පසුගිය සමයේ සයිබීරියාවේ මතුවූ මහා ආගාධයන් හා නැව් හා ගුවන්යානා අතුරදන්වන්නේයැයි කියන බර්මියුඩා ති‍්‍රකෝණය අතර සබඳතාවක් පැවතිය හැකියැයි විද්‍යාඥයෝ කියති.
සයිබීරියාවේ යමාල් හා ටයිමයිර් අර්ධද්වීපයන්ගේ මහා ආගාධයන් 3 ක් ඇතිවුනු අතර ඒවා එකක් ගැඹුරින් අඩි 70 ක් පමණ විය. ආගාධයක මුවවිට අඩි 80 ක පමණ විශ්කම්භයකින් යුතුවිය.
මෙම ආගාධ ඇතිවන්නට ඇත්තේ කෙසේදැයි පැහැදිලි කිරීමට නොයෙකුත් මතයන්ද ඉදිරිපත් විය.
මේ වන විට බොහෝ දෙනෙකු පිළිගන්නා මතයක් බවට පත්ව ඇත්තේ පොළව යට ගෑස් පිපිරීමක් සිදුවී මෙම ආගාධයන් ඇතිවන්නට ඇතැයි යන්න වන අතර එම සංසිද්ධිය බර්මියුඩා ති‍්‍රකෝණය වෙත ඈදා ගැනීමට දැන් විද්‍යාඥයෝ සැරසෙති.
පොළව අභ්‍යන්තරයේ ඇති අයිස් කුට්ටි වල ගෑස් අණු සිරවී පවතින බවත් මෙම අයිස් කුට්ටි දියවීමේදී මෙම ගෑස් අණු නිදහස් වන බවත් ආවාට ඇතිවීම පැහැදිලි කිරීම සදහා ඉදිරිපත්ව ඇති ගෑස් පිපිරීමේ මතයෙන් කියැවේ.
මෙසේ නැවත නැවත ගෑස් අණු නිදහස්වී එක් අවස්ථාවකදී පුපුරායෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මහා ආගාධයන් උද්ගතවී තිබෙන බව එයින් පැවසේ.
පොළව අභ්‍යන්තරයේ ඇති අයිස් දියවන්නට ඇත්තේ කෙසේදැයි පැනයටත් පිළිතුරක් දී තිබෙන මෙම මතය ඉදිරිපත් කළ විද්‍යාඥයෝ පවසන්නේ පසුගිය සමයේ සයිබීරියාවේ තිබූ උණුසුම් කාලගුණය ඊට හේතුව බවයි.
මෙය නැව් හා ගුවන්යානා අතුරුදන්වන කලාපයක් ලෙස සැළකෙන උතුරු අත්ලන්තික සයුරේ බර්මියුඩා ති‍්‍රකෝණ කලාපයේ සිදුවීම් පැහැදිලි කිරීම සඳහාද යොදාගත හැකි යැයි ඇතැම් විද්‍යාඥයින්ගේ අදහසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ එම කලාපයේ මුහුදු පතුලේ මෙසේ ගෑස් පිපිරීම් සිදුවන්නේ යැයි සිතුවහොත් ගෑස් බුබුලූ ජලයට එක්වන නිසා ජලයේ ඝණත්වය පහළ ගොස් එය මතින් ගමන්ගන්නා නෞකාවක් ගිලී යෑමේ අවදානමක් ඇති වන බවයි.
අනෙක් අතට ගෑස් පිපිරීම් සිදුවී වායූන් ඉහළ වායුගෝලයට එකතුවීම නිසා වායුගෝලයේ ඝණත්වයද වෙනස්වී ගුවන්යානා පියාසර කරවීමේ ගැටලූද ඇතිවිය හැකි බවත් ඔවුන් පවසයි.
කෙසේනමුත් බර්මියුඩා ති‍්‍රකෝණයේ ඔය කියන ආකාරයේ නැව් අතුරුදන්වීමක්වත් ගුවන්යානා විනාශ වීමක්වත් සිදුනොවන බව අවධාරණය කර සිටින විද්‍යාඥයෝද වෙති.
