දරුවන්ට දඬුවම් කිරීමෙන් ඔවුන් දරදඬු වන බවත් වැරදි ක්‍රියා වලට යොමු වන බවත් නවතම පර්යේෂණයකින් හෙළි වී ඇත.
දෙමාපිය දූ දරු සම්බන්ධතා කෙසේ වුවත් දෙමාපියන් දරුවන්ගේ විනය පිළිබඳව ගන්නා ක්‍රියා මාර්ග දරුවන් කෙරෙහි දැඩිව බලපාන බව පර්යේෂණය සිදුකළ ඇමෙරිකා විද්‍යාඥ කණ්ඩායම සොයාගැනීමට සමත් ව ඇත.
පර්යේෂණයට සම්බන්ධ වූ මිචිගන් සරසවියේ සමාජ ක්‍රියාකාරකම් අංශයේ නියෝජ්‍ය මහාචාර්යවරියක වන ෂවානා ලී පවසා සිටියේ අල්ලෙන් තට්ටමට ගැසීමෙන් දෙමාපියන් හා දරුවන් අතර ධනාත්මක බැඳීමක් ඇති වන බවට පොදු විශ්වාසයක් ඇති බවයි.
මේ පිළිබඳ පර්යේෂණ කළ ෂවානා ලී ඇතුළු කණ්ඩායම පවසා සිටියේ එම විශ්වාසය වැරදි බවත් එසේම පසුපසට අල්ලෙන් ගැසීමෙන් දරුවන් ආක්‍රමණශීලි වන බවයි.එසේම මෙම පර්යේෂණයෙන් තවදුරටත් හෙළිවුයේ දරුවන්ගේ විනය හැදීමට කායික ක්‍රම යොදාගැනීමේදි දරුවන් දරදඬු වන බවයි.
මෙම පර්යේෂණයට ඇමෙරිකා ,අප්‍රිකා හා ලතින් ඇමෙරිකා රටවල් වලින් අවුරුදු 1ත් 5ත් අතර ළමයින් 1200කගේ පමණ දත්ත එක්රැස් කර ඇත.
පර්යේෂණයට සහභාගී වූ මව්වරු හෙළිදරව් කර ඇත්තේ තට්ටමට අල්ලෙන් ගැසු විට දරුවන් දරදඬු ආකාරයෙන් කටයුතු කරන බවයි.
මේ අතර තවත් පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ වැඩි වියට පත් දරුවන් බියවැද්දීම හෝ බැනවැදීම නිසා ඔවුන් විෂාදයට ගොදුරු වන බවත් විනාශ කාරී ක්‍රියාවන්ට යොමු වන බවත්ය.
කායික පීඩා වලට හා අපයෝජන වලට පත්වන වැඩිවියට පත්වන දරුවන් විෂාදයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයිද එම පර්යේෂණය තවදුරටත් අවධාරණය කර ඇත.
මෙම පර්යේෂණයෙන් වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ කායික හෝ වාචික පීඩා වලට,අපයෝජන වලට හා ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන දරුවන් විෂාදය හා මානසික රෝගාබාධ වලට ගොදුරු වන බවත් ඔවුන් මෙසේ පීඩා වලට පත්වන්නේ තම දෙමාපියන්ගෙන් බවත්ය.
