ව්‍යාඝ්‍රයන් හත් දෙනකු සුරතලූන් ලෙස ඇතිකරනා පවුලක් බ්‍රසීලයේ සිටී.
මේ ව්යාඝ්ර සුරතලූන් සිටින්නේ කූඩුවේ නම් නොවේග
ව්‍යාඝ්‍රයන් හත් දෙනා එකම පවුලක සාමාජිකයෝය. වැඩිහිටි ව්‍යාඝ්‍රයන් දෙදෙන සමග පැටවුන් පස් දෙනෙක් සටිති.
මිනිස් පවුලේ සාමාජිකයින් ගණන පහකි.
කෑම, නෑම, ඇවිදින්නට යාම, රූපවාහිනිය නැරඹිම ආදී ක්‍රියාකාරකම් සියල්ලක්ම මිනිස් පවුල හා ව්යාඝ්ර පවුල කරන්නේ එකටය.
මිනිස් පවුලේ ප්‍රධානියා වන ඇරි බෝගර්ස් මෙම ව්යාඝ්ර පවුල මිලයට ගෙන ඇත්තේ ප්‍රදේශයට පැමිණි සර්කස් සංදර්ශනයකිනි. ඒ වසර අටකට පෙරය.
එදා පටන් ව්යාඝ්ර පවුල ජීවත් වනුයේ මේ මිනිස් පවුල සමගය.
නුදුරේදීම ව්යාඝ්ර පවුලට නිදහසේ සිටිය හැකි උද්‍යානයක් ඇති කිරීමට තමන් සැළැසුම් කර ඇතැයි ඇරි බෝගර්ස් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පිරිමි කෙනත් හරියට ව්‍යාඝ්‍රයෙක් වගේ (නි)
මරුවා සමඟ වාසේ. කොයි වෙලේ හරි සතාට තරහ ගියොත් වැඩ ගොඩයි. (ස)
කරුමෙට ෆාමසිත් නැහැ.බේතුත් නැහැ.දොස්තරලත් නැහැ. පොලිසියත් නැහැ නේද මාමේ? (නි)
නරි නාටක තමයි.කැමැත්ත නොවැ ඉතින්? (නි)
ක්‍රිෂානි, ඔබ කියන්නේ සහතික ඇත්ත. මට මේ සතුන්ගේ පරිණාමයත් එක්ක එන ජාන ගැන කල්පනා වුනේ නැහැ. ඔබේ සුහද ප්‍රතිචාරයෙන් මා නිවැරදි කිරීම ගැන බෙහෙවින්ම ස්තුතියි. (නි)
අපේ නයි නලගන වගේ ලෙඩක් දාගනියිද? (නි)
වසන්ත, මාත් අහලා තියෙනවා ඔය ගැන. (නි)
මේක භයානක දෙයක් තිරිසන් සත්තු භයානකයි. (නදී)
හබි එක කෝටියයි ඉන්නේ කෝ අනිත් උන් (නදී)
වසන්ත,අපේ ගමේ හිටියේ ගොන් උපාලි කියලා කෙනෙක් (නි)
මම නම් හිතන්නේ මුන් කොටියෝ (නි)
හොද ඉන්ෂුවරන්ස් එකක් අරගෙන ඇති මං හිතන්නේ (නි)
ලස්සනම මාංශභක්ෂක සතා. (නි)
දිනක ආහාරයට අඩුම වශයෙන් හරකෙක්වත් අවශ්‍ය ඇති. (නි)
ලාරා, ගමේ හිටියේ කොහොම කෙනෙක්ද? ව්යාඝ්රයන්ද? (නි)
ලංකාවෙත් බල්ලෝ ඇති කරනවට මෙහෙම දෙයක් කළා නම් ආරක්ෂාවට නියමයි.හොරු නම් ගෙදරට කවදාවත් එන්නේ නැහැ.... (නි)
මේ සත්තු ජිවත් වෙන්න ඕනේ හරි නම් කැලේ , මොන වෙලාවේ හපා කාවිද කියල කියන්න බැහැ , මේවට හොද උදාහරණ තිබෙනවා , අහුන්ගල්ලේ සත්තුවතේ හිටිය කොටියත් හරිම හිලැයි. නමුත් එක පාරටම ළමයෙක්ව මැරුවා. ඇමෙරිකාවේ ලාස් වෙගාස් වල සීග්ෆ්රෙඩ් සහ රෝයි ලග හිටපු කොටියත් එහෙම්මයි. පරිස්සමෙන් (නදී)
අපේ ගමෙත් හිටියා ඔහොම කෙනෙක් ?(නදී)
මතකනේ අර කිඹුල්ලු අල්ලපු කොළුවට උන දේ - කැලේ මාරු උනාට සතා සතාමයි (නදී)
උපාලි.. ඔබ පැවසු දෙය සත්‍යක්. ඒ උනත් ජන්ම ජාන එහෙමම නිසා, අළු යට ගිනි සමග ජීවත් වෙන පවූලක් මේ. කොටියාගේ කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නෑ කියල කියන්නේ කට කහනවටම නෙමෙයිනෙ.(නදී)
වසලයද? බ්රහ්මනයද? බලන්න තිබ්බා උගේ ජන්ම ගතිය එලියට ආව නම්!(නදී)
'කෙනෙකු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වන්නේ උපතින් නොව ක්‍රියාවෙනි' යන බුදු වදන සිහියට එනවා. උපතින් නපුරු යයි සම්මත සතෙක් වුනත් ආදරය මැද හැදෙන කොට අහිංසක වෙනවා. (ස)
වෙලාවක් ආපු දාටදෙන්නා තුන්දෙනාටම ව්‍යාඝයා වැඩක් දෙයි. නපුරු සත්තු. (නදී)
මෙගොල්ලොන්ගේ ගෙවල් පැත්ත පළාතකට හොරෙක් නම් එන එකක් නැහැ... (ස)