ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයා වන ඇරපයිමා වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි සත්ත්වවේදීහු කියති. ඇමර්සන් ගංඟාව සිය වාසභූමිය කරගත් ඇරපයිමා හොඳින් වැඩුණු විට කිලෝ 180ක් පමණ බරැතිය. දිග මිටර තුනකි. වාතය උරා ගැනීමට දිය මතුපිටට පැමිණ විනාඩි 10-15ක් පමණ සිටීම හේතුවෙන් මේ මසුන් අල්ලා ගැනීම ධීවරයන්ට පහසු කාර්යයකි.
ඇමෙරිකාවේ වර්ජිනියා ටෙක්ස් හි ආචාර්ය ලියන්ඩ්‍රෝ ක්රාන්ටෙලෝ පවසන්නේ පහළ ඇමර්සන් කලාපයේ මේ මසුන් දැනට කොපමණ සංඛ්‍යාවක් සිටින්නේ ද යන්න පිළිබඳ සමීක්ෂණයක් අරඹා ඇති බවයි. එය සිදුකරන්නේ ද ජලය මතුපිටට පැමිණ විට ගණනය කිරීමෙනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චමිලා ගොඩ ඉන්න නිසා මාළුවා කල්පනාකරලා තියෙනවා වතුරේම ඉන්න. (දී)
මේ සතුන් රැකගැනීමට ක්‍රමයක් අවශ්‍යයි (නි)
අසරණ සතුන් පවු! (නි)
අනුවර්තනය නොවෙන ඕනෑම සතෙක් වඳවෙනවා (නි)
මෙය සෑම රටකටම පොදුයි. කෝ අපේ ඇළේ සිටි දන්ඩි තිත්ත පැටවු? (නි)
දැන්ම ක්‍රියාත්මක වෙලා මේ සතුන් ආරක්ෂා කරගත්තොත් ගොඩක් වටිනවා. (නි)
මෙම මාළුන් රැකගැනීමට නිසි නිති පද්ධතියක් සකස්කර උන්ගේ ව්‍යාප්තවීම තවත් වර්ධනය කිරීමට සියලු දෙනා එකාමෙන් කටයුතු කළ යුතුය. (නි)
ඇත්තටම මේ මත්ස්‍යයින් වඳවෙන එක අහන්නත් දෙයක්ද? කරන්න පුළුවන් එකම දේ නීතියෙන්වත් පිළිසරණක් මේ සත්වයින්ට ලැබෙන්න සළස්වන එක (නි)
අපිට ස්වභාධර්මෙන් ස්වාභාවධර්මෙන් ලැබෙන්නේ අපිට ලද යුතු දේවල්. ඉතින් ඒ දේවල් නැති කරගන්නෙත් අපේ මිනිස්සුම තමා. (දී)
මේ මාලුවා දෙහිවල සත්තු වත්තේ චිරාත් කාලයක සිට ඉන්නවා. මෙයාලා වදවීගෙන යෑමේ තර්ජනයකට ලක්වෙලා කියලා සැලකුවොත්, අපේ ආවේනික මත්සයෝ ඔක්කෝම උග්‍ර අවදානමට ලක්වුන සෙට් එකක් වෙන්න ඕන. මත්සයෝ ටික විතරක් නෙමේ ලංකාවේ සමනල් ගහනයත් වසරින් වසර ඉතා සීග්රව පහත බසිනවා. ඒ කියන්නේ අපේ පරිසරය ජීවත් වීමට නුසුදුසු තත්වයට සීග්‍රයෙන් පත්වෙමින් තිබෙන බව. පාලකයන්ට බනිනකන් තමුන් පලමුපියවර තිබ්බා නම් නරකද.. ????? දවස ගානේ තමුන් මහමග පොලිතින් කෑලි කීයක් දානවද??? මාසෙකට එක ගහක් හිටවනවාද??? දවසකට ගස් කීයක් කපනවාද??? තමුන්ම හිතන්න. ලොකු වනසක් කරන්න ඔබට පුලුවන්.. (දී)
ලෝකයේ සියලු රටවල එම රටවලට ආවේණික සතුන් රැකගන්න විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නමුත් අපි? (නි)
පටලවාගන්න එපා. ඇරපයිමා කියන්නේ මේ මාළුවාට. ඇරෝවානා කියන මාළුවා අපේ රටේ රුපියල් 50 000 කට විතර ගන්න පුළුවන්.මේ දෙන්නා දෙන්නෙක්. (නි)
මේ මාළුවා ආරක්ෂා කරන්න පියවර ගතයුතුයි (නි)
