ඊශ්‍රායලයේ පිහිටි ජෙරුසෙලමේ පුරාවිද්‍යා කැණීමකින් වසර 10,000ට පෙර ජීවත්වූ මිනිසුන්ගේ නිවාස සංකීර්ණයක් හමුවී ඇත. මෙම සොයා ගැනීමත් සමග නූතන මානවයා ජනාවාස ඉදිකළ බවට මෙතෙක් විශ්වාස කළ යුගයට වඩාත් අතීතයට විහිදී යනු ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති.
මිනිසා සතුන් ඇතිකිරිමටත් වගා කිරීමටත් පුරුදු වූ මුල් යුගයට මේ වාසස්ථාන අයත් බව ද පර්යේෂකයෝ කියති.
අවට පරිසරයෙන් පහසුවෙන් සොයාගත හැකි පාෂාණ පේළියට එක මත එක තබමින් බිත්ති නිර්මාණය කැර ඇති බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ මේ නිවාසවල කාමර වෙන්කැර තිබීමයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුහාමුදුරුවෝ දෙවියන් ගැන වැදෑරුවා නේද? (ස)
මේ පුවතින් හෙළුවන් වන අප කලබල විය යුතු නැත. හෝමෝ සේපියන්ස් ලා බිහිවීමටත් ප්‍රථම හෙළුවන් ශිස්ටාචාරගතව සිටි බවට ඕනා තරම් සාක්ෂි ඇත. .(නදී)
අපේ පොලොව යටින් ඔයිට වඩා පැරණි දේවල් හොයා ගන්න පුළුවන්. කැනීම් කරන්නේ උදාසීනව. ඒවාට සල්ලි වෙන් කරන්නෙත් අඩුවෙන්. රට ජාතිය ගැන මීට වඩා හිතමු. ඔය මිත්‍යා දෘෂ්ටික මත එක්ක පැටලිලා කාලේ කන්න එපා. එකම ජාතියක් විදියට නැගිටිමු. (ස)
ඕං මාව විහිලුවට ගන්න එපා. මේ කතාව කීවාට, පරිනාමේදී වසර දහස් ගණනක් ක්රමික විකාශනයක් "කිකිලි ද බිත්තරේ ද ඉස්සෙල්ලම ආරම්භය" සිදුවීමේ වගතුග, ගොඩබිමේ ජීවින් හට ගන්න කලින් මුහුදේ සරුවට ආරම්භ වී, දෙවනුව ගොඩ බිමට ඇදී ආ උභය ජීවින් අතරින් උරග විශේෂ අතර ස්වයං ආරක්ෂාව හා ආහාර සපයා ගැනීමට මාරාන්තික විෂ මත පදනම් නොවූ උරගයන් සතුරාගෙන් ආරක්ෂා වීමට ගස් උඩට බඩගා පලා ගොස් තවත් යන්න තැනක් නැති තැන පොලවට වැටෙන අතරතුර සිදුවූ ජානමය විපර්යාසයන් නිසාවෙන් පිහාටු ඇතිවෙන්න බලපා ඇතැයි පැවසේ. බිත්තර මගින් බිහිවෙන මාළුවන්, උරගයන්, කුරුල්ලන් අතර පොදු කොරපොතු පිහිටීම පොදු බවේ සංකේතයයි. (ස)
අපි නම් ඕවට නෑ... (ස)
අපේ රටේ හමුදාවට පුහුණුව ලබාදෙන අතර තුර කොටීන්ටත් යුධ පුහුණුව ලබා දුන්නේ මේ ‘ඊශ්‍රාඊල්’ යුදෙව්වන්.කොටීන්ට ආයුධ ලබාදී ඔවුන්ව ශක්තිමත් කලේ යුදෙව්වන්.. අනවබෝධයෙන් දොඩවන්න එපා කුමාර්.. යුද්ධයට උදව් කල මිනිස්සු කවුද කියලා බුද්ධිමත් ජනතාව දන්නවා. (ස)
මටත් දැන් තමා ඇත්ත තේරුනේ. (ස)
මලා ලෝකය ඉබේම මැවුන කියලා හිතන්න පුලුවන් නම් දෙවියොත් ඉබේම මැවෙන්න බැරිද මන් අහන්නේ . කෝකද වැඩියෙන් මෝඩ කතාව (නදී)
මට නම් තියෙන්නේ වෙන ප්‍රශ්නයක් (නි)
සිරියලතා, ඕයා දාපු බිත්තරෙන් තමා මේ වැඩ සේරම මේ විදිහට සිද්ද වුනේ. ආයේ බිත්තර දානකොට වැඩිය කෙකෙර ගන්නේ නැතිව හොරෙන් දාන්න බලන්න.(නදී)
මේකට උත්තරයක් දෙන්න බලන්න, පාළුව යන්න මම මේක අහන්නේ, මෙලොවට ඉස්සෙල්ලම පහල උනේ කිකිලිද බිත්තරයද, කියන්න බලන්න දන්නා අය? (නදී)
