මිහිතලය උණුසුම්වීමෙන් සිදුවන විනාශය දැක බලා ගැනීමේ සවාරියක් 2016 අගෝස්තු මස 16 දා ආරම්භ කිරීමට නියමිතය.
අධි සුඛෝපභෝගී නෞකාවකින් මේ සවාරිය යාමට නියමිතය. ඇලස්කාවෙන් ආරම්භකරන මේ ගමන දින 31 ට පසු නිව්යෝර්ක් නගරයෙන් අවසන් කිරීමට නියමිතය.
මේ ගමනේ දී අයිස් කඳු දියවී උත්තරධ්රැවය විනාශ වෙමින් යන ආකාරය. හිම වළසුන්, පෙන්ගුවින් වැනි ශීත දේශගුණයේ ජීවත්වන සතුන් නැරඹීම හා මිහිතලය උණුසුම් වීමෙන් මේ සතුන් පීඩාවට පත්ව සිටින ආකාරය දැක ගැනීම මේ ගමනේ අරමුණ බව සංවිධායකයෝ කියති.
ගමන සඳහා යොදා ගන්නේ මහල් 13 කින් යුතු නෞකාකි. සියළු පහසුකම්වලින් යුතු මේ නෞකාවේ 1070ට ගමන් කිරීමේ ඉඩකඩ ඇත. ටොන් 68,000ක් බරැති නෞකාව උත්තර ධ්රැවයේ පිහිටි දූපත් හා අයිස් කඳු අතරින් ගමන් කිරීමට නියමිතය.
දැනටමත් මේ සඳහා පූර්ව ප්රචාරක කටයුතු ආරම්භ කරමින් අත් පත්රිකා පවා බෙදා දෙමින් තිබේ. සංවිධායකයන් පවසන්නේ මේ ගමනට සහභාගී වන අයකුගෙන් ස්ටර්ලිං පවුම් 25,000ක් හෙවත් රුපියල් 5,550,000.00 ක් අයකිරීමට සිදුවන බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්න ඕනේ නැහැ අපිට නම් බැහැ ඔච්චර ගානක් වියදම් කරන්න. නමුත් ආඩම්බරයි කියන්න අපේ කොච්චර දේසපාලන උත්තමයෝ ඉන්නවද පවුල පිටින්ම ඔය ගමන යන්න පුළුවන්.(නදී)
මේක හැමෝමටම බලපාන අති බයංකාර ප්රශ්නයක් කිසිම කෙනෙක් මේගැන හිතන්නේ නැහැ ධ්රවවල හිම දියවීමෙන් දැනටමත් සාගරවල ජල මට්ටම විශාල ලෙස ඉහල යමින් පවතිනවා.අපි වගේ දුපත් රටකට මෙය ඉතා නරකලෙස බලපානව තවද මෙනිසා කාලගුණයත් ඉතා වේගයෙන් වෙනස්වෙමින් පවතිනවා . (දී)
මට නම් පොඩි අදහසක් තියනවා ඔය ගමන යන්න (නි)
ඇයි "ඇසළ" ඔයාට අමතක උනාද අපේ රටේ ලොකුම සල්ලි කාරයෝ ටික, එයාල හරිම පරිසර හිතකාමී. (දී)
මට පොඩි ගානක් මදි ඔය ගමනට. මම ළඟ දෙනාට ඉතුරු කරගත්ත ගානක් තියනවා. තව £ 24999 වගේ මදි. බලමු. ලැබූනොත් යනවා (දී)