තුන් මාසයක් වයසැති තම බිළිඳාට මව් කිරි දීම නිසා කාන්තාවකට උසාවි සංකීර්ණයෙන් පිටවන ලෙස විනිසුරුකාරිනියක් නියෝග කිරීමේ සිද්ධියක් එංගලන්තයෙන් වාර්තා වේ.
ඩැනියෙල් ග්රෑන්ඞ්සන් (25) උසාවියට පැමිණියේ සාක්කිකාරිනියක් ලෙසය. බොහෝ වේලාවක් එහි රැදී සිටි නිසා කුසගින්නේ සිටි බිළිඳාට උසාවිය ඇතුළට ගොස් ඇය මව්කිරි දීමට සැරැසුණාය. එහිදී විනිසුරුවරිය උස් හඬින් ඇයට කතා කොට උසාවියෙන් පිටවන ලෙස දන්වා තිබේ. එයින් භීතියට පත් ඇය බිළිඳත් රැගෙන පිටව ගොස් ඇත.
ප්‍රසිද්ධියේ මව්කිරි දීම තහනම් කර නොමැති තත්ත්වයකදී මෙවැනි ආකාරයෙන් හැසිරීම ගැන කාන්තාවක් හැටියට ඇය ලැජ්ජ විය යුතු බව ඩැනියෙල් විනිසුරුවරියට පැමිණිලි කරමින් පැවසීය. එමෙන්ම තමාට මෙවැනි දෙයක් සිදු වූයේ ප්‍රථම වතාවට බවත් ඇය සඳහන් කර ඇත.
පසුව ඇයගේ පැමිණිල්ල ඉදිරියේ තමා වැරදිකාරියක බවත් එයට සමාව අයදින බවත් විනිසුරුවරිය ප්‍රසිද්ධියේ පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිහියෙන් ඇනලා සමාවෙන්න කිවුවට වැඩක් නැහැ,ඒ වෙනකාට පිහිපාර වැදිලා අවසන් නම් (නි)
අයියෝ බමුණු, ඔය ඕස්ට්‍රලියාවේ හිටිය කියල මේ තරම් අපේ රටට ගරහන්න එපා හලෝ. මේක අපි ඉපදුන හදුනා වැදුන රට. අඩු පාඩු නැතුව නෙවෙයි ඒත් ..... (ස)
ලංකාවේ නම් හිරේ දමයි. මේ ලඟ දී ගේට්ටුව ඉස්සරහ කාර් එක නවත්තල පාර බ්ලොක් කරලා, ඒ මදිවට ගේ අයිතිකාරියව හිරෙත් දැම්මේ මතක නැද්ද??? (ස)
එතකොට ඒ විනිසුරු වරිය පොඩිකාලේ බීල තියෙන්නේ මව් කිරි නෙමේද? (ස)
ඉතා හොදයි (නි)
උසාවි වල නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා. දරුවට කිරි දෙන්න වුවමනා නම් උසාවිය ඇතුලෙන් ඉවත් we වෙනත් පහසු තැනක දරුවට කිරි දෙන්න පුළුවන්. විනිසුරු මොනවට සමාව ගත්තාද? (නි)
අවංක, කාර්යශුර ,නිහතමානී පුගලයන් වෙසෙන එංගලන්තය දිනේවා (ස)
අපේ රට උතුම්යැයි කීම කුහක කමක් නොවේ. (ස)
පන්ති බෙදේ ඇති ලංකාවට මේවා මැජික්.... අපි හැදුණ වැඩුණ රට නිසාම ඒ පන්තිබෙදේ, නිලදාරිවාදෙත් ඉතා හොදයි කීම කුහක කමකි....(ස)
මම දන්නා විනිසුරියක් ඉන්නවා ඇය නම් කුඩා ළමයි, අතදරුවන් රැගෙන ඇවිත් ඉන්න අම්මලා දැක්කොත් එයාලාගේ නඩුව තමයි ඉස්සෙල්ලාම විභාගයට ගන්නේ ඒ වගේම නිතිය අකුරටම ක්‍රියාත්මක කරනවා .... (ස)
ශීලා, මම කියන්නම් උතුම් රටේ බිළිඳාට මව් කිරි දීමට කාතාවන්ට වෙන අවහිරකම් එකින් එක. විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානොත්සවයට අත දරුවෙක් සිටින කාන්තාවන්ට දරුවා රැගෙන ඒමට පවා නොහැකියි. කාන්තාවට උපාධි ප්‍රධානෝත්සවය අවසන් වනතුරු පැය හතරක් හෝ පහක් පමණ දරුවා ශාලාවෙන් පිටත කුස ගින්නේ සිටිය යුතුයි. අනික, බැංකු වල කවුන්ටරයට අතදරුවන් සිටින කාන්තාවන්ට පැමිණෙන්න දෙන්නේ නැහැ.වෙනත් රටක් නොදක දැකපු එකම රට උතුම් කියා කියා ඉන්නේ නැතිව, තමුන්ගේ රටේ වෙන වැරදි වැඩට එරෙහිව හඩක් නගන්න. බැරි නම් අඩුම තරමේ නිහඬව ඉන්න. (ස)
