පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වී සිටින සෞදි අරාබි රජපවුලේ කුමරකුට මරණ දණඩනය නියම කෙරී ඇතැයි එරට පුවත්පත් වාර්තා කරයි.
නීතිමය කාරණා හේතුවෙන් කුමරාගේ නම ප්‍රසිද්ධියට පත්කර නොමැති අතර ඔහු රජ පවුලේ ප්‍රධාන සාමාජිකයෙකු බව පමණක් සදහන්වේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති ඔටුන්න හිමි සල්මන් කුමරු පවසා ඇත්තේ නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී උස් මිටි කම් නොසැළකෙන බවයි.වරදකරුවාට දැඩි දඩුවම් ලබා දිය යුතු යැයි හෙතෙම සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධ අමාත්‍ය මොහොමඩ් බින් නයෙෂ් කුමරුට ලිපියක් යවමින්ද දන්වා ඇත.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ පියාද මාධ්‍යය වෙත අදහස් පළ කර තිබෙන අතර ඔහු ඝාතකයාට සමාව දීමට සූදානම් නැත.තම පුතුගේ ඝාතනයට වගකිව යුතු පුද්ගලයින් තමන් වෙත වන්දි ප්රදානය කිරීමට තැත් කළත් එය ප්‍රතික්ෂේප කළ බවත් ඔහු කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදියේ තියන නීතිමය තත්ත්ව සහ ෂාරියා නීතිය ගැන මුළු ලෝකෙම දන්නවා, කුමාරි දන්නේ නැහැ. සෞදියට ගිය කෙනෙක් දන්නවා සෞදි ගුවන් තොටක සිට මිනිසුන්ට සලකන විදිය. ඒ තරම් නින්දිත රටක් ලෝකේ කොහෙවත් නැහැ. අත්දැකීමෙන් කියන්නේ. වෙනස් අදහස් තියනවා නම් ලියන්න.(නදී)
අපි බෞද්ධයෝ විදිහට මේකට එකග වෙන්න බෑ. ඉස්ලාම් ආගමේ හැටියට හරි ඇති. නමුත් බුදුන් වහන්සේගේ ධර්මයට අනුව පරපණ නැසීම මහත් පාපයක්. කෙනෙක් එහෙම කළා කියල ඒ කෙනාවත් මරන්න කියලා නැහැ මෛත්‍රී කරන්න කියලයි බුද්ධ ධර්මයේ ඉගැන්වෙන්නේ.(නදී) i
තවම මරන දඩුවම දීලා නැහැනෙ. එහෙම දුන්නට පස්සෙම කතා කරමු මෙයාලගෙ නීතියෙ සමානාත්මතාවය.(නදී)
රජ පැටියා උනත් වරදට දඩුවම ලැබෙනවා.(නදී)
අන්තිම මොහොතේ ඔය දඩුවම අත්හිටවනවා . (ත)
කුමාරිහාමි, යමෙකු ඉස්ලාමයට පැමිණි නිසා ඔහු හෝ ඇය තම නම වෙනස් කළයුතු යැයි නියමයක් ඉස්ලාමයේ නැත. නමුත් ඉස්ලාමයට පටහැනි අර්ථයක් ගෙනදෙන නාමයක් නම් පමණක් වෙනස්විය යුතුයි. කුමාරි කියන නමේ කිසිදු වරදක් නොදකිමු. (නදී)
හරිම අමානුෂික නීතියක්. වෛරයෙන් වෛරය නොසන් සිදේ. මම හිතන්නේ නැහැ සමාවක් දෙන්න තරම් මනුස්සකමක් මේ මිනිස්සු ලග ඇති කියලා.(නදී)
බොහොම හොදයි නිතිය නම්.(නදී)