අනේ චමිලෝ, දියේ ඉන්න මොන මාළුවත් හුස්මගන්න උඩට එනවා (නි)
මටනම් පෙන්නේ මු ලොකුම ලොකු ලුලෙක් වගෙයි . (දී)
එතකොට නිල් තල්මහ කියන්නේ ලොකුම මාළුවා නෙමෙයිද (දී)
කසුන්, නිල තල්මහ ලොකුම සතා නමුත් මාලුවෙක් නෙවෙයි. කිරි බී වැඩෙන සතෙක් අපි වගේ. ලොකුම මාළුවා තමයි තල්මස් මෝරා. මිරිදියේ ඉන්න ලොකුම මාළුවා ගැන තමයි මේ ලිපිය ලියවිලා තියෙන්නේ. (නදී)
අයියෝ, කරදිය මිරිදිය දන්නෙත් නැහැනේ සමහර කට්ටිය. (නදී)
ජලය මතුපිටට එකම මාළුවා කිහිප වතාවක් එන්නත් පුලුවන්නේ (නි)
අපේ සත්තු වත්තටත් එකෙක් ගෙනත් දාමුද. අපේ දරුවන්ට දැකගන්න. (නදී)
සමීක්ෂණය පසෙක ලා බෝකරගන්න ක්‍රමයක් බැලුවොත් නරකද? (නි)
අපේ රටෙත් මෙම මිරිදිය මසුන් ඉස්සර හිටියා කියලා මම අහලා තිබෙනවා (නි)
අහන්න දෙයක් නෑ. හෙට අනිද්දා වෙනකොට තෙප්පිලියා කියලා මාළුවෙක් හිටියද කියලවත් හොයාගන්න නෑ. ලංකාවේ මිනිස්සුන්ට මෙක හොද පුවතක්. අපේ මත්ස්‍යයින් රැක ගන්න දැන්ම ක්‍රියාත්මක වෙන්න. (නදී)
දයා ඉස්සර නෙමෙයි දැනුත් ඉන්නවා. ලොකු රට මාළු කඩයකට ගිහින් බලන්න. රුපියල් දහස් ගණන් වලට අර පිමා විකුනනවා. මුන් අපේ ජලාස වලට ගියොත් සමීර කියපු දේ තමයි වෙන්නේ (නදී)
ලොව විශාලතම මිරිදිය මාලුවා ඇරපයිමා කියලා දැනගත්තෙ අද. ස්තුතියි (නදී)
හුස්ම ගැනීමට වතුරෙන් ගොඩට එන්න ඕනේ නම් මොකට මේ මාළුවා වතුරේ ඉන්නේ (දී)
මුහුන නම් කැතයි ඒත් ඇඟ ලස්සන මාලුවෙක්?ඇයි ඌව මරන්නේ අනේ පව් (නදී)
කකුල් දෙකක් සැත්කමකින් බද්ද කළා නම් ගොඩම ඉදියි (නදී)
ඇරපයිමා මත්ස්‍යයා ගංගා ආශ්‍රිතව ජීවත්වෙන නිසා මහතින් ,දිගින් වැඩිවුණත් රසැති සැමන් ගණයට අයත් මාලුවෙක් බව මගේ හැඟීමයි. ඇමේසෙන් ගඟ මුහුදට ගලායන්නේ බ්‍රසීලයෙන් නිසා බ්‍රසීල් ධීවරයින් හේතුවෙන් ඇරපයිමා වඳවීමේ ස්වභාවයක් ඇතිවෙලා ඇති ! (නි)
ඔය සතා උඩට ආවොත්නේ දීවරයෝ මරාගන්නේ. කරන්න තියෙන්නේ මෙච්චරයි ඔක්සිජන් ටැංකියක් පිටේ බැඳලා කොනක් කටේ තියනවා හුස්ම ගන්න. උඩට එන්න ඕනත් නැහැ ජීවිතෙත් බේරෙනවා බෝකිරීමත් ඉක්මන් වෙයි (නදී)
රුපියල් 30,000ක් වගේ විශාල මිල ගණන් වලට අඩියක් විතර දිග මෙම මත්ස්‍යයින් ලංකාවේ සමහර සුපිරි ස්ථාන වල විකිණීමටත් තිබෙනවා කියලා ආරංචියි (නි)
සතුන් මරන එක තමයි මේ හැමදේටම මුල (නි)
වෝටර් වල්ඩ් එකේ ලොකු ඇරපයිමා මාලු කිහිපදෙනෙක් ඉන්නවා.(නි)
අපරාදේ! මෙහෙම එකින් එකා වඳවෙලා නැත්තටම නැතිවෙයි කවදාහරි (නි)
ඇරපයිමා මාලු බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වෙන්නේ නැහැ (නි)
මේ සතුන් කෙසේ හෝ රැකගත යුතුයි නේද? (නි)
මේ මාළුවා අපේ සත්තු වත්තේ ඉන්නවා නේද? (නි)