අලින්ටත් ළමයින්ටත් නලියන්නමයි හිත කියා කියමනක් ඇතත් දැඟලීමට තියා පියවරක් හෝ ඉදිරියට තැබිම නොහැකි ලෙස විලංගු දැමූ අලිපැටියක් ඉන්දුනීසියාවේ සුරයාබා සතුන් වත්තේ සිටින බව පරිසරවේදීන් චෝදනා කරති. ඔවුන් පවසන්නේ මේ සත්ත්වෝද්‍යානය ලෝකයේ නරකම සතුන්වත්ත බවයි.
විලංගු දමා ඇති අලි පැටවාගේ පසුපස පාද දෙකට හා ඉදිරිපස එක් පාදයකට විලංගු දැමිම හේතුවෙන් අලියට ඉදිරියට හෝ පිටුපසට යාමට නොහැකි වී ඇත. විලංගු හේතුවෙන් පාදවල ගැඹුරු තුවාල දක්නට ලැබේ.
සතුන්වත්තේ එක් කුඩා කූඩුවක පෙලිකන් කුරැල්ලන් 150ක් රඳවා සිටින අතර මරණාසන්න ඔටුවෙක් ද ඒ ආසන්නයේ ම දක්නට ලැබෙයි.
පොලිතීන් ආහාරයට ගත් ජිරාෆ් සතකු ද පෝමලින් යෙදූ මස් විෂ වීමෙන් සුමාත්‍රා ව්‍යාඝ්‍රයකු ද පසුගිය දිනවල මියගොස් ඇත. පරිසරවේදීන් පවසන්නේ ගතවූ මාස තුනේ දී විශාල සතුන් 50ක් පමණ මියගොස් ඇති බවයි. නිසි පරිදි කූඩු පවිත්‍ර නොකිරීමත් ආහාර නොදීමත් ඊට හේතුවී ඇතැයි මහජනතාවගෙන් නැගෙන චෝදනාවකි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ සත්තු වත්තට ගියා. මේ කතාව ඇත්ත. බබූන් ගේ කුඩුව තනිකර අපායක්. ඒක සුද්ද කරලත් නැහැ. අනික මේ සත්තුවත්තක් නෙමෙයි. වෙන රටවල සත්තු ඉන්නේ නිදහසේ. අපි තමයි කුඩුවේ ඉදලා සත්තු බලන්න ඕනේ. මේක නිකම් මිනිස්සු ජොලි කරන පාර්ක් එකක්. (නදී)
මිනිසා ලොව වෙසෙනා ඉතාම භයානක සත්ව වර්ගයා යැයි කීම කෙතරම් සත්‍යයක්ද. (අ)
අපේ නම් ඇනකොන්ඩා කේස් ඇරුනම අනිත් වැඩ තිතට කෙරෙනවා (අ)
මේ අයට දෙහිවල සත්තු වත්ත පෙන්වන්න ,යමක් ඉගෙන ගනී (අ)
මේ විදියට ගියොත් නම් මේ අය දෙහිවල සත්තු වත්ත පරාද කරනවා.(අ)
සත්තුන්ට ආදරය කරන්න හැක්කේ මිනිස් සමාජයට, ගහකොළ වලට ආදරය කරන්න පුළුවන් තරමට හදවත තෙත් නම් විතරනේ. (අ)
ඉන්දුනීසියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)
ලංකාවේ තියන කැලෑ ටික කපලා සත්තුන්ට කන්න තියන දේ නැති කරන එකත් මීට වෙනස් නැහැ.
සත්තුන්ට සලකන විදිය අපේ රටෙත් වැඩි වෙනසක් නැහැ. පින්නවලත් අලි බදින්නේ මෙහෙමයි. පන්සල් වල අලින්න්ට නිදහසක් තියෙනවද? හරියට කන්නත් නැතුව අලි බර ඇදලා ඇතිවෙලා ගොව්වටත් ගහලා නැත්නම් වල වල් වැටිලා මැරිලා කියල කොච්චර මාධ්‍යයෙන් දකිනවාද ?. මෙහෙම මේ රටේ සත්ව හිංසාව දැක්කම ඊට විරුද්දව කතාකරන්න , මොනවා හරි වෙනසක් වෙනකල්ම.(නදී)