නොසන්ඩාලයකුගේ වැඩක් නිසාවෙන් වැසිකිළි පෝච්චියට ‘‘ඇලවී‘ සිටින්නට සිදුවූ කාන්තාවක ගැන ඇමරිකාවෙන් වාර්තා වේ.
ඇමරිකාවේ ජොර්ජියා ප්‍රදේශයේ පිහිටි සාප්පු සංකීර්ණයකදී මේ අලකලංචියට මුහුණ දීමට ඇයට සිදුව ඇතැයි සඳහන්වේ.
ඇතිවූ හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් වැසිකිළිය භාවිතා කර ඇති ඇය වැසිකිළි අසුනින් නැගිටීමට නොහැකි වූ තැන උදව් ඉල්ලා කෑ ගසා ඇත.
දැනුම්වත් කිරීමකින් පසු එතැනට පැමිණි ගිනි නිවීම් භටයින් ඇයව කිසිදු උපද්‍රවයකින් තොරව වැසිකිළි පෝච්චියෙන් වෙන් කර තිබේ.
පසුව කළ සොයාබැලීමකදී වැසිකිළියේ තිබී ඉතා ප්‍රබල මැලියම් වර්ගයක ටියුබයක් හමුවී ඇති අතර කිසියම් පුද්ගලයෙකු එම මැලියම් වැසිකිළි අසුනේ ආලේප කර තබන්නට ඇතැයි සැක කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය සපත්තු නොදාද ගිහින් තියෙන්නේ? (නි)
පිස්සු වගේ මට නම් (නි)
පිස්සෙක් කරපු වැඩක් වගෙයි (නි)
ප්‍රසන්න, ඔයා ඒක කළාට ලංකාවේ හැමෝම ඒවා නෙමෙයි කරන්නේ. ඔයා එහෙම කරන්න යන්න එපා හොදේ. (නි)
පිස්සෙක් කරපු වැඩක් වගේ (නි)
ගම් එක කොහොම වැසිකිළියේ ගෑවුණාද කියලා කවුද දන්නේ? (නි)
මේවගේ පුවත් වැඩිය පළකරන්න එපා. මොකද ලංකාවෙත් ඔයවගේ නොසන්ඩාලයෝ ඉන්නවා.මේවා දැක්කොත් ඉවරයි (නි)
මානසික අසහනකරුවෙකුගේ වැඩක් (නි)
නුවන්, ඔබ කියන වැසිකිළියට අය කරන්නේ රුපියල් 10/-යි. පිටකොටුවේ දුඟද හමන කිසි පහසුකමක් නැති වැසිකිළියේ රු 7/- ගන්නවා. (නි)
නුවන්,ඔබද මේකේ අයිතිකාරයා? (නි)
පොඩ්ඩක් හිතලා බලන්න පොඩි ළමයෙක් ඇවිත් ඉඳ ගත්තා නම් ඉවරයි නේද?? ඇමෙරිකාව අනාගතේ මේකට පිලියමක් වශයෙන් යන්ත්‍රයක් හදයි. අපේ රටේ කවුරුවත් ඔය වගේ බාල වැඩ කරයි කියල හිතන්න බැහැ. (ස)
කලින් ගිහින් තියෙන්නේ ගම් වලට කැමති කෙනෙක් වෙන්න ඇති (නි)
මේ වගේ දේවල් කියවන අපේ රටේ ඉන්න සමහරුත් මේවා කරලා සතුටක් විඳින්නට ඉඩ තියෙනවා (නි)
BMICH අන්න නියම වැසිකිලි.. සත පහක් ගන්නේ නෑ. එංගලන්තේ වගේ (ස)
පාසල් වලට පැනල වෙඩි තියන ඇමෙරිකාවේ ඕව සුළු දේවල් ලෝකේ පොලිස් කාරයාගේ රටනේ (නදී)
මේවා මහා ජරා වැඩ.(නදී)
