සෞඛ්‍යවත් හා සමෘද්ධිමත් දිවි පෙවෙතක් උදෙසා පොල් ගෙඩිය හිස් කබලේ ගසා බිඳ දෙවියන්ට කන්නලව් කිරීමේ අපූරු චාරිත්‍රයක් පිළිබඳව දකුණු ඉන්දියාවෙන් වාර්තා වේ.
19 වන සියවසේ සිට වර්ෂ ගණනාවක් පැවත එන මෙම පාරම්පරික චාරිත්‍රය සඳහා බැතිමතුන් දහස් ගණනක් තමිල්නාඩු ප්‍රාන්තය වෙත වාර්ෂිකව එක් රැස් වෙති.
ගැහැණුන් හා පිරිමින් පමණක් නොව කුඩා දරුවන් පවා මේ සඳහා සහභාගි වෙති. හිසේ ගසන පොල් ගෙඩිය බිඳ දැමීමේදී එයින් පොල් වතුර විසිරී යන ආකාරය හා පොල් ගෙඩිය බිඳෙන ස්වභාවය අනුව එම වසරෙහි ඔහුගේ දියුණුව සංකේතවත් වන බව ඔවුන්ගේ අදහසයි.
චාරිත්‍රය ඉටු කිරීමෙන් පසු හිස් කබල දරුණු ලෙස තුවාල වීම නිසා මේ සඳහා ගිය පිරිස් රෝහල් ගත කැර ඇති බවත් ජීවිත හානි සිදු වී ඇති බවත් කියති.
එම නිසා මෙම චාරිත්‍රය නවතා දැමය යුතු බව වෛද්‍යවරු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්! (නි)
ඉතින් වාසනාව ලැබුණද දන්නෙ නැහැ (නි)
මට නම් හිතාගන්නවත් බැහැ (නි)
ඇයි මිනිසුන් මේ විදියට හිතන්නේ? (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
අර 'ස්කයි ලැබ්' එක ඇඟට කඩා වැටෙයි කියලා දිවි නසාගත් මිනිස්සු ඉන්න රටනේ (නි)
ඉන්දියාවේ ඉන්න අය ගැන නම් කතාකරලා වැඩක් නැහැ. (නි)
හරියටම මර්මස්ථානයකට (නිලයකට) වැදුනා නම් එහෙම වාසනාව පෑදෙනවා. (නි)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු. ඔය ළමයින්ට ඕවයේ ප්‍රතිපල එන්නේ අවුරුදු ගණන් ගියාම . එතකොට බොහොම ප්‍රමාද වැඩි. ඉක්මනින්ම තුවලවෙලා මැරෙන අයත් ඇති. එත් බහුතරය අනිත් ගොඩට වැටෙන්නේ. පොඩි ළමයෙක්ක්ගේ ඔලුවට පොල් නෙමෙ දෙල් ගෙටියක් වැටුනත් ලොකු හානියක් වෙනවා (දී)
මේවා නම් මහා බොරු මිත්‍යා විශ්වාසයන් .... (දී)
මේ මිනිස්සුන්ට මොලයක් නැති නිසා ඔලුවේ ගහල පොල් කැඩුවට ප්‍රශ්නයක් නැහැ.(අ)
ඉන්දියාව ෆිල්ම් වලින් පුම්බලා තිබුනට, රොකට් යැවුවට, රටේ ඉන්නේ බාගයක්ම මෝඩයෝ (අ)
මෙවන් රටක මේකත් තවත් එක් සිද්ධියක් පමණයි (නි)
හරියටම තමන්ට ඔලුව තියෙනවද බලනවා වෙන්න ඇති. ලංකාවෙත් දේවාලවල, හදි හූනියම් වලට මුදල් විසිකරන මෝඩයොත් අඩුවක් නැහැ නේද? (නි)
මේ අයට කියන්නේ පොල් බූරුවෝ කියලා (නදී)
මෙහෙම මිනිස්සු (දී)
ඒක ඒ මිනිසුන්ගේ කැමැත්ත (නි)
මේ කාටත් මම කියන්නේ, අනුන්ට ගරු කරන්න ඉගෙනගන්න මුලින්ම. මේක ඉන්දියාවේ සංස්කෘතියේ අංගයක්.ඒ අය ඒක විශ්වාසයෙන් කරන දෙයක්.අපිට කිසිම අයිතියක් නැහැ ඒවා විවේචනය කරන්න. (නි)
බන්දුල පෙරේරා මෙතන ටිකක් ගොන් නොවෙන කතාවක් කියලා තියෙනවානේ (නදී)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු ඉන්නවද?(දිල්)
