. සිරියා රජයට සහාය දක්වන සටන්කාමීන්ට ආයුධ දෙන්නේත් පුහුණුව දෙන්නේත් මේ බළ ඇණිය යැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් රුසියාවට චීනෙට හිතට හරිම සතුටු ඇති. මොකද අවි ගැටුම් නැවතිලා නැහැ නේ. (දී)
ඇමරිකාව ගහනවා කියපු නිසා රසායනික අවි තිබෙන බව හෙළි උනා , දැන් රුසියාව, චීනය, ඉරානය සිරියාවේ තත්වේය පාලයනය කලයුතුය .හේතුව මේ රටවල් රස්යනික අවි බාරදීම යෝජනා කල නිසා. (අ)
මේක මහා අපරාදයක්.(නදී)
සිරියාව පාවිචි කරන්නේ රුසියාවේ නිෂ්පාදය කරපු අවි ...රුසියාවට ඕන දිගටම යුද්දේ පවත්වාගෙන යන්න .(අ)
බණ්ඩා, ගොඩක් තුති මේ තත්වය පැහැදිලි කළාට. හේතුව අපේ රටේ ලෝකයක් නොදකින මෝඩයින්ට සහ අධිරාජ්‍යවාදීන් කියලා අදහස් කියලා මිනිසුන් නොමග යවන අයට ඒක ප්‍රයෝජනවත් (නි)
අපි කොච්චර බැන්නත් ඇමෙරිකාව නැත්තම් අන්තවාදී කොටස් මේ වෙනකොට මුළු ලෝකෙම පාලනය කරන්න පටන්ගෙන.(නදී)
ඇමෙරිකාව තමයි ඔක්කොම මරන්නේ (දී)
ලුම්බිණි, ඔන්න ඔයා දන්නා තරම. ලෝකේ කොහේ හරි යුද්ධයක් තියෙනවනම් එකෙන් වැඩියෙන්ම සතුටු වෙන්නේ ඇමෙරිකාව, වෙන කවුරුවත් නෙවේ. ඒගොල්ලෝ සමයේ නාමයෙන් ගිහිල්ල යුද්දේ වැඩි කරලා එනවා. පේනවනේ ඉරාකෙට වෙලා තියෙන දේ.(දී)
බණ්ඩා, රුසියාව අඩුමගානේ රජයට ආයුද දීල තියෙන්නේ. ඇමරිකාව ත්රස්තවාදීන්ට ආයුද දීල තියෙන්නේ.(දී)
රත්නායක, කියන්නේ ඇත්ත අද ඇමරිකාව හිටියේ නැත්තම් මේ ලෝකේ රටවල් තමුන්ට ඕන තරම් පිස්සු කෙළී... (ස)