ඔවුන් පවසන්නේ එම කලාපයේ අතුරුදන්වන හො විනාශ වන හෝ නැව් හා ගුවන්යානා ප්‍රමාණයත් ලොව වෙනත් ප්‍රදේශයක විනාශ වන ප්‍රමාණයත් අතර වෙනසක් නොමැති බවයි. ක්ෂණිකව සිදුවන කාලගුණ විපර්යාස, ගමන් මාර්ගය තීරණය කිරීමේදී ගන්නා අයහපත් තීන්දු තීරණ මේ කලාපයේ නැව් හා ගුවන්යානා විනාශ වීම කෙරෙහි බලපා ඇති කරුණු වන්නේයැයි ඔවුන් කියයි.
නමුත් ප්‍රතිවිරුද්ධ පාර්ශවය පවසන්නේ එම කරුණු වලට වඩා වැඩි යමක් මේ කලාපයේ ඇති බවයි. සයිබීරියාවේ මහා ආවාටයන් මේ අභිරහස පැහැදිලි කරදෙන බවක් පෙනෙන හෙයින් මේ පිළිඹද වැඩිදුර පරීක්ෂණ පැවැත්විය යුතුව ඇතැයි ඔවුන්ගේ මතයයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් පෙනෙන විදිහට පිටසක්වල යානා නවත්වා තිබිලා තියෙන තැනක් වගේ. වළ යන්ත්‍රයකින් සුමටව කපලා තියෙන්නේ. පිපිරීමකින් මෙහෙම සුමට වළක් හෑරෙන්න විදිහක් නැහැ. ගොඩදාලා තියෙන පස් ප්‍රමාණය බොහොම ටිකයි නේද? මීට වඩා පස් තියෙන්න ඕනෑ නේද? (නි)
පිටසක්වල ජීවීන් මෙහෙ කරන රහස් ක්‍රියා ඇමෙරිකාව හොඳට දන්නවා. නමුත් ඒවා ලෝකයට හැමදාම රහසක් විදියට තිබේද? (නි)
හෑරුව එකක් නම් එක උදලු පාරක් පෙන්වන්න (නි)
මට නම් සිතෙන්නේම ශ්‍රි ලංකාවේ දේශපාලඥයෙක් සයිබීරියාවට උඩින් ගුවන් ගමනක යෙදෙන අවස්ථාවක තම යාබද අසුනේ සිටි විදේශිකයෙකුට ලංකාවේ සැබෑ තත්වය පිළිබඳ නොකියා පැවසූ බේගලයක් නිසා මහා පොළොව කම්පාවී ඇති බවයි . (නි)
මාත් හිතන්නේ කවුරු හරි හාරපු වලක් කියලා.(හේ)
මම හිතන්නේ කව්රු හරි හාරපු වලක් මේක .(හේ)
පිට සක්වල ජිවින්නම් නෙමේ .ලංකාවේ යාපනය ප්‍රදේශයේත් පතුලක් නැති ළිඳක් ඇති බව අසා තිබෙනවා,ඒත් වැඩි විස්තරයක් දන්නේ නෑ.(හේ)
සියළුම කරුණු සොයා බලා මේ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එන්න.(හේ)
ලංකාවේ යාපනය ප්‍රදේශයේත් පතුලක් නැති ළිඳක් ඇති බව අසා තිබෙනවා.දන්නා කවුරු හෝ විස්තර කරන්න. (නි)
විකි සහ සනත්, මොනවද මේ දොඩවන්නේ? පිටසක්වල ජීවයක් තියනවා කියලා කිසිම සාධකයක් නැතිකොට මෙහෙම දොඩවන්නේ මොන එහෙකටද? (නි)
අගාදයක් කියපුවම මම හිතුවා පහල නොපෙනෙන තරම් ගැඹුරක් ඇති කියා ඒත් එතරම් ගැඹුරු නෑනේ.(හේ)
අගාධය කෙසේ වෙතත් ඈත තණ නිල්ලටටත් ඉහලින් වටේ ඇති පස් ගොඩත් වක්රා කාරව යන්ත්‍රයකින් හාරා ගොඩ දැමු අඩි 70 ක ගැඹුරු වලක්. අාඝාධයක් කියන්නේ ලෝකාන්තය වගේ ඇසට නොපෙනෙන තරම් භූ ඝර්භයක්. මට නම් පෙනෙන්නේ මොනවා හරි ඛනිජ සම්පතක් සොයා කරන ලද කැණීමක් බවයි (නදී)
බර්මියුඩාව ගැන තාමත් අපට නිශ්චිත නිගමනයක් නැහැ. එහි නැතිවුණ කිසිම දෙයක කිසිම සලකුණක්වත් නැහැ. සමහරවිට මෙය නම් අපි අඟහරුගේ පොළොව හාරනවා වගේ පිටසක්වලින් ඇවිල්ලා මෙහෙත් හාරලා බලලා සාම්පල් අරන් ගියාද දන්නේ නැහැ (නි)
මේ ආගාධයෙයි බන්දුල පෙරේරාගේ කටෙයි කිසිම වෙනසක් නැහැ. (නි).
