මිනිසුන්ට ඇති මානව අයිතිවාසිකම් හා සමාන අයිතිවාසිකම් වානර කුලයේ සතුන්ටත් දිය යුතුව ඇතැයි ඇමරිකාවේ සතුන් වෙනුවෙන් පෙනී සිටිනා ‘මිනිස් නොවන සතුන් සදහා වන අයිතිවාසිකම්‘ නම් ස්වේච්ඡා සංවිධානයක් කියයි.
මේ සදහා එම සංවිධානය නඩුවක්ද ගොනු කර ඇති අතර එය මේ වන විට පවතිනුයේ නිව්යෝර්ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමිනි.
මේ සියල්ලට මුල්ව ඇත්තේ ටොමීනම් චිම්පන්සියෙකි. ඉතා දුක්ඛිත තත්ත්ව යටතේ කූඩු කර සිටි ටොමී දුටු මෙම සංවිධානයේ ක්‍රියාකාරීන් ටොමී මුදා ගැනීමට ඇරැඹූ මෙහෙයුමක කොටසක් ලෙස වානර කුලයේ සතුන්ටත් අයිතිවාසිකම් ඇති කළ යුතුය යන මතය සමාජ ගත කිරීමටත් ඔවුහු උත්සාහ කරමින් සිටිති.
‘නන් හියුමන් රයිට්ස්‘ සංවිධානයේ මෙම කර්තව්‍යයට ලොව පුරා සත්ත්ව ලෝලීන්,සත්ත්ව සංරක්ෂකයින් ගේ ආධාරයද ලැබී ඇත.
කෙනෙකු චිම්පන්සින්,ගෝරිල්ලන් වැනි වානර කුලයේ සතුන් ඇසුරේ කාලය ගත කර ඇත්නම් ඔවුන් මිනිසුන්ට කෙතරම් සමානදැයි හදුනාගත හැකි වනු බව මෙම සංවිධානය කියයි.ආදරය,පරිත්‍යාගය,කැපවීම වැනි අප උසස් යැයි සළකන මිනිස් ගුණාංග මෙන්ම වෛරය, ඊර්ශ්‍යාව දැනවීම වැනි ගතිගුණත් මිනිසුන් සේම ඔවුන් අතරද හදුනාගත හැකි බව මේ සංවිධානය පවසයි.
මෙනිසා මෙම සතුන්ට මිනිසුන් හා සමාන අයිතිවාසිකම් ලැබීමේ අයිතියක් ඇති බව නොන් හියුමන් රයිට්ස් සංවිධානයේ මතයයි.
සියලූ සතුන්ට තම තමන්ගේ අයිතිවාසිකම් ලබා දීම වෙනුවෙන් කටයුතු කරන බව පවසන එම සංවිධානය තම අරමුණ දිනා ගන්නා තෙක් සටන අත්නොහරින බව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වානරයන්ට පමණක් නොවේ මිනිසා මෙන්ම සියලුම ලෝක වාසී සත්වයන් හට සාධාරණ වු සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි.(නදී)
වානරයන්ටත් තුවක්කු පුහුණුව දෙන්න. එතකොට දැන් රකිනවාටත් වඩා ලෝකේ මානව හිමිකම් රකින්න උදව් කරාවි (නි)
අනේ හරි ෂෝ්ක්. එතකොට අර අනුරාධපුරේ ඉන්න රිලවු ටිකත් අර අහවල් දිහාවට අරින්න පුළුවන්. අපේ රටත් මීට වඩා ස්වයංපෝෂිත වෙයි (නි)
අපේ පනින රිලවුන්ට නම් ඕවා කලින්ම තිබුනා ඇමරිකාව කියන්නත් පෙර (නි)
සත්තුන්ට මානව අයිතිය...? හා..හා..හා... සමාවෙන්න හිනා වුණාට. මම එච්චර ඉගෙනගෙන නම් නැහැ. නමුත් මානව කියන්නේ මිනිස්සුන්ට කියලයි මම නම් අහලා තියෙන්නේ. කනබොන දේවල් වලට බදු අඩු කළා. දැන් ඉතින් ඒවට ජිනීවා යන්න වෙන්නේ නැහැනේ. (නි)
ලංකාවේ ඉන්න දේශපාලකයෝ මිනිස් අපිටවත් අපේ මානව හිමිකම් භුක්ති විදින්න දෙන්නේ නැතිකොට වනරයන්ට මානව හිමිකම් දේවිද ? වදුරොත් ඉදලා ඉවරයි.වදුරොත් ගස් බැදලා , මරලා ප්‍රදර්ශනය කරාවී (නි)