පිටකොටුවේ ගුණසිංහ ප්‍රතිමාව ගාව සල්ලි ගෙවන වැස්කිලියක් තියෙනවා, . මාර පිරිසින්දුයි (අ)
මේවා අැමෙරිකාවෙමයිනේ වෙන්නේ. (නි)
ඔව් කුමාරි... මමත් ඔයා සමග එකඟ වෙනවා. අනුන්ට දුකක් වේදනාවක් දීල සතුටු වෙන මේ වගේ නරුමයන්ට මතක හිටින පාඩමක් උගන්වන්න ඕනේ.(නදී)
දැනට දින දෙකකට පෙර මමත් මෙම වර්ගයේ මැලියම් වර්ගයකින් වැඩක් කර අවසානයේදී බලන විට මැලියම් තැවරුණ ඇඟිලි දෙකක් එකට ඇලවිලා බොහොම අමරුවෙන් බ්ලේඩ් තලයක උපකාරයෙන් ඇඟිලි වෙන් කර ගත්තා.(නදී)
මේවා ප්‍රායෝගික විහිළු නමුත් සැර වැඩී. (නදී)
අපිව අලවන්න කෙනෙක් නැහැනේ.(නදී)
ඇමරිකාවේ ගැහැණු පිරිමි එකම වැසිකිලියටද ? මොකද මේ වැඩේ නොසන්ඩාලයෙකුගේ කියල දාල තියෙන නිසයි ඇහුවේ ? හරි නම් නොසන්ඩාලියකගේ වැඩක් වෙන්න එපැයි. (ස)
මේ වගේ පිස්සු වැඩ කරන මිනිස්සුන්ට මතක හිටින පාඩමක් උගන්වන්න ඕනා.(නදී)
පිටබැද්දර ජයා අයියෙ, ඔයාට තේරුන එක අනිත් අයට තවම තේරිලා නැහැ වගේ. (ස)
හොයල බලන්න ලංකාවේ කෙනෙක්ද සුද්ද පවිත්‍ර කරන්න ඉන්නේ කියලා. (ස)
මේ වගේ මානසික රෝගීන් ලොව පුරාම ඉන්නවා. (ස)
සමදරා, මම ඔයාව අලවන්නම්. ඒත් අාපහු ගලවන්න නම් කියන්න එපා. මොකද මම හකබොන්ඩ් තමයි පාවිච්චි කරන්නේ (නි)
මහනුවර තැනක තිබෙනවා අති සුඛෝපභෝගි වෙළද සංකීර්ණයක්. ඒක ඇතුළේ තියෙන වැසිකිළිය භාවිතා කරන්න රු. 20/= ක් ගන්නවා. හැබැයි අපරාදේ කියන්න බැහැ, හරිම පිරිසිදුයි. වතුර පොදක්වත් බිම වැටිලා නැහැ. හැම වෙලාවෙම සේවකයෙක් පිස දමනවා. අත් වේලාගන්න උණූසුම් හුළං එන මැෂින්, අත් පිසගන්න පේපර් ටිෂූ, විශාල කණ්නාඩි, ස්ටිල් වතුර කරාම, මේ හැම දෙයක්ම තියෙනවා.කිසිම අහිතක් නැතුව යන්න පුලුවන් තැනක්. මේ වගේ පිරිසිදු වැසිකිළි ලංකාවේ හැම නගරයකම හදන්න ඕනෑ. රුපියල් 20/= ට වඩා පිරිසිදුකම කෝටියක් වටිනවා. එහෙම නේද? (නි)
මොනවා හරි අදහසක් දාල තිබුනොත් පුරුද්දට කියවනවා. ටිකක් හොද ප්රවෘත්ති ටිකක දැම්මා නම් බලන්න තිබුනා.(නදී)
සමහරු සතුටක් ලබන්නේ තවත් කෙනෙක් දුකට කරදරයට ඇදලා දාලා. ඒක මානසික ලෙඩක්.(නදී)
ලංකාවේ චෝ-ගම් ගාලා තිබුනොත් නැගිටිනවා බොරු (නි)
ඒකෙත් හැටි? (නි)
මේ වගේ වැඩ කරලා විනෝදයක් ලබන මානසික රෝගීන් ලෝකයේ හැම රටකම ඉන්නවා (නි)