ඉහත ඡායාරූපයෙන් සිටින්නේ මරණ දඬුවමට නියමවූ පුද්ගලයා යැයි වැරැදි වැටහීමක් ඇතිකරගන්නට එපා. මේ ඡායාරූපයේ සිටින්නේ සවුදියේ ඔටුන්න හිමි කුමාරයාවන සල්මාන් බින් අබිදුල් අසීස්ය.(නදී)
කුමාරි,ඉස්ලාමි ධර්මය වැලදගත් පසු ඔබ තවදුරටත් කුමාරි නෙවෙයිනේ. ඔබේ වර්තමාන නමින් අදහස් පලකරන්න ලජ්ජා වෙන්න එපා. (නදී)
බලමු බලමු තවම මැරුවේ නැහැනේ. දැන් දැන් මේ නීතිත් සල්ලි වලට යටයි.(නදී)
ලංකාවේ නීතියත් එහෙම වුනානම් කවුකවුරු කපොති වෙයිද (අ)
අපේ රටටත් මේ වගේ නීතියක් ආවා නම් නේද අනේ. (නදී)
කුමාරි, ඔබ සතුටු වන්නේ කුමුණ හේතුවක් නිසාද යන්න පැහැදිලි කිරීමක් කල හැකිද? (නදී)
අනිවාර්යෙන්ම මැරිලා ඇත්තේ ලොකු තැනක කෙනෙක් වෙන්න ඇති. ඒකයි සල්ලිත් එපා කියන්නේ. මෙකද රාජ කුමාරවරු පොඩි එවුන් එක්ක ඉන්නව කියලයැ. පොඩි මිනිහෙක් මැරුණා නම් මේක වෙනස් වෙන්න තිබුණා.(නදී)
කෝලිත,පිටබෙද්දර නොදන්නා දේවල් කතා කරන්න එපා (අ)
මම දන්න තරමට එරට නිතියට අනුව වරදට ලක්වූ අයගේ පර්ශවයෙන් සාමාවක් නොලැබේනම් දඬුවමක් වෙනස්කල නොහැකියි. මරණ දඬුවම රඳාපවතිනු ඇත්තේ ඔවුන් මත පමණයි. අවසාන මොහොතෙ ඔවුන් වෙනස් වුනොත් නීතියක් ගැන කුමන කතාද(දිල්)
බයවෙන්න එපා අන්තිම මොහොතේ මෙයා නිදහස් ! නැත්නම් ඉතින් මගේ රජකමෙන් වැඩක් තියෙනවද ? (නදී)
මමත් ඉස්ලාමි ධර්මය වැලදගත් කාන්තාවක් ලෙස සතුටට පත්වෙනවා.(නදී)
කාට උනත් වරදට දඩුවම ? අමිල ඔබ හරි.(නදී).
අපේ රිසානා මරපු හැටි තාමත් අපිට මතකයි. එනිසා ඕවා අපිට දැන් වැඩක් නැත.(නදී)
සෞදියේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(නදී)
මම මෙවන් වැඩ වලට හිස නමා අචාර්ය කරනවා, නිතිය නම් නිතිය (දී)
ලොකු පොඩි සැමටම නිතිය එකයි (දී)
එතකොට ඔය පුච්චල මරල කටුනායකට එවන මිනීවලට මොන දඩුවම්ද දෙන්නේ ? (නදී)
නීතිය කාටත් එක හා සමානව තිබිය යුතුයි. ලංකාවේ මෙවැනි දඬුවම් නැති නිසයි අද මේ තරම් අපරාද කරන්නේ. මෙවැනි නීති මගින් දඬුවම් දෙනකොට අනිත් වැරදිකරුවන් ඉබේම හැදෙනවා.(නදී)
නිතියනම් නිතිය තේරුනාද (දී)
මම නම් ඒ තීන්දුවට කැමති නිතිය හරියට ක්‍රියාත්මක වෙන නිසා (දී)
මරන්නයි තියෙන්නේ.(නදී)
මැරිච්ච කෙනත් හාල් කෑල්ලක් නොවෙයි කුමාරයෙක් වෙන්න ඇති.(නදී)
අපේ රටේ නම් වරදකට උසස් වීමක් සහ යාන වාහන නොමිලේ.අහිංසක මනුස්සයෙක් පොල් ගෙඩියක් ගත්තම තමයි ඒ මනුස්සයව පෝරකේට යවන්න බලන්නේ (දී) .
