ජාතික ගීය ගැයීමෙන් පමණක් විවෘත වන අපූරු ශීතකරණයක් හදුන්වාදීමට කැනඩාවේ බීර සමාගමක් කටයුතු කර තිබේ.
මෙම ශීතකරණය පදික වේදිකා මත පිහිටුවා තිබෙන්නක් වන අතර එහි ගබඩා කර ඇති බීර බෝතලයක රස විදීමට කැමැත්තෙක් වේ නම් ශිීතකරණය අසළට ගොස් උස් හඩින් කැනඩා ජාතික ගීය ගායනා කළ යුතුය.
එක් වදනක් හෝ අතපසු වුවහොත් ඔහුට හෝ ඇයට සිදුවන්නේ හිස් අතින් හැරී යාමටය.
ජාතික ගීය නිවැරදිව ගායනා කළේ නම් ශීතකරණයේ දොර ක්ෂණිකව විවෘත වේ.
මොල්සොන් කැනේඩියන් නම් වන මේ බීර සමාගම කැනඩාවේ ජාතිකත්වය ඉස්මතු කෙරෙන සේ සැකසූ මේ ආකාරයේම ශීතකරණයක් පසුගිය සමයේ රුසියාවේ පැවැති ශීත සෘතු ඔලිම්පික් උළෙලේදී හදුන්වාදුන්නේය.
එහි විශේෂත්වය වූයේ ශීතකරණයේ දොර විවෘත වන්නේ කැනඩා ගමන් බලපත්‍රයක් හමුවේ පමණක් වීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙත් ඔය වගේ මැෂිමක් කොහේහරි සවිකරන්න බැරිද දන්නේ නැහැ. හැබැයි මැෂිම වෙනස් කරන්න වෙයි අපේ ජාතික ගීයට හරියන්න. (නි)
අපේ රටේ තිතට මත, අරසේනා, මේ සේනා, අමද්‍යප සංවිධාන නිසා සිංහ රූපයත් ගලවපු කාලයේ මේවාට කොහෙත්ම ඉඩක් නොමැත. බැරිවෙලාවත් පටන්ගත්තා කියමුකෝ හරියට ගායනා කරයි. බෝතලෙත් ගනී. සැර මදි නිසා අඩුවට විකුණා සුදුවා හරි කේරල හරි පානය කරයි. (නදී)
ගාමිණී හරි (නි)
ලංකාවේ හුඟ දෙනෙක් ජාතික ගීය පාඩම් කර ගනී. (නදී)
ජාතික ගීය ගයන ගමන් අර අහිංසක සීල් පැටවුන් පණපිටින් හම ගැසූ හැටිත් මතක්කර ගත්තා නම් හොඳයි (නි)
ජාතික දිනේට හොඳට බොන්ඩ පුළුවන් (නදී)
මම දන්නා කෙනෙක් මේ ව්‍යාපෘතියට හවුල්. එයා කියන විදියට බොහෝ කැනඩානුවන්ට ජාතික ගීය නිවැරදිව ගයන්න බැහැ.(දී)
අන්න නියමයි (දී)
ලංකාවේ නම් ශීතකරණය හොයාගන්නත් නැතිවෙයි (නි)
ලංකාවෙ ජාතික ගීය කියන්න ඕනෙ සීරුවෙන්ද නැත්තං අලුත් විදියට පපුවට අත තියාගෙනද දන්නෙ නෑ (නදී)
ලංකාවේ ඕවගේ එකක් දැම්මොත් එක දවසෙන් උස්සනවා. (අ)