ආගම දෙවියන් වැනි මෙතනට අදාල නොවන දේ ගැන කතාව කවත්වන්න. මේ සොයා ගත් පැරණි ගෙවල් ගැන කතා කරමු.(නදී)
රොෂාන්, බුදුහාමුදුරුවෝ කියපු දෙවියන්ට පින් දෙන්නේ අපි, ඒගොල්ලෝ අපෙන් පින් ගන්න බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ අපි වගේම සංසාරේ එක ජීවිතයක් ගත කරන අය විතරයි,(දිල්)
සජිත්, "අපිට අවමන් කරන්න එපා." කීවේ ඔයාලද දෙවියෝ ? (නදී)
කිකිලිද බිත්තරේද ඉස්සෙල්ලම ආවේ ? (ස)
අපගේ රටේ තිස් වසරක යුද්ධයට ආධාර දුන් ඊශ්‍රායලයට ජය වේවා! (නි)
මගරි, නිකම් බොරු කරන්න එපා. නිදන් හාරන අහවලාගේ පුතා කවුද කියල ඔයා විතරක් නෙවෙයි මුළු රටම දන්නවා. (ස)
ලෝකේ මැවුවේ දෙවියන් වහන්සේද නැද්ද දන්නේ නෑ. හැබැයි ලෝකය සහ මිනිස්සු පාලනය කරන්නේ නම් දෙවියන්ගේ මල්ලි. (ස)
සජිත් - දන්නේ නැති නිසා ඇහුවේ. අරුත කියල දෙන්න පුලුවන්ද? මම නම් දෙවියෝ කියල දන්නේ මිනිසාට වඩා පහලින් සිටින (නමුත් ලෞකික සැප සම්පත් වලින් ඉහලින් සිටින) සත්ව කොට්ටාශයක් කියල. අපි දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ ඒකනේ. ඔයා වගේ බුද්ධිමත් අය නම් හිතන් ඇත්තේ දෙවියෝ කියන්නේ මහා බලසම්පන්න, ලඟට ගිනින් වැඳ වැටිලා ඉල්ලුවම මිනිසුන්ට සිතු පැතූ දේවල් දෙන්න පුළුවන්, කරන තරමක් ජරා වැඩ වලට සමාව දෙන්න පුළුවන් කෙනෙක් කියල වෙන්න ඇති. ආගම හරි දර්ශනය හරි හදාරන්න වෙලාවක් නැත්නම් ලඟදි ආව "Prometheus " චිත්‍රපටිය පොඩ්ඩක් බලන්න. (නදී)
සජිත්, මොකක්ද ඒ ප්‍රශ්නේ තියෙන වැරැද්ද? මටත් ඔය ප්‍රශ්නේ තියෙනවා. දෙවියන් වහන්සේ නම් ඔක්කොම මැවුවේ, දෙවියන් වහන්සේව මැවුවේ කවුද? මේ වගේ ප්‍රකාශ නෙවේද මෝඩ? දෙවියන් වහන්සේ ලෝකේ මැවුව කියන කතාව දැන් ඇමරිකාව උගන්නනේවත් නැහැ. (ස)
මෙන්ඩිස්, දෙවියා කියන නමේ අරුතේ දන්නේ නැතිව මොඩයා වගේ මෝඩ ප්‍රශ්න අහන්න එපා. මේක ලෝකේ සිටින සියලුම දෙනා බලන පත්තරයක් අපිට අවමන් කරන්න එපා. (ස)
රංග, දෙවියෝ ලෝකේ මවල තියෙන්නේ මේවා හැදුවට පස්සේ! (ස)
ඕක මොකක්ද. රාවණාගේ කාලේ, ඒ කියන්නේ අවුරුදු 20,000 විතර ඉස්සරත් ලංකාවේ ඔයිට වඩා දේවල් තිබුනේ. (ස)
විජේ;අර අහවලාගේ පුතා කියල කිව්වේ අර 80 ගණන්වල 90 ගණන්වල නිදන් හාරපු එක්කෙනාද ?. (නදී)
මෙන්ඩිස්, දෙයියන්ගෙන්ම තමා ඕක අහන්න වෙන්නේ.ඒකනේ බුදුහාමුදුරුවෝ දේසනා කලේ ලෝකය ගැන නොසොයා තමන් තුලින් ලොව දකින්න කියලා. (ස)
එතකොට දෙවියො මැව්වෙ කවුද? නැත්නම් දෙවියො ඉබේ මැවුනාද? තමන් විසින්ම මවා ගත්තද? (නදී)
අපේ අර අහවලාගේ පුතාට නම් දැනගන්න තියන්න එපා. ඔතන නිදන් හාරන්න යාවි. (නදී)
මම නම් කියන්නෙ දෙවියො තමයි ලෝකය මැව්වෙ (නි)
තව සොයමු. සොයන්නාට හමුවෙනවා. එවිට මිනිසාගේ බුද්ධීයේ නිම් වළලු තව ඈතට යයි (නි)