නිතී හැමෝටම එකයි කියන්නේ ලෝකෙට පේන්න. නැත්තම් ෂරියා නීතිය කියන්නෙ වැදගැම්මක් නැති පුහු ආටෝප පුරවලා ඇමරිකන් ගැති විදියට හදපු අමනුස්ස නීතියක් විතරයි. ඕන්නම් බලන්න මරන්න ඔන්න මෙන්න තියලා කුමාරයා අතුරුදහන් වෙලා කියාවි. කුමාරයා ඇමරිකාවෙ ඉදන් සැප අරන් අමතක වෙන තරම් කල් ඉදලා තම මව්බිමට සැපත්වේවි.(නදී)
ලංකාවට නියම පාඩම් ඉගෙන ගන්නවා නම්.(නදී)
නීතිය නම් කාටත් එකයි. මේක හොඳම උදාහරණයක්.(නදී)
මමත් රජ පවුලේ වැඩ කරන කෙනෙක්. නමුත් එහෙම දෙයක් නම් මම තවම දන්නේ නැහැ .හොයල බලන්නම්.(නදී)
ට්රිෂන්ට අරාබියෙක් මොනවා හරි කරලා තියෙනවා. ඒකයි ඔහොම කතා කරන්නේ ගණන් ගන්න එපා ට්‍රිෂන්.(නදී)
ඡිවිතයක් නේද කමක් නැහැ මේවා දැකලා ඉන්න කෙනෙක් හරි හැදෙයිනේ.(නදී)
අපේ මුස්ලිම් සහෝදරයෝ බොරුවට ආඩම්බර වෙන්න එපා. අරාබි නීතිය අනුව සල්ලි දීල ෂේප් කරන්න බැරි උනොත්නේ බෙල්ල කපන්නේ. ඕක සාදාරන නීතියක් නෙමේ මෝඩ විහිළුවක්.(නදී)
ප්රතිගා : දඩුවම් දීම එකක් .මේ අන්තවාදය තව එකක්.ලෝකේ ඉතාම සාමකාමී රටවල් මැදපෙරදිග රටවල් නෙමේයි . ඔය නීතිය ක්‍රියාත්මක කරන්න තියා ඒ ගැන කතා කරන්නේවත් නැති ඒ උනාට අපරාධ අඩු රටවල් ගැන අඩුම තරමේ අහලවත් නැද්ද? .(දී)
අපි නොදන්නා සවුදිය…මේ රැඩිකල් අදහස් දරන බටහිර පන්නයට හැදුන කුමරා රජ පවුලට තර්ජනයක් නිසා බොරු වරදකට පටලවා මරා දමන්න යන කතාවක් සමහර යුරෝපා පුවත් පත් වල මම දුටුවා.(දී)
ඕනෑම රටක නීතියක් තියෙනවා. අපි ඒ නීයට ගරුකරන්න ඕනේ. (නදී)
කුමාරි, ශානි...මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයන්ට උපරිම දඩුවම් දිය යුතුයි. නැත්නම් ඔය අපරාධ නවත්තන එක, අඩු කරන එක බොරු. තමන්ගේ කවුරු හරි ඝාතනය වෙලා මිනීමරුවා නිදැල්ලේ ඉන්දැද්දී තමයි මෙහෙම නීති මතක් වෙන්නේ. බොළඳ අදහස් පළ කරන්න එපා.(නදී)
මොනවා උනත් කෙනෙකුට මරණීය දණ්ඩනය අනුමත කල නොහැක (අ)
නියමයි! (නදී)
ලංකාවෙන් කොපි කරලා වගේ නේද?(නදී)
කාගෙත් වැඩ බලාගන්න පුළුවන්.(නදී)
බොහොම හොදයි නිතිය නම් කාටත් එක සමානය.(නදී)
අපිත් ආදර්ශයට ගත යුත් කාරණාවක්. නිතිය සැමවිටම හැමෝටම සමාන විය යුතුයි.(අ)
ඇමෙරිකා හරි ඊශ්‍රායල් ජාතිකයෙකුගේ හිස ගස දමාවිද මොවුන් ???(අ)
දෙවියනේ (අ)
කෝ ප්‍රතිචාර (අ)
