පුද්ගලයින් ලක්ෂ 10 ක් පමණ වළදමා තිබෙන බවට සැකකෙරෙන සුසානයක් සොයා ගැනීමට ඊජිප්තුවේ ෆයිරුම් කලාපයේ කැණීම් කටයුතු වල යෙදෙන පුරාවිද්‍යාඥයෝ පිරිසක් සමත්ව සිටිති.
වළදමා තිබූ සිරුරු 1700 ක් පමණ මේ වන විට පිටතට ගෙන තිබේ.ඒවා රාජකීයන්ගේ නොව සාමාන්‍ය ජනයාගේ බව පුරාවිද්‍යාඥ පිරිස පවසති.
මෘත ශරීර වලට විශේෂ ඇගලූම් අන්දවා නොතිබීමෙන්, රාජකීයයන් මෙන් සිරුරු මමීකරණය කර නොතිබීමෙන් ඒ බව හොදින් පැහැදිලි වන බව ඔවුන්ගේ අදහසයි.
මමීකරණය කර නොතිබුණද කාන්තාර වැල්ලෙන් ඒවා ස්වභාවික මමීකරණයකට භාජනය වී තිබෙනු හඳුනාගත හැකිය.පුරාවිද්‍යාඥ පිරිසට අනුව ඉතාම හොදින් සංරක්ෂණය වී තිබූ මෘතශරීර කිහිපයක්ම මේ වන විට හමුවී තිබේ.
ඔවුන් මිහිදන් කර තිබූ සුසානය කිරගරුඬ පර්වතයක සිදුරු තනා නිර්මාණය කර තිබෙන්නකි.එය මීට වසර 1500 කට පමණ පෙර ඊජිප්තුව රෝම හා බැබිලෝනියානු අධිරාජ්‍යයින්ගේ පාලනය යටතේ පැවැති සමයේ නිර්මාණය කෙරුණක් බවට සැළකේ.
මෙසේ විශාල පිරිසක් මිහිදන් කෙරුණේ ඇයිදැයි ගැටළුවකි.සුසානයට ආසන්නයේ පිහිටි නගරයේ වර්තමානයේ සේම අතීතයේ පවා විශාල ජනතාවක් සිටි බවට සාක්ෂි නොමැත.
අනෙක් අතට හමුවෙමින් තිබෙන මෘතශරීර එකකට එකක් සමාන තත්ත්ව වල පැවතීම හෙයින් එම සිරුරු එකම සමයේ වළදමා තිබෙන ඒවා බවට සැකකළ හැකි බව පුරාවිද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඉදිරි කැණීම් කටයුතු වලින් ගැටළුවට පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ඔවුහු සිටිති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනි වල කොච්චර පැරණිද?(හේ)
ශුද්ධ වු බයිබලයේ සදහන් පරිදි ඒ කාලේ පාරාවෝ පාලන සමයේදී වසංගත වලින් සහ වෙනත් යුද ගැටුම් වලින් මියගිය අය වෙන්න හැකියි නේද? ඉතාමත් වටිනවා මේ සොයා ගැනීමට.! සහ ලංකාදීප වාර්තාකරණයට.(හේ)
වීරවංශ යවන්න ඕනේ විස්තර හොයන්න (නදී)
මොකටද පරණ මිනීවළවල් හාරන්නේ මළවුන්ට වත් නිදහසක් නැද්ද ?
දිරාගිය කටු ප්‍රදර්ශනය කරන්නත් දෙයක්ද? අපේ ඒවත් ඔය වගේම පොලවට පස් වෙනවා . ඊට පස්සේ තමන්ගේ අයවත් ඕවා තියාගන්නේ නෑ. ඉතින් ඔය සල්ලි වලින් , දුප්පත් අයට ජීවත් වෙන්න උදව්කරන්න තිබ්බනේ ? (හේ)
මමි තුළ අන්තර්ගතවී ඇති දෙයක් වේ නම් ප්‍රවේශම් වියයුතුයි. (නි)
මෙය වසර 1500ක් පැරණිය. රෝමානු හා බ්යිසෙන්තිනේ [බටහිර රොමානු අධිරාජ්යාන්] ඊජිප්තුව යටත්කරගෙන සිටි සමයේ මෙම සංහාරය කර ඈතිබව නවතම සොයාගෑනිම් තුලින් තහවුරුවී අැත. (නදී)
මොකටද පරණ මිනීවළවල් හාරන්නේ මළවුන්ට වත් නිදහසක් නැද්ද ? දිරාගිය කටු ප්‍රදර්ශනය කරන්නත් දෙයක්ද? අපේ ඒවත් ඔය වගේම පොලවට පස් වෙනවා . ඊට පස්සේ තමන්ගේ අයවත් ඕවා තියාගන්නේ නෑ. ඉතින් ඔය සල්ලි වලින් , දුප්පත් අයට ජීවත් වෙන්න උදව්කරන්න තිබ්බනේ ?