මම දැකලා තිබෙනවා දේවාලෙකදී, දවසක් පොල් ගෙඩියක් නළලේ ගහලා බින්දා ලාංකිකයෙක්. (නි)
වාසනාව ඉතින් පොල් මුදලාලි මහතුන්ට ඇරෙන්න වෙන කාටද? (නි)
පිස්සු බන්දුල පෙරේරා? හරි වැරැද්ද තේරුම් ගන්නවත් බුද්ධියක් නැද්ද? (නි)
තමිල් නාඩුවේ කොහොමත් මෝඩයෝ ඉන්නේ ? (නදී)
ගොන් වෑඩ ඉවරයක් නෑ. මහ උන් ඔනෑ එකක් කරගත්තාවේ පොඩි ලමයි ගාවගන්නේ නෑතුව (නදී)
වාසනාවේ තරම කෙසේ වෙතත් මෝඩකමේ තරම නම් මැන ගත හැකියි. (නදී)
මොන දෙවියන්ටද? (නදී)
බත් කන ..... ඉන්න ලෝකෙ එකම රට (දී)
මම එ්ත් මේ බැලුවේ වෙන රටක්වත්ද කියලා. නෑ මේ ඉන්දියාවමනේ. අවුලක් නැහැ. සතියකට සැරයක්වත් ඔහොම දෙයක් නෑසුනොත් තමා පුදුමයක් වෙන්නේ. (නදී)
පොල් ගෙඩියේ එක තැනක් තියනවා පොඩි පහරකටත් බිඳෙන තැනක්. ඒක හරියට කරනවා නම් ලොකු අමාරුවක් නැහැ (නදී)
මමත් පොල්ගෙඩි කීපයක්ම ලෑස්ති කරගෙන ඉන්නේ, ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයෝ ටික අපේ ගෙදරට එනකම් (නදී)
තමිල්නාඩුවේ ඉන්න තරමක් ඉන්නේ පොල් බුරුවොම තමා. ජයලලිතත් අවුරුදු පතා මේ චාරිත්‍රය කරනවා ඇති එ්කනේ එයාට සරු ! (නදී)
යොමා බුදුනෙත කුළුනේ. වඩිනු මැන නිදුකානනේ (නදී)
මෙහෙමත් හරක් ඉන්න රටක් (නදී)
මේක අන්ද විශ්වාසයක් තමා නමුත් දේව මෙහෙය ඉවරවෙලා එලියට ඇවිත් අනිත් කට්ටියගේ බෙලි කපන්නේ නැති නිසා කමක් නැහැ (නදී)
මෙහෙමත් හරක් ඉන්න රටක් (නදී)
මේ පොඩි ළමයිනුත් ඔළු කටු පොඩිකරනවා නේද? ලංකාවේ අයියලත් මේක පුරුදු වෙයිද ? (නදී)
යන මිනිස්සුන්ට හොඳටම පිස්සු (නදී)
බලාපල්ලකො මේ දෙවනි පින්තූරෙ ඔලුවට පොලේ වදිනකොට ඒ දරුවගෙ මූණෙ පිරී ඉතිරී යන සෞඛ්‍යවත් හා සමෘද්ධිමත් බව..මාත් යනෝ ඉන්දියාවට! (නදී)
අදබාල මිනිස්සු, මෙහෙම අය කොහෙත් ඉන්නවා. තමන් කෙරෙහි විශ්වාසයක් නැතිව කොහොම ජීවිතේ ගොඩ ගන්නද? දේව චරිත රග පාන නළු නිළියන්ට වදින නුවන මද ජාතියක් මේගොල්ල. (නදී)
අපේ අයියලත් මේක කරලා ෆොටෝ ගහල යුරෝපීය රටවලට යවාවිද දන්නේ නැහැ මෙන්න ආයෙත් අපිට හිංසා පීඩා කරනවා .....අපිව බේරගනිල්ලා කියල. (නදී)
මේ අය හොදයි අකුණු ගහනකොට එලියට විසි කරන්න (නදී)
ලෝකේ කරන තරම් ගව වැඩ කරන අය ඉන්නේ ඉන්දියාවේ. අපේ හරකුත් වැඩි දවසක් නොගිහින් ඕවා කරන්න ගනීවි (නදී)
ඉන්දියාව කියන්නේ මේ වගේ අවිචාර වැඩ වලට තෝතැන්නක්. මිනිසුන්ගේ මෝඩකමද නුගත්ත්කමද කියන්න නම් දන්නේ නැහැ . මම හිතන්නේ විචාරවත් බව අඩුයි කියලා (නදී)
අනේ මේ වගේ මිනිස්සු ඉන්න රටක්? (නි)
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවේත් බහුතරය ඔය වගේ වැඩ කරනවා (නි)