අම්මපල්ල සිහින් කතාව ඇත්ත,(අ)
ලංකාවේ එහෙම උනාට...සෞදියේ එහෙම වෙන්නේ නෑ,,,,,(අ)
සෞදි රටේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(නදී)
අන්න එවැනි නීති ලංකාවෙත් ක්‍රියාත්මක උනානම් අපට යහපත් රටක් හදාගන්න තිබුන (අ)
ලංකාවේ වගේමයි නේද ඇ....(අ)
සෞදි අධිකාරිය ඔප්පු කළා එරටේ නිතිය කාටත් පොදුයි කියල. (අ)
ඔන්න රටවල්.., දුප්පත්,පෝසත්,, කළු, සුදු, කුමන ආගමක් වුවත් නීතිය කාටත් එකයි..,(අ)
මේක තම නිතිය අකුරට පිලිපදිනක් යන්නේ. (අ)
නිතිය ක්‍රියාත්මක විය යුත්තේ අන්න එහෙමය, ලොවටම ආදර්ශයක් , (අ)
ඒ සෞදියේනේ. හැබැයි ඉතින් අපේ රටේ නම් කොහොමද? (නදී)
පේනවනේ රජ පවුලේ අයටත් නීතිය ඒක නං, අපේ මිනිස්සුන්ට වරදට සමාව ඉල්ලීමෙන් පලක් ඇත්ද?. ඒ නිසා බලධාරීනි කරුණාකරලා ඔය සෞදියට අපේ මිනිස්සු යැවීම නවත්වන්න. (නදී)
හොඳ උදාහරණයක්.(නදී)
ඒකත් ජරාවක් දීලා ශේප් කරගන්න හදලා තියෙන්නේ හිතට හරි අමාරු ඇති නේද? (නදී)
වරදට දඩුවම් ලැබිය යුතුයි.(නදී)
ලංකාවට වඩා ඉහළයි.(නදී)
නිවරදියි.(නදී)
සවුදි අයට ඉතින් සත්තු මරණ එකවත් මිනිස්සු මරණ එකවත් අමාරු වැඩක් නෙමේනේ. මෙයාලගේ හදවතුත් මේ වගේමෙයි. අපේ අය ඔය රටට යන එක ඇවැත්විය යුතුයි. කිසිම මනුස්ස කමක් නෑ ඒ අය ලග.(නදී)
ෂරියා නීතියනේ හැමදෙනාටම එක හා සමානයි.(නදී)
කියල වැඩක් නැහැ.(නදී)
මේ තමයි ඉස්ලාම් නීති.(නදී)
කියල වැඩක් නැහැ.(නදී)
මේ වගේ පුවතක් දකින විට ලංකාවේ සමහර අයට කලන්තේ වගේ ඇති. (නදී)
ලෝකේ කොහේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ.(නදී)
ඉස්ලාම් නිතිය ඔක්කෝටම පොදුයි.(නදී)
ලංකාවෙත් මේ දඩුවම් තිබුණනම්. (ත)
නීතිය කාටත් පොදුයි.(නදී)
ලංකාවේ වගේමයි නේද? (නදී)
ලංකාවේ අයටත් මේවා ඇහෙනවා නම් පෙනෙනවා නම් කොච්චර දෙයක්ද? (නදී)
මෙන්න නීති ක්‍රියාත්මක වෙන හැටි ආදර්ශයට ගන්න. මෙන්න ෂරියා නීතිය. (නදී)
මැරිලා තියෙන්නෙත් ඒ වගේම ලොකු පවුලක කෙනෙක් වෙන්න ඇති. නැත්නම් ඔය නිතිය ඔය විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිය සැමට එකයි කියලා බොරුවට පුරසාරම් දොඩන්න එපා. (නදී)
ලංකාවේ එහෙම වුනත් උනත් සෞදියේ එහෙම වෙන්නේ නැහැ.(නදී)
ඔන්න හරි. සියලු දෙන එක හා සමානව බලන්න. (නදී)