ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර වාසිී හෙක්ටර් මාර්ටිනේස් යතුරුපැදි ලෝලියෙකි. යතුරුපැදි වලින් තොර ලොවක් ඔහුට නොවීය.
හෙක්ටර්ට සිය දිවියේ සහකාරිය හමුවන්නේ මෙසේ යතුරුපැදිවලම ඇලී ගැලී සිටිනාතුරදීය.හොදම හරිය නම් පෙගී හර්නැන්ඩ්ස් නම් ඇයත් යතුරුපැදි ලෝලියෙකු වීමයි.මාස කිහිපයක් පෙමින් වෙලී සිට අවසානයේ පෙගීට විවාහයෝජනාවක් ඉදිරිපත් කිරීමට කාලය හරි යැයි තීරණය කරන හෙක්ටර් ඇයව සිය යතුරුපැදියේ හිදුවාගෙන ලොස් ඇන්ජලිස් නුවර අධිවේගී මාර්ගයක රැගෙන යන්නේ මෙයත් සාමාන්‍ය හමුවීමක් බවට ඇයට ඒත්තු ගන්වමිනි.
එක්වරම අධිවේගී මාර්ගය වසාගෙන පැමිණෙන යතුරුපැදි කරුවන් කණ්ඩායමක් හෙක්ටර් හා පෙගී ගමන් කරමින් සිටි යතුරුපැදිය වටකර ගන්නේ අනතුරු ඇගවීමකින් තොරවමය.පෙගී බියපත් වුවද හෙක්ටර් ඇයව යතුරුපැදියෙන් බස්වා ඇය වටා යතුරුපැදියෙන් ගමන් කරමින් ‘සෙල්ලම් කිහිපයක්‘ පෙන්වා අවසන දණින් වැටී ඇයගේ අත ඉල්ලා සිටින්නේ අනෙක් යතුරුපැදි කරුවනුත් ඔවුන් දෙදෙන වටා ‘නටමින්‘ සිටිනාතුරදීය. මෙය තමන් මවිත කිරීමට හෙක්ටර් ගත් උත්සාහයක් බව එවිට වටහා ගන්නා පෙගී හෙක්ටර්ට සිය කැමැත්ත ලබා දෙන්නේ හෙක්ටර්ගේ උත්සාහය මල්ඵල ගන්වමිනි.
සියල්ල හොදින් සිදුවුවද මේ දෙස පොලිසිය බලා සිටියේ මුහුණු ඇඹුල් කරගෙනය.‘උත්සවය‘ හමාර වූ පසු හෙක්ටර්ට චෝදනා නැගූ ඔවුන් දැන් ඔහුට අධිවේගී මාර්ගයක රථ ගමනාගමනටය බාධා කිරීම යන චෝදනාව යටතේ නඩු පැවැරීමට යයි. මේ සියල්ල තුට්ටුවකටවත් ගණන් නොගෙන ඇති හෙක්ටර් තමන් හා එක්වූ 710 පමණ වන සෙසු යතුරුපැදි මිතුරන්ට සිය ස්තූතිය පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගනන් ගන්න එපා කොල්ලගෙයි කෙල්ලගෙයි තරුණ වයසනෙ, නඩුව අස්කරගන්න, අපිත් සුභ පතනවා.(නදී)
ඕවා එයාලට සුළු දේවල්, අපි ගණන් ගත යුතු නෑ (ස)
එයට අපි කියන්නේ ආදරය කියලා. ඔබට ජය සහෝදරයා!.(නදී)