මියගිය සැමියා වෙනුවෙන් යැයි කියා ඔහුගේ මළගම දවසේදී අවමංගල්‍ය ශාලාවට නාටිකාංගනාවන් කැදවාගෙනවිත් සංදර්ශනයක් පැවැත්වූ කාන්තාවක ගැන තායිවානයෙන් වාර්තා වේ.
අවමගුලට සහභාගීවීමට පැමිණ සිටියෝ සෝ සුසුම් හෙළීම පසෙකලා අනග රැගුම් පාමින් සිටි නාටිකාංගනාවන් ඡායාරූප හා වීඩියෝ ගත කිරීමට කටයුතු කර තිබේ.
මියගිය පුද්ගලයාගේ ඥාතීන් සිදුවීම පිළිඹද මවිතය පළ කර තිබෙන අතර එසේ වුවත් ඉතාම භක්තිමත් කාන්තාවක වන මියගිය තම ඥාතියාගේ බිරිද මෙවැන්නක් කරන්නට ඇත්තේ ඔහු ගැන සිතා වන්නට හැකි බව ඔවුන්ගේ අදහස වී ඇත.
තායිවානයේ අවමගුලකට සහභාගී වන පුද්ගලයින් සංඛ්‍යාව වැඩි වන තරමට මියගිය පුද්ගලයාට එය ගෞරවයක් බව සැළකෙන අතර එනිසා බොහෝ දෙනා කවර උපක්‍රමයක් යොදා හෝ අවමගුලකදී සෙනග අද්දවාගැනීමට කටයුතු කරති.
මෙසේ නාටිකාංගනාවන් කැදවා ගැනීමද එවැනි එක් උපක්රමයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය කොපිකළොත් විනාශයක් (නි)
අනේ මෙහෙමත් මළ කෝලම්! (නි)
නිසැකව දෙවුලොව යන්නෙක් වේවිද.. නළඟන දෙවුලොව යන්නට දේවිද.. මිසදුටු ලෝකය.. මගගනු රිසිවෙද... රැඟුමක් කාහට.. දෙව්සැප දේවිද.. (නි)
මෙම වැඩේ කොරියාව කළා නම් දැන්මම මෙහෙත් පටන් අරගෙන. (නි)
සැමියගේ අවසාන කැමත්ත වෙන්නත් බැරි නෑ...(බ)
අන්න මළගෙවල්! (නි)
අපේ රටේ ගෑනුත් ඕව පටන් ගනීද මන්දා (නදී)
මැරෙනවනම් තායිවානෙට ගිහින් මැරෙන්න. (බ)
මම දන්න කෙනෙක් ඉන්නවා. එයත් කවදාහරි මැරුණහම අනිවාර්යයෙන්ම මේ වගේ ඩාන්ස් එකක් දම්මවන්න ඕනෑ. (නි)
නියම වැඩක්. (අ)