චාමික , මොන රට ගැනද ඔබ කියන්නේ? ලංකාවේ බැංකු වල නම් ඕනෑතරම් අත දරුවන් රැගෙන එනවා. (නි)
ඇත්ටටම මෙම සිදුවීම ගැන ලංකාවේ ඇති නීතිය කුමක්ද? ලංකාවේ මෙවැනි සිදුවීමකට කලයුතු ක්‍රියාමාර්ගය සදහන් කිරීම අප සැමටම වැදගත් වෙනවා.(නදී)
කොහොමද ලංකාවේ වුනා නම් එහෙම. (නදී)
ලංකාවේ නම් දඩුවම් කිරි දීපු අම්මට. ඇයි මතක නැද්ද අර පාරක් හරස් කරලා විනිසුරුතුමියක් වාහනේ නවත්වලා ගියපු එකේ දඩුවම ආවේ කාටද කියලා(දිල්)
අපේ රටේ මේ සිද්දිය උනා නම් සමාව ගන්නවා විතරක් නෙවේ එවෙලේම රස්සාවෙනුත් ඉල්ලා අස්වෙනවා. (නදී)
"අපේ රටේ මේ සිද්ධිය වුණා නම් සමාව ගන්නවා විතරක් නෙවේ එවෙලේම රස්සාවෙනුත් ඉල්ලා අස්වෙනවා."(දිල්)
හොද ආදර්ශයක්(දිල්)
" අපේ නිලධාරීන් මේවා ආදර්ශයට ගතයුතුයි." හොදට තියෙයි ඉර අනික් පැත්තෙන් පායන්න පටන් ගත්තම. රාජ්‍ය සේවයේ හොඳ කාලය පහුවෙලා බොහොම කල්. එම තත්වයට ලංකාව නැවත ගන්න බැහැ. ඒ කාලයේ රාජ්‍ය සේවයේ ඉන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. එය සුන්දර අතීතයක්. හවසට අපි ක්ලබ් එකේ එකට කා සමගත් විනෝද වෙනවා. නමුත් පසුවදා උදේ කාර්යාලයේදී රාජකාරියට මුල් තැන. (නි)
මෙතැනින් පෙනෙන්නේ කුමක්ද? (නි)
හොද ආදර්ශයක් අපට ලබාදුන්නේ. (නදී)
මට හිතා ගන්න බැරි වුනා.(නදී)
තමා කල වරද තේරුම් ගැනීමත් සමාව ගැනීමත් කොතරම් නිහතමානි ක්‍රියාවක්ද . අපේ නිලධාරීන් මේවා ආදර්ශයට ගතයුතුයි.(දිල්)
මේක නම් කොහොමවත් වෙන්න බැහැ කියලයි මම නම් කියන්නේ (නි)
මෙහේ වුණා නම්?? (නි)
එරටේ මිනිසුන්ගේ තිබෙන හොද ගතිගුණ අපි අගය කරන්න ඕනෑ. (නි)
මම දන්නේ නැහැ. මට මතක නැහැ කිවුවා නම්? (නි)
පහු වෙලා හරි වැරද්දක් උනේ කියල තේරුම් ගත්තා.(අ)
අපේ රටේ නම් මේ දේවල් වෙන්නෙම නැති තරම්, තාම අපි දරුවෝ ලැබෙන්න ඉන්න සහ මේ වගේ අත දරුවෙක් අරන් ඉන්න අම්මලට හොඳින් සලකනවා...ඒක නොපෙනෙන අය ඉන්නවා නම් ඒක කරුමේ... (ස)
එංග්ලන්ඩ් වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ...... (ස)
මේක නම් ලංකාවට මඩ ගහන්න කරපු කුමන්ත්‍රණයක්. (ස)
මම නම් පෞද්ගලිකව දන්නවා දණ්ඩ නීති සංග්‍රහයේ නැති දඬුවම් උසාවියෙන් විත්තිකාරයින්ට නියම කරපු අවස්ථා. කෙහෙල් කැනක් හොරකම් කර වරදකරු වූ අයෙකුට ඒ කෙහෙල් කැනෙන් අමු ගෙඩි කීපයක් උසාවියේදීම කන්න නියම කලා එක මහේස්ත්‍රාත් කෙනෙක්. මේ විනිසුරුවරිය නම් පස්සේ හරි තමන්ගේ වරද අවබෝධ කරගත්තා. (ස)
තමන් කරන රස්සාව වැඩිපුර ඔලුවට ගත් විනිසුරුවරියක්. ඉතින් මෙයා දෙයි ද නිවැරදි තීරණ. (ස)
මේගොල්ලෝ තමා අපේ රටට ඇවිත් අපිට මිනිස් අයිතිවාසිකම් ගැන කියා දෙන්න හදන්නේ. (ස)
"එංග්ලන්ඩ් වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ " එ් කියන්නේ ළමයට කිරි දෙන්නේ නැද්ද? (ස)
"මේක නම් ලංකාවට මඩ ගහන්න කරපු කුමන්ත්‍රණයක්." ලෝකේ රටක හොඳ වැඩක් කරන හැම අවස්ථාවේම ලංකාවට මඩ වදිනවා. (ස)