එළිමහනේ මළ පහ කිරීමේ පුරුද්ද මඟ හැරවීමේ සහ වැසිකිළි භාවිතය හුරු කරවීමේ අරමුණින් ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ අහමදාබාද් නුවර පොදු වැසිකිළි භාවිතා කරන්නන්ට ඉන්දීය රුපියලක්(ශ්‍රී ලංකා රුපියල් 2) ලබා දීමට අහමදාබාද් නගර සභාව පෙරේදා (10) තීරණය කළේය.
මෙම නව වැඩපිළිවෙළට අහමදාබාද් ස්ථාවර කාරක සභාවේ ද අනුමැතිය හිමිවී ඇති අතර, ඉදිරි දින කිහිපයේදී එය කි‍්‍රයාවට නැංවෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය අගමැති මෝදි උපන් ප්‍රාන්තය වන්නේ ද ගුජරාඨයයි. අගමැති මෝදි ඉන්දියාව පිරිසුදු තැනක් කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති ‘ස්වාච් භාරත්’ වැඩසටහනට අනුව මෙම නව වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක වන බව පුරපතිනී මීනක්ෂි පටෙල් පවසා ඇත.
‘නගරයේ පොදු වැසිකිළි 315 ක් තිබෙනවා. නමුත් ඒවායින් 120 ක් පමණ භාවිතයට ගැනෙන්නේ නැහැ. වැසිකිළි යෑමට මුදල් ගෙවීම සිදුවන්නේ මෙම වැසිකිළිවලයි.’ යනුවෙන් අහමදාබාද් ස්ථාවර කාරක සභාවේ සභාපති ප්‍රවීන් පටෙල් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.
ඉන්දියානුවන් බොහෝ දෙනා වැසිකිළි පාවිච්චි නොකරන හෙයින්, එය සෞඛ්‍ය ගැටලූ රැසකට හේතුවක් වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු නිරන්තරයෙන් මැසිවිලි නගති.
වැසිකිළි භාවිතා නොකරන බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ එළිමහනේ නිදහසේ මළ මුත්‍ර පහ කිරීම සුව පහසු කි‍්‍රයාවලියක් කියාය. සනීපාරක්ෂණය සම්බන්ධයෙන් කොතරම් දැනුම්වත් කළත් මෙවැනි ආකල්ප වෙනස් කිරීම ඉන්දීය සෞඛ්‍ය බලධාරීන්ට ගැටලූවක් වී ඇත.
ඒ සඳහා පිළියමක් ලෙස වැසිකිළි භාවිතා කරන්නන්ට මුදල් දීමට අහ්මදාබාද් නගර සභාව ගත් තීරණය ප්‍රසංශනීය යැයි අගමැති මෝදි පවසා ඇත.
(ඉන්දීය පුවත් සේවා ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම දේ පොදු වැසිකිළි ඇතුළේ කෙටි චිත්‍රපටියක් පෙන්වීම (නි)
අනේ අපේ ඩුබායි තිලක්ටත් කවුරු හරි වැසිකිලියක් හදල දෙන්න.. මේ මනුස්සය එසැන පුවත් වල මලපහ කරන එක පුරුද්දක් කරගෙන දැන් ..ගන්දස්සාරේ බැහැ..(ම)
ඉන්දියාවේ ජංගම දුරකතන ගණන වැසිකිළි ගණනටත් වඩා වැඩිලු නේද? (නි)
නාරද, අපි ඒකට පිවිතුරු යහපාලව දාමු. වැඩේ නියමෙටම කරයි (නි)
වැසිකිලි යාමෙන් පසු සබන් ගා අත් සෝදන්න කිව්වහම වැසිකිලි ගිහිල්ල අත් විතරක් හෙදුවලු (ම)
නාමල් කාටද ඔය වහල් කම කලේ .අනේ අපින කාටවත් වහල් කම කලේ නැහැ අපි හොයාගත්ත අපි කෑවා (ම)
