ඩොලර් ලක්ෂ 4 කට (රුපියල් ලක්ෂ 524 ) ආසන්න මුදලක් දී මිලදී ගත් සිය සුපිරි මෝටර් රථය කුළු ගෙඩි වලින් ගසා පොඩිපට්ටම් කළ පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ චීනයෙනි.
මැසරාටි නම් ප්‍රකට ඉතාලි මෝටර් රථ නිශ්පාදන සමාගමේ නිර්මාණයක් වන මෙම මෝටර් රථය එහි හිමිකරු විසින් මිලට ගෙන ඇත්තේ 2011 වසරේදීය.ඒ මැසරාටි සමාගමේ චීන නියෝජිතයා මාර්ගයෙන්ය.සුපිරි පන්නයේ වුවද මිලදී ගත්දා පටන්ම ‘‘ලෙඩ‘‘ දෙන්නට පටන් ගැනීම නිසා මෝටර් රථය ඔහුට හිසරදයක් වන තැනට පත්ව ඇත.කිහිප වරක්ම අලූත්වැඩියා සදහා ගෙන ගියද සමාගම් නියෝජිතයා ඒ කිසිදු අවස්ථාවකදී මෝටර් රථය නිසි පරිදි අලූත්වැඩියා කිරීමට අපොහොසත් වීම නිසා නැවත නැවතත් අලූත්වැඩියා සදහා මෝටර් රථය යොමුකිරීමට සිදුවූ බව රථයේ හිමිකරු පවසයි.
ඉවසීමේ සීමාව ඉක්ම ගිය තැන මැසරාටි සමාගමේ ‘‘සැබෑ‘‘ රූපය සියල්ලන්ට පෙන්වන්නෙමියි සිතා ඔහු සිය මෝටර් රථය චීනයේ මෝටර් රථ ප්‍රදර්ශනයකට ඇතුලත් කර ඇත. ප්‍රදර්ශනය පැවැත්වෙන අතරවාරයේ පිටතට ගිය ඔහු ආපසු ආවේ කුලූ ගෙඩි අතින් ගත් පුද්ගලයින් තිදෙනෙකු සමගය.ඔහුගේ අණ දීමෙන් ඒ පුද්ගලයින් තිදෙනා ඩොලර් ලක්ෂ ගණනක් වටිනා මේ මෝටර් රථයට කුලූ ගෙඩි වලින් පහර දෙමින් පොඩිපට්ටම් කිරීමට ගත්තේ ප්‍රදර්ශනයට පැමිණ සිටියවුන් සියලූ දෙනා භ්‍රාන්ත කරවමිනි.මේ සිදුවීමට චීන මාධ්‍යයද හොද ප්‍රචාරයක් ලබා දුනි.
චීනයේ මෝටර් රථ විකිණීමට එන විදෙස් සමාගම් මෙම සිදුවීම දැක පාරිභෝගිකයා ගැන සිතා කටයුතු කරනු ඇතැයි තමා සිතන බව පොඩිපට්ටම් කර දැමුණු රථයේ හිමිකරු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනාට මෙච්චරටම පිස්සුද ? (නි)
චීන වාහන ඔයිට දෙවෙනි නැහැ..(නදී)
නම ඉතාලි උනත් හදන්නේ චිනේ. චිනෙටත් බාල බඩු එපා වෙලාද. හොද වැඩේ ලෝකෙට බාල බඩු පොම්ප කරනවට.(නදී)
වින්ඩ්ස්ක්‍රීන් විතරද මන්දා කුඩු කරලා තියෙන්නෙ. :D (දී)
චීන බඩු ගත්තම සමහර වෙලාවට වැඩ කරන්නේ නැතුව ගිහාම මටත් මෙහෙම හිතෙනවා එත් පාඩුව මටම නිසා ඉවසගෙන ඉන්නවා (අ)
ඒ සිද්දිය දැක්කාම ඇග හිරිවැටෙනවා
මේ අදහස් දාන එක්කෙනෙක්වත් දැකල තියනවද මෂරිටි කියන කාර්? (ත)
ඕවා ඔක්කොම මර්ෂි වැඩ (අ)
චිනේ ඕනෑ තරම් හොද බඩු තියනවා. ලංකාවෙන් එන මුස්ලිම් වෙළදුන් අඩු මුදලට ලාබ බඩු අරගෙන ,චිනේ නමත් කනවා ලංකාවේ මිනිස්සුන්වත් කනවා. ජීවන් ඔය වගේ ලාබෙට බඩු ගන්න පුද්ගලයෙක් නිසා ,චිනේ හොද බඩු ගැන දන්නේ මොනවද? (නි)
කාලයක් අපේ මිනිස්සු ජපන් බඩු ප්‍රතික්ෂේප කල බාලයි කියල දැන් ඒවා හොඩයි. චීන නරකයි .මැලේසියා සිංගප්පූරු බඩුත් හොද නැහැ.හැබයි ඇමෙරිකාවේ හා යුරෝපයේ හදන සුපිරි වාහන සියයට 80වක පමණ පරිගණක උපාංග චීනයේ හදන ඒවා. එන්නේ යුරෝපෙන් හින්ද හරි අගෙයි. අපේ මිනිස්ස්සුන්ට තවම බැරිඋනා බටහිරට තියන වහල් බාවයෙන් මිදෙන්න.ඇත්ත එකයි. (අ)
අරවින්ද, ඔව් ලංකාවෙත් තියනවා. මම ඇහැටම දැක්කා. හොඳ සල්ලිකාරයෙක්ගේ වෙන්න ඕනෑ.මොකද ලංකාවේ ඕක පදින්න චීන කාරයට වඩා ටැක්ස් ගෙවලා ගන්න ඕනෑ :D (නි)
ටෙනිසන්, බටහිර හරහා එන චීන බඩු ලොකු ප්‍රමිති සහතිකයකට යටත් කරලයි හදන්නේ.කෙලින්ම ලංකාවට එන චීන බඩු එන්නේ රිජෙක්ට් වෙච්චා.අනික තමා ජාත්‍යයන්තර නාමය.එම නාමය දිනපු විශ්වාශේ. ලෑන්ඩ් රෝවර් වාහනයක් චීනේ හැදුවත් ඒ ප්‍රමිතිය ග්‍රේට් වෝල් වාහනේක ප්‍රමිතියට වඩා වෙනස්.මේක පරගැතිකම නොවේ. (නි)
ඇත්තටම හොද වැඩක්. මේ නිසා අදාල සමාගම අනිවාර්යයෙන්ම අපහසුතාවයට පත්වෙන්න ඇති (නි)
චීනා කියන්නේ ඕනෑම ජගතෙකුගේ කටෙන් ඇතුළු වී අධෝ මාර්ගයෙන් පිට වීමට උපන් හපන්නු. වැඩේ කියන්නේ එහෙම පිට වුනත් ඒ ජගතා ඒක දන්නේ නැහැ. (නි)
චීන මිනිසුන් ගොඩක් දක්ෂයි. මේ අය මම අගය කරනවා (නි)