අවුරුදු 3 ක් වයසැති කකුල් 5 ක වසු පැටියෙක් ඉන්දියාවේ රායිපූර් නගරයේ සිටියි. ගැබිණි මවක් වසු පැටියාගේ පස්වන කුරය අල්ලා පුතෙක් බිහි වේවායි ප්‍රාර්ථනාවක් කළහොත් ඇයට පුතෙකු බිහිවෙතියි කියති.
මෙතෙක් පැමිණි මව්වරුන් සෑම දෙනකුම පුතුන් බිහි කළ බව කියති. දියණියන් 4 දෙනෙක් සිටින මවක් නිවුන් පුතුන් දෙදෙනෙකු බිහි කළාලු.
දස ලක්ෂයකට එකකු පමණක් උපත ලබන වස්සන් ඉතා වාසනාවන්ත බව අයිතිකරු රාජ් ප්‍රතාප් පවසයි.
මේ වන විට ඉන්දියාවේ ඉතා ජනපි‍්‍රය චරිතයක් බවට පත් වී ඇති මෙම වසු පැටියා ඇල්ලීමට පැමිණෙන සෑම මවකගෙන්ම රුපියල් 1000 ක පමණ මුදලක් අය කරීමට ඔහු වගබලා ගනී.
රාජු නම් තුන් හැවිරිදි වස්සා දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක් වන මෙය කෙදිනක හෝ ලෝ වටා ගැබිණි මව්වරුන්ගේ පැතුම් ඉටු කිරීමට තමන් කටයුතු කරන බවත් ප්‍රතාප් සඳහන් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට ඕව තමයි තිබෙන්නේ කකුල් 5 සත්තු, එකට ඇඳුනු ගැහැණු මිනිස්සු, ඔලු 3 නේ බූරුවෝ. නැ නැ ඔලුතුනේ බූරුවෝ ඉන්නේ ලංකාවේ මම නොවෙයි කීවේ අරයා.(නදී)
එහෙනම් ලංකාවේ ඉන්න මිනිස්සු ඉන්දියාවට යවන්න ඕනා.(නදී)
ඒක පිළිගන්න බැරි කතාවක්නේ මම ඔය කතාව බොරුවක් කියලා හිතනවා.(නදී)
එකනේ මන් ඉන්දියාවේ අය එක්ක ඈහෙන්න යන්න නැත්තේ (අ)
හම්බෙන ළමයින්ට අන් දෙකක් වලිගයක් එහෙම තියෙනවද දන්නේ නෑ (අ)
ලංකාවේ හිටියා නම් කැස්බෑවට උන දේ තමා ඔය වස්සාටත් වෙන්නේ. උගේ පිනකට ඉන්දියාවේ උපන්නේ.(නදී)
මිත්‍යා විශ්වාස සෑම සමාජයකම තිබෙන දෙයක්. එය නැතිවන්නේ ලෝක විනාශය දිනයටයි.(නදී)
දැන් එතකොට පිරිමි ළමයි විතරද දෙන්නේ.ගැණු ළමයි ප්‍රාර්ථනා කරන්න බැරිද? (අ)
ඒ ඉපදෙන දරුවන් මොනවගේද ?
දරුවෙකුගේ ගැහැණු පිරිමි බව තීරණය වෙන්නේ ගැබ් ගන්නා අවස්තාවෙදිමයි. ගැබිණි මව් වරු වසු පැටියා අතගෑවා කියලා ඒක වෙනස් කරන්න බැහැ. මේකෙන්ම පෙනෙනවා මේක බොරු මිත්‍යාවක් කියලා. අඩුම ගනනේ ගැබ් ගැනීමට පෙරවත් කිව්වා නම් යම් තරමකට හරි විශ්වාස කරන්න තිබුනා. ඉන්දියාවේ විතරක් නෙමෙයි අපේ අතර ඉන්නවා මෙහෙම හිතන අය.(නදී)
ලෝකෙ පිරිමි ජනගහණය වැඩි වෙයි වගේ. (ස)
දැන් අපේ අයත් ඉන්දියාවේ යන්න පටන් ගනී (අ)
ඉන්දියාවේ තාම වැඩිපුර ඉන්නේ ගස් ගල් අදහන වස්සො තමා. කුමාර් (අ)
අරුණගේ කතාව හරි. ලංකාවෙත් ඕකම තමයි වෙනසක් නැහැ. (නදී)
ඉන්දියාවේ තියෙන්නේ ඔහොම වැඩ තම , (අ)
ඇයි ලංකාවෙත් ඕකම තමා
මේකා වසු පැටියෙක්යැ. (ස)
අනේ මෙහෙම මෝඩ මිනිස්සු ඉන්නවනෙ. (ස)
ඔන්න ඕකයි ඉන්දියාවේ තත්ත්වේ! (ස)