ප්‍රංශ චිත්‍ර ශිල්පී ගවුගුයින් විසින් 1892 දී අඳින ලද චිත්‍රයකට ඩොලර් කෝටි 30ක මිලක් නියම වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තහිටි දූපත්වාසී තරුණියන් දෙදෙනකු ඔහු සිතුවම් කැර තිබිණි. කටාර් රාජ්‍යෙය් කෞතුකාගාරයක තැන්පත් කිරීමට මිලදී ගෙන ඇතැයි විදෙස් මාධ්‍යවාර්තා කරයි.
මීට පෙර වැඩිම මිලකට අළෙවි වී ඇත්තේ පෝල් සෙසානේ විසින් අදින ලද චිත්රයකි. ඒ ඩොලර් කෝටි 25.9ක මුදලකටය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහ නැතුව ගත්තු කෙනාගෙන් අහල කියනවද එයා මේක විකුණනවද කියලා...(දිල්)
බටහිර පුවත්පතක මෙවැනි පුවතක් පලවුනාම මේ හරින්ද්‍ර ,ගම්ලත් ,ශ්‍රීමාල් වගේ අදහස් තියෙන කොමෙන්ටු දකින්නට නෑ. මෙන්න මේකට තමයි කියන්නේ දුප්පත් මානසිකත්වය කියල හිතාගෙන ඉන්නේ. තමුන් ලෝකේ ගැන හැමදේම දන්නවා. තමුන් තමා හරි කියල මේ මෝඩකම නිසා අපේ මිනිසුන්ව අන්දවන්නත් හරි ලේසියි. ලෝකේ ගැන දන්නේ නෑ කලාවක් ගැන දන්නේ නෑ ලෝකේ අනික් රටවල මිනිස්සු ජිවත්වන විදිය දන්නේ නෑ සමහරු හිතාගෙන ඉන්නවා බටහිර රටවල් කියන්නේ දිවියලෝක කියලා. සමහරු හිතාගෙන ඉන්නවා කන්න බොන්න තියෙනවා නම් තව මොනවද කියලා. මේ සියල්ලට හේතුව අපේ අධ්‍යාපනයේ තිබෙන දුර්වලතා. පහේ ශිෂ්‍යත්ව විභාගයටත් ක්‍රිකට් ගැන අහනවා. නමුත් ලෝකේ ගැන ළමයින් මෙලෝ හසරක් දන්නේ නෑ (නදී)
මම දන්න හයේ පන්තියේ දරුවෙක් ඉන්නවා මීට වඩා ලස්සනට චිත්‍ර අඳින (අ)
මෝඩ කමට බෙහෙත් නෑ. මේ වගේ දෙයක් මේ වගේ ලොකු මුදලකට ගන්න (නදී)
චිත්‍ර කලාව ගැන අපිත් දන්නවා. හොඳ කලාත්මක නිර්මාණ ඕන තරම් දැකලත් තියෙනවා ලංකාවේ පාසල් සිසුන්ගෙන් පවා. මේ නිර්මාණවල වටිනාකම තීරණය වෙන්නේ නිර්මාණයේ කලාත්මක බව නොවෙයි. කලාකරුවාගේ නමටයි. (ර)
ඇත්තටම කාටහරි පිස්සු තමයි (නි)
ගැහැණු පින්තුරයක් දැම්මොත් යකෙක් වුනත් මුන්ට කලාවක්. (හේ)
ඇත්ත කලාවේ නියම වටිනාකම දන්නේ කලාව තේරුම් ගත්ත ඒවගේම කෙනෙකු පමණයි .(හේ)
කලාව ගැන හැංගීමක් නැති රෝබෝලට මේවාගේ වටිනාකම තේරෙන් නෑනේ.(හේ)
එක්කෝ මට පිස්සු නැතන්ම් ඩොලර් කෝටි 30 ක් දීලා මේක ගත්ත මිනිහට පිස්සු (නදී)
පුදුම වෙන්න දෙයක් නෑ .. (දිල්)
මේක පුදුම ලෝකයක් (දිල්)
ෂා..... ආට් එක පිටට ගියා !(හේ)
සුගතපාල, ලැම්බෝ ගිනි ගන්නකොට ගිනි නිවන හමුදාවෙන් ආවේ නැද්ද? (නදී)
ගවුගුයින් නෙවෙයි. ගොගෑන් ‘‘පෝල් ගොගෑන්‘‘. (ර)
ගම්ලත් අපේ සල්ලි වලින් කෝටි 6 ක් 7ක් දීල ලැම්බෝ ගිනි ගන්නකොට ඔයාගෙ කට කොහෙද තිබුණේ. ඒ මනුස්සයා ඒක ගත්තෙ එයාගෙ සල්ලි වලින්. අනික ඔයා දන්නවද පෝල් ගොගෑන් ගැන. ගොගෑන්ගෙ දූපතේ චිත්‍ර මිල කරන්න බෑ. (නදි)
මෙහෙමත් මිනිසුන් සිටින ලෝකයක්! කෑමවේලක් කිරි ටිකක් නොමැතිව ළදරුවෝ දසදහස් ගණන් මියයන ලෝකයේ චිත්‍රයකට මෙපමණ මුදලක්? (නි)
නියමයිනේ... (ර)