ශී‍්‍ර ලංකා ශ්‍රමිකයෙකු තමන් සමග නවාතැන් ගෙන සිටි පකිස්තාන ජාතිකයෙකුගේ ඇගිල්ලක් සපාකෑමේ සිදුවීමක් පසුගියදා ඩුබායිහි අපරාධ අධිකරණයේදී විභාගයට ගැනිණි.
වාර්තා වලට අනුව පසුගිය ජූනි මස 28 වැනිදා නවාතැනේදී ඇතිවූ හබයක් දුරදිග යෑමෙන් ශී‍්‍ර ලංකා ජාතිකයා තම පකිස්තාන ජාතික කාමර සගයාගේ දබරැඟිල්ල සපා කා ඇත.
එම අවස්ථාවේ ඔහු මත්පැන් පානය කර සිටි බව පකිස්තාන ජාතිකයා පොලිසියට කර ඇති ප්‍රකාශයක දැක්වේ.
සපා කෑමෙන් සිදුවූ හානිය නිසාවෙන් ඇගිල්ල සදාකාලික ආබාධිත තත්ත්වයකට පත්ව ඇතැයි වෛද්‍ය වාර්තා වල සඳහන්ය.
අධිකරණයේදී තම වරද පිළිගත් ශී‍්‍රලංකා ජාතිකයා තමන් වැඩිදුර සිතා බැලීමකින් තොරව එසේ හැසිරුණු බව පැවසුවේය.නීති විරෝධීව මත්පැන් පානයේ යෙදුණු බවටද ඔහු පාපොච්චාරණය කළේය.
නඩුවේ තීන්දුව මෙම මස 24 වැනිදාට ලබාදීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්ථාන් කාරයෝ ටිකක් අමාරු කාරයෝ එකට ඉන්න එක එතරම් හොඳ දෙයක් නෙමේ (බ)
ලංකාවේදී උනානම් පකිස්තාන් කාරයා හිරේ දාල කාපු කෙනා ඇප දීල ගෙර යවනවා. (බ)
මම මෙයාව ලංකාවට එවපු ගමන් දත් බෙහෙත් දැන්වීමකට ගන්නවා (නදී)
සෑමි මල්ලි දත් බේත් දැන්වීමකට දාන්න මිනිහගේ ඔලුව තමයි එවන්න වෙන්නේ. (නදී)
මේ රටවල යන්න බලාපොරොත්තු වෙන සහ දැනට ඉන්න හැමෝටම කියන්නේ. අනේ දෙවියන්ගේ නාමෙට රටේ නම කැත කරන්න එපා. ඔහොම කළාම අනෙක් හැමදෙනාම පිළිකුලට, අපහසුතාවයට පත්වෙනවා. කරන මගෝඩි වැඩක් ලංකාවට ඇවිල්ලා තමන්ගේ ගෙදර ඉඳලා කරගන්න. (නි)
මිනිහගේ අත නැතුව තමයි දැන් එන්න වෙන්නේ. ඇගිල්ලට අතක් කොහොමද වැඩේ ? (නදී)
අපේ මිනිස්සු බිව්වම තිරිසන්නු ගානට හැසිරෙන්නේ. (නදී)
පකිස්තාන් ජාතිකයන් කියන්නේ හරිම අමාරුකාරයෝ. ඒගොල්ල එක්ක එකම කාමරේ හිට්යා නම් බොන්න සිද්ධවුණා එකත් පුදුමයක් නෙවෙයි. මම පිටරට ඇවිත් නවතින්න තැනක් සොයන විට බංග්ලාදේශ ජාතිකයෙක් මට කිව්වේ කොතැනක නැවතුනත් පකිස්තානුවන් ඉන්න තැනක නම් නවතින්න එපා කියලා. මේ කිව්වේ මේ කල දෙය හරි කියන්න නෙවෙයි. අනෙකුත් අයගේ දැන ගැනීම පිණිස. (නදී)
මයික් ටයිසන් කනක් කාලත් ඔය අපූරුවට ඉන්නේ ඔන්න ඔය කොල්ලව හෝදලා ගෙට ගමු මල්ලිලා (බ)
බණ කියන්නේ නැතුව අපේ එකාව බේරාගන්න මඟක් හොයමු.ඔය රටවල නීතිය දන්නවානේ ! (නි)
මම කියල කට ගත්ත විතරයි. ඔන්න අද එක්තරා පත්තරේක තියනවා පකිස්තාන ජාතික පවුලක්ම ගිහින් තෙල්දෙණියේ කඩයක් කොල්ල කාල කියලා. ඔය මීගමුවට වෙලා ඉන්න කට්ටිය ගැන මීට කලිනුත් පාඨකයන