(ඩේලිමේල් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකිනෙකා කෙරෙහි අදරයෙන්ද, ගෞරවය දක්වමින්ද, ඒ වගේම අවබෝදයෙන්ද, සිටින දෙමපියන් සිය දරුවන්ට පහර ගැසීමේ අවශ්‍යතාවයක් ඇති නොවේ. එවැනි පරිසරයක හැදෙන දරුවන් අතින් ද යම් හෙයකින් වරදක් සිදු උනානම් ඔවුන්ම දෙමාපියන් වෙත ස්වේච්චාවෙන්ම එය පවසා ඒ ගැන සමාව යදිනු නියතය.(නදී)
වේවැල් කොටු නාරන් සියඹලා අතු ,කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අතු, මෙහෙම ඉපල් මගේ දෑසට නොපෑ යුතු , පමා නොවී යමු අකුරට මෙයින් මතු...ඒ ..එදා.. අද ,,නවී කරණය වෙලා ...ගුරු ගෝල වෙනස ..පින් ..දුන්නෙත් .. පළමු ගුරුන්ටයි ..දෙවනුව දෙමව්පියන්ටත් කියලා. සැබෑ වෙනසක හැටි කියලා වැඩක් නැහැ.(නදී)
ඔය වගේ ගුටි කාපු අයත් අද පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ. ඒකනේ එතනත් සණ්ඩු වෙන්නේ.(නදී)
අපේ නබි තුමන් අවරුදු 1400 කට කලින්ම කියල තියනවා දරුවන්ව ආදරයෙන් මිස දඩුවමෙන් හදාගත නොහැකි බව.(නදී)
"...කමාකරන් මට කී දේ නාසන බාල බොළඳ පුතුනේ....තැලුවේ නුඹටයි, රිදුනේ මටමයි වේවැල කැඩුවා මං....'' (නදී)
මම නම් ඔය එක සමීක්ෂනයකටවත් එකග නැහැ. මම පුංචි කාලේ හරිම දගයි. දවසක් මම අක්කගෙන් රුපියලක් හොරකම් කරලා අම්ම මාව කජු ගහක බැඳලා ගැහැව්වා. දිමියෝ කකා මම වරුවක් හිටියා ඒ කජු ගහ යට. ඒත් අපි දෙමාපියන්ට පිටින් නම් වැඩ කලෙත් නැහැ.(නදී)
අනේ අනේ ආයෙමත් බටහිර පරීක්ෂණයක ප්‍රතිපලයක් හොයාගෙන. දැන් එතකොට ඔය විදිහට නොගහ හදපු අයද ඇමරිකාවේ ඉස්කෝල වල ගුරුවරුන්ට වෙඩි තියන්නේ. තමන්ගේ පාසලේ සහෝදරියන්ව දුෂණය කරන්නේ. අහල තිබ්බද කවදාවත් ලංකාවේ ගුටි කාපු දරුවෙක් ගුරුවරයාට වෙඩි තිබ්බා කියලා. මෝඩ මිනිසුනේ හැදී නොගහ හදන කිරි හොද්ද කැටි ගැහෙනවා මෙලෝ රහක් නැති වෙනවා.(නදී)
දරුවන්ට නිතරම ආදරය දක්වන විට ඔවුන් ඔබ වියපත් වු දා ඔබ සිතනවාට වඩා වැඩියෙන් ආදරයෙන් රැක බලා ගනිවි. (නදී)
මේ තොරතුරු කියවලා හැමෝම තට්ටම වලට ගහයිද? (නදී)
මට නම් ඔය බටහිර අයගෙ පරීක්ෂණ වලින් එන නිගමන ගැන එතරම් විශ්වාශයක් තියන්න අපහසුයි. මොකද අද කියන එක නොවෙයි හෙට වෙන එකක්. කොහොම වුනත් අතීතයෙ අපේ අය ක්‍රියා කරපු ආකාරයන් ගැන සොයබලා ගතහැකි දෙයක් තිබේ නම් ගත යුතුයි. නැතිනම් පාසැල තුල අවි අමෝරගත් පරපුරක් බිහිවීම නොවැලැක්විය හැකියි.(නදී)
ළමයින්ට හරියට ආගම ධර්මය හොද නරක කියා දෙන්න. දෙමව්පියන් ආදර්ශමත් වෙන්න. හොඳ අධ්‍යාපනයක් දෙන්න.(නදී)
නලීන්, කිරි හොද්ද හැදිල්ලෙයි ළමයි හැදිල්ලෙයි ලොකු වෙනසක් තියෙනවා. ඇමෙරිකාවේ තුවක්කු තියා ගැනීම තහනම් නැති නිසා තමා ඒ වගේ දේවල් සිද්ද වෙන්නේ. ළමයින්ට ගහල හදන්න පුලුවන්නම් ඇමෙරිකාව ඒක කරලා ගොඩක් කල්. (නදී)
කිරි හොද්ද හැදිල්ලෙයි ළමයි හැදිල්ලෙයි ලොකු වෙනසක් තියෙන බව අපි හැමෝම දන්නවා. නමුත් සිංහල ප්‍රස්තා පිරුලක් තේරුම් ගන්න බැරි [ප්‍රස්තා පිරුළු ගැන අහලවත් නැති අය ] අය අනුන්ට [බයිලා කියනවා] දොස් පවරනවා.(අ)