මෙන්න ලෝකයේ මිනිසුන්ටත් වැඩිය දියුණු ජීවී කොටසක් ඉන්නවා කියන එකට හොඳම සාක්ෂියක් (නි)
නදීකා, මොකද ඔයාටත් සෞදියේදී මොකක්හරි ප්‍රශෟනයක් වුණාද? (නි)
සනත් හරි. මෙය පිටසක්වල ජිවීන්ගේ ක්‍රියාකාරකමක්. ඔවුන් මොනයම් හෝ දෙයක් සොයන්නට කළ කැණීමක් වියහැකියි. මෙය යම් යන්ත්‍රයකින් හාරා ඇතිබවක් පෙනීයනවා. ඔවුන් විශ්වය පුරා සම්පත් සොයමින් යනවා. මේ ලෝකයේ අපි නොදන්නා බොහෝ රහස් සැඟවී පවතිනවා. අපට ඒවා ගැන හිතන්නවත් බැහැ (නි)
මේක මෙහෙම වුණේ පිටසක්වල ජිවීන් නිසා කියලා මටනම් හිතෙන්නෙ මේවගේ ආගාධ හාරා තමයි පිටසක්වල ජිවීන්ගේ රහස් ආයුධ ගබධා කරන්නේ පිටසක්වල ජිවීන් පෘතුවියට විවිධ බලපෑම් ඵල්ලකරන්නේ අද ඊයේ නෙමෙයිනේ.(හේ)
දිවුල් ගෙඩි විදින `ඉල්ලෝ` වගේ ආදී කාලේ හිටපු යෝධ පනුවෝ ජාතියක් මහ පොලවේ මදේ කන්න හාරපු තැන් වගෙයි මට නම් පෙනෙන්නේ. (හේ)
සෞදි අරාබියට එකක් එවන්ට බැරිද ? (නදී)
ඔය වගේම උනත් ඔයිට වඩා බිහිසුණු සිද්ධියක් වෙලා තියෙනවා 1908 ජුනි 30 වෙනිදා සයිබීරියාවේ "පොද්කමෙන්යා තුන්ගුස්කා ගංගාව" ගලා යන වනාන්තර ප්‍රදේශයේ. එම පිපිරීමේ ප්‍රමාණය හිරෝෂිමා පරමාණු බොම්බේ මෙන් 1000 ගුණයක් බවයි පැවසෙන්නේ. මේ වෙනකම් එම තුන්ගුස්කා පිපිරීම සිදු වූ ආකාරය ගැන නිශ්චිත පැහැදිලි කිරීමක් නැතත්, ස්වභාවික ගෑස් බහුල සයිබීරියාවේ භූගත ගෑස් පෘතුවි පෘෂ්ඨයට ඇවිත් සිදු වූ මහා පිපුරුමක් කියා බොහෝ මත පළවනවා. (නදී)
අගාධය කෙසේ වෙතත් ඈත තණ නිල්ලටටත් ඉහලින් වටේ ඇති පස් ගොඩත් වක්රා කාරව යන්ත්‍රයකින් හාරා ගොඩ දැමු අඩි 70 ක ගැඹුරු වලක්.අඝාධයක් කියන්නේ ලෝකාන්තය වගේ ඇසට නොපෙනෙන තරම් භූ ඝර්භයක් !මටනම් පෙනෙන්නේ මොනවා හරි ඛනිජ සම්පතක් සොයා කරන ලද කැණීමක් බවයි (හේ)