පසුගිය අවුරුදු 10 තුල ලාංකිකයන්ගේ සෞඛ්‍ය පුරුදු ගොඩක් දියුණු වී ඇති බව පෙනේ , එළිමහනේ සහ මුහුදු වෙරළවල මල පහ කිරීම විශාල ලෙස අඩු වී ඇත , කොහොම නමුත් අපේ රටේ පොදු වැසිකිලි වල තත්වය ගැන සැහීමකට පත් විය නොහැක , කරුණාකර රජය මේ ගැන මිට වඩා අවධානය යොමු කල යුතුය ,(හේ)
අපොයි ඉන්දියාවේ තත්ත්වේ.(හේ)
වැසිකිලියට ගිහින් බොරුවට එන අයව බලන්න තව කෙනෙක් තියන්න වෙනවා. ගමන් පහක් ගියානම් රුපියල් දහයක් නේ.(අ)
ඔවා ඔය කියන හැටියටම විශ්වාස කරන්න හොදත් නැහැ. සමහර වෙලාවට ඔය රුපියල් දෙක ගන්න දවස් කීයක් තවත් පෝලිමක ඉන්න ඕනද දන්නේ නැහැ. (අ)
එදා උතුම් ගාන්ධිතුමා උගන්වපු ලෝකයට හොදම තියරිය නේද ?වෙනසකට මුල පුරමු ජය හේ ....... .........(ම)
අර පචවංශ වේදිකාවක කරන කතාවක් ඉන්දියාවේ පෙන්නුවානම් මේ අගමැති ලොකු අමාරුවක වැටෙනවා. (ස)
මේකෙදි අපේ රටට බලපාන ලොකුම ප්රශ්නය තමයි ඉන්දියන් ජාතිකයන් ලංකාවට ආපුවම මොනම කාරණාවකටහෝ ඔවුන්ගේ ශරීර කෘත්‍යයන් කරගැනීමට පෙර ශ්‍රීලංකා රජයට ඔවුන්ට ගෙවීමක් කරන්න වේද කියන එකයි. මොකද නොගෙවුවා කියල මානව හිමිකම් එකට පැමිණිලි කරන්නත් බැරි නෑ. (ස)
වැසිකිළි යන අයට මෝදිගෙන් සල්ලි.... වැසිකිලි හෝදන්න යන අයගෙන් අපේ රටට සල්ලි. (අ)
නන්දලාල් මහත්තය මොකද මේ ශාන් මහත්තයට අනම් මනම් කියන්නේ.. එතුමා වැසිකිලි හෝදන්නේ නැහැ..එතුමා යන ඒවා බැන බැන හෝදන්නේ වෙන ඈයෝ..පෙන්නේ නැද්ද මේ තිරුවෙන්ම..(බ)
මේ ව්‍යාපාරය දකුණේත් පටන්ගත්තොත් නරකද?කවුරුත් දන්නවා දකුණේ අය මුහුදු වෙරළට යනවා කියලා.දකුණෙන් තමයි ලංකාවේ දේශපාලනයට වැඩිපුරම දුෂකයන් වැඩිපුරම තෝරා පත්කරගෙන තියෙන්නේ.දකුණට විශේෂ අධ්‍යාපන වැඩසටහනක් අවශ්‍යයි (නි)
[පිවිතුරු යහපාල 2015-06-13 14:27:47 නන්දලාල් මහත්තය මොකද මේ ශාන් මහත්තයට අනම් මනම් කියන්නේ.] මම කාටවත් අනම් මනම් කියලත් නැහැ, කියන්නෙත් නැහැ. මම මෙහේ ලියන්නේ මගේ පුද්ගලික මත පමණයි. ඒ වගේම මගේ කෘති වලින් කාගේ හරි හිත් රිදීමක් ඇති උනා නම් මා ඊට සමාව අයැද සිටිනවා. (නදී)
චමිලා,හොඳම දේ පොදු වැසිකිළි ඇතුළේ කෙටි චිත්‍රපටියක් පෙන්වීම නිසා තමයි අර කොළඹ මන්දිරයක රූපවාහිනි තිරයක් දාලා තිබුණේ.කෝ එ්කත් වැරදි විදියට පෙන්නුවානේ. (නි)
මුහුදු වෙරල තිරය ගත්තම තනිකරම එළිමහන් වැසිකිලියක් තමයි අපේ රටෙත්. (බ)
රැපියල දෙන්නේ කොහොමද ? ඇතතටම ගියාද කියලා කොහොමද දන්නේ (ම)
ඉතින් නාමලුත් ඕක පහු ගිය අවුරුදු දහයේ ඔය දේ එලි පහලියේ කළානම් ඔයාටවත් ඒ වහල් කමෙන් මිදෙන්න තිබුනනේ..අපරාදේ කට්ට කෑවේ..හෙට අනිද්දට ආයේ පාරක් කට්ට කන්න වෙනවා අවුරුදු ගානකට ..එතකොටවත් උත්සහ කරලා බලන්න..(බ)
ඔය තමිල්නාඩුවේ දේශපාලුවනුත් අපේ රටට කෙනහිලිකන් කරන්නේ නැතුව ඔය මළපහ කරන තැන් ටික හදාගත්ත නම් ඉවරයි නොවැ (බ)
අනේ අපේ ඩුබායි තිලක්ටත් කවුරු හරි වැසිකිලියක් හදල දෙන්න ..(බ)
ගෝටාභය මහත්තයා ඉන්දියාවෙන් ඇරයුමක් අවේ නැද්ද දන්නෙ නැ..... ලබන පාර ඉන්දියාවට එක ගන්න තිබුණ. (ම)
වැසිකිලි ඉස්සරහ පෝලිම් තියෙයි.මුදල් අවශ්‍යතාවයට. පරණ පුරුදු එහෙමම තියයි.(ම)
අපි ඕවට යන්නැත්තේ අපෙන් සල්ලි ගන්න හින්ද. (ස)
ඉන්දියාව කියන්නේ නූගත් මිනිස්සු කොට්ඨාශයක් තියාගෙනත් වේගයෙන් දියුණුවුණ රටක්.ලංකාවෙ මිනිස්සු 95% සාක්ෂරතාවය තියාගෙනත් අවුරුදු 10ක් වහල්ලු වෙච්ච රටක්. (නි)
ඔහු දුරදක්නා නුවණක් ඇති නායකයෙක් (නි)
ඉන්දියාවේ ඉස්සර මේ ක්‍රමය ඇතිකළේ සුද්දා එලවන්න. අපේ රටේ පොදු වැසිකිලියට යනවාට අපෙන් රුපියල් 10ක් ගන්නවා. ඒ අපිව දුගඳට පුරුදු කරන්න. හැබැයි පොදු වැසිකිලියට යනවාට අපට රුපියල් 100ක් වත් දෙන්න ඕන. (ර)
හැබැයි ඉතින් පොදු වැසිකිලියක් පාවිච්චි කරනවට වඩා එළිමහනේ නිදහසේ ඒ කාරිය කරන එකනම් හොඳයි තමයි, මොකද ඔය ලංකාවේ ඉන්දියාවේ තියෙන පොදු වැසිකිලි ටික දවසක් පාවිච්චි කලොත් ලෙඩ කියක් හැදිලා නවතියිද දන්නේ නෑ. (ර)
ඔන්න ඕක තමා මහා ලොකු ඉන්දියාවේ තත්වේ!! (ම)
ආකල්ප මුදලින් වෙනස් කිරීම අසීරුවේ (නි)
පාරේ මළපහ කරනවා විතරක් නෙමෙයි යන කෝච්චියෙන් පවා පිටතට මළපහ කරනවා. (නි)
මේක කරන්න පුලුවන් වැඩක්ද? (නි)
ඉන්දියාවේ භාණ්ඩාගාරයේ තිබෙන සල්ලි සියල්ල බෙදුවත් ඔය කට්ටිය වැසිකිළියකට යවන්න බැහැ. රේල් පාරවල් වල හැඩේට වැසිකිළි හැදුවොත් නම් පෝළිමට යයි. (නි)
දිලිප් මහත්තයත් ඉන්දියාවේ ක්‍රමයට වැසිකිළි යන්න ආසයි වගේ (නි)
බොරුවට වැසිකිළි ගිහින් රුපියල හොරට ගන්න අය නිරීක්ෂණයට නිලධාරියෙක් පත්කළ යුතුයි (නි)
ෆිල්ම් හෝල් හැඩේට වැසිකිළි හැදුවනම් හරි (බ)
අපේ රටේ මේකේ අනිත් පැත්ත නිසා අපේ කට්ටිය වැසිකිළිය තිබෙද්දී පාරට පුරුදුවෙයිද කියන්න බැහැ (නි)
යහපාල වගේ අය කොච්චර මොළ සෝදලද කියල දැනෙන්නේ ඊළඟ මැතිවරණයේ ප්‍රතිපල ගැන තියෙන දහසකුත් එකක් බලාපොරොත්තු දැක්කම. ඔය වගේම අවුරුදු දහයක් අපිත් ඒගොල්ලන්ට තමයි ඡන්දෙ පාවිච්ච් කළේ. ජනවාරි 8 සිදුවුනේ වැරදීමක් හෙම කියල හිතන්න එපා මොහොතකටවත්. ඒ තරමට එපාවෙන දේ සිද්ද වුනා කියලවත් අඩු තරමින් පිළිගන්න. (බ)