වකුගඩු රෝගයට හේතුවන්නේ අධි ප්‍රෝටීන් සහිත ආහාර බව පර්යේෂකයන් පිරිසක් විසින් තහවුරු කැරගෙන ඇත. පර්යේෂණය සිදුකළ ස්පාඤ්ඤ විද්‍යාඥයින් පවසන්නේ අධි ප්‍රෝටීන් සහිත ආහාර වලින් වකුගඩුවල ගල් හටගැනීමේ රෝගය ද ඉහළ යාමේ අවධානමක් තිබෙන බවයි.
ශරීරයේ පතිවන මුත්රාවල සිට්රේට් ලවණය අඩංගු වීම මිට හේතුවී ඇත. මේ ලවණ කැල්සියම් ලුණු ස්පටික වීම එනම් ගල් බවට පත්වීම වළක්වයි. කැල්සියම් වකුකඩුවල ගල් සෑදීමේ ප්‍රධාන අමුද්‍රව්‍යයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රජරට වැසියන්ට කවදද අධි ප්‍රෝටීන් අහාර ලැබුණේ මේක තනිකරම විස වතුර නිසා වුන දෙයක් (දිල්)
වකුගඩුවල රෝග ඇතිවන්නේ ජලය දුෂණය නීසා (දී)
වෙන හේතුවක් නම් මම දන්නේ නැහැ වතුර තමයි එකම හේතුව (දී)
අනුරාධපුර පැත්තේ මේක හොදටම තියෙනවා ඒ පැත්තේ වතුර බොන්නම බැහැ (දී)
මෙතන වෙන පැත්තකට හරවන්න හදනවා වගේ (දී)
එක්තරා මෝල්ට් වර්ගයක් ආහාරයට ගන්නා විට මගේ වකුගඩු වල තත්වය පහල බසින බව මට තේරුම් ගියා. මට තේරුම් ගියා ප්‍රෝටීන් අසාත්මික තාවයක් නිසා එය වෙන බව. ඊට පසු එම මෝල්ට් වර්ගය ගැනීම අත හරිය විට වකුගඩු නැවත මුල් තත්වයට පත්වුනා. (දී)
අවධානය වෙන අතකට යොමු කිරීමට මෙවැනි ප්‍රචාර කෘෂි රසායන වෙළෙන්ඳන් විසින් ගෙනයනවා . ව්කුගඩුවේ ගල් ඇතිවීම වකුගඩු රෝග වලින් එකක් පමණි .රජරට ඇතිවී තිබෙන වකුගඩු රෝග වසංගතය කෘෂි රසායන නිසා සිදුවූ දෙයක් බව සොයාගෙන තිබෙනවා .(දී)
ලංකාවෙ තියෙන වගුගඩු ලෙඩෙයි වකුගඩු වල ගල් හැදෙන එකයි දෙකක් නේද?
වැව් මාලුවල මුහුදු මාළුවලට වැඩ ප්‍රෝටීන් අදිකලු. සමහරු තුන් වේලටම වැව් මාලු කනවා වැඩිපුරත් එක්ක. මුහුදු මාළු කන පළාත්වල උදේට මාළු කන්නේ නැති තරම්.. ඉතුරු වේල් දෙකට එක වේලකට කෑලි දෙකකට වැඩිය කන්නේ නැහැ. ඔය පළාත්වල ජලය බාජනවල තට්ටු බැඳෙනවා .ප්‍රදානම හේතුව ජලය. ජලයට කෘමිනාශක එක් වෙලා තියෙන්නේ.(නධී)
ඒවා එහෙ , මෙහෙ පිරිසිදු වතුර නැති කම නිසයි මෙහෙම වෙන්නේ.(නදී)
චාමික වැනි සැබෑ උගතුන්ට ජාතියේ ප්‍රණාමය. (නදී)
රජින්ද, තක්කාලි වල කාබනේට නැහැ. තක්කාලිවල අඩංගු වෙන්නේ ඔක්සලික් අම්ලය. සිට්රික්, ඇස්කොබික් වැනි අම්ලත් සුළු වශයෙන් අඩංගු වෙනවා. කැල්සියම් ඔක්සලේට් තමයි ස්පටීකරණය වෙලා එක්තරා වර්ගයක මුත්‍ර ගල් බවට පත්වෙන්නේ. තවත් මුත්‍ර ගල් වර්ග තිබෙනවා යුරික් අම්ල ගල්, මේවා ප්‍රධන වශයෙන් ඇතිවෙන්නේ ශරීරය විජලනය වීම නිසා. ස්ට්රුවයිට් වර්ගයේ ගල් ඇතිවීමට ප්‍රධාන හේතුව විය හැක්කේ මුත්‍ර අසාධන. සිස්ටීන් වර්ගයේ ගල් ඇතිවන්නේ ජානමය හේතුන් නිසා. අද රජරට වකගඩු රෝගය ලෙස අප හඳුන්වන රෝගය වකුගඩු ක්‍රියාකාරීත්වය ඇනහිටීම මිසක් වකුගඩු ගල් ඇතිවීම නොවෙයි.(අ)
වකුගඩු රෝග වලට හේතුව ප්‍රෝටීන් නම් ඒක ඉස්සරවෙලා හැදෙන්න ඕනේ කොළඹ මිනිස්සුන්ටනේ. රජරට මිනිස්සුන්ට ප්‍රෝටීන් තියා කාබෝහයිඩේට් ටිකවත් බඩට දාගන්න විදිහක් නැතුව දහදුක් විඳිනවා.(නදී)
වෙන මොකුත් නොවෙය් වතුර පමණමයි හේතුව (දී)
ලංකාව සම්බන්ද කර ගත්තේ කුඩා මේ නිව්ස් එකට? අය්යෝ සල්ලි (අ)
ශරීරයට වතුර ඉතාම අවශ්‍ය දෙයක්. දිනකට පිරිසිදු වතුර බෝතල හයක් බොනවා නම් ශරීරය නිරෝගිව තබගන්න පුළුවනි.(නදී)
විද්‍යාත්මක හේතු ගැන අපි කවුරුත් අවධානය යොමු කළ යුතුයි. (නි)
වෛද්‍ය විද්‍යාව අනුව නම් එය ඇත්ත වෙන්න පුළුවන්.එහෙම නම් ඒ පළාත් වල ජීවත්වන මිනිසුන් එදිනෙදා ගන්න අහාර වල අඩංගු වෙන්නේ මොනවාදැයි සොයාබැලිය යුතුයි. (නි)
පරස්පර විරෝධී අදහස් දෙකක් ලියල තිබෙන්නේ. පරවර්තනයේදී පටලාගෙන වගේ. මේ තිබෙන්නේ හරි ලිපිය http://www.kidney.org/atoz/pdf/diabetes.pdf (දී)
ඒ එහෙ වෙන්න ඇති රජරට අධි ප්‍රෝටීන් කොහෙන්ද අපිට හැමදාම එල්වලුයි බතුයි මෙහෙ වකුගඩු අසනීපෙට එකම හේතුව වතුර (දී)
ඕක අපේ රටේ වකුගඩු රෝගෙට හේතු කාරකයක් නෙමේ.මොකද ප්‍රෝටීන් තියෙන කෑම කන්න මිනිස්සු ලග සල්ලි නැහැ .අපේ දේසපාලකයන්ට පින් සිද්ද වෙන්න. (දී)
ඒක නම් ඇත්ත.පොලොන්නරුව පැත්තේ ජනතාවගේ වකුගඩු රෝගයට හේතුව කන පෝෂදායක කෑමවල අධික ලෙස ප්‍රෝටීන් අඩංගු වීම. එහෙම නැතුව බොන වතුර වල කෘමිනාශක විස අඩංගු වීම නොවෙයි. (නදී)
ලංකාවේ වැඩි හරියක් රෝගීන් වෙලා ඉන්නේ අදි ප්‍රෝටීන් ආහාර කාලද? (නදී)
ඉස්සර ඉදන් අපේ ගෙවල් වල හාල්මැස්සෝ හොද්දක් එහෙම හදනකොට තක්කාලි නොදාන හේතුවත් මීට සමානයි එහෙනම්. තක්කාලි වල තියෙන කාබනේට හාල්මැස්සන්ගේ තියෙන කැල්සියම් එක්ක කැල්සියම් කාබනේට් කියන ස්පටිඛ විශේෂය සාදන හේතුවෙන් මුත්රාවල ගල් හට ගන්නවා. (දී)
රජින්ද ඔබට ගොඩාක් පින් නොදන්න දෙයක් කියා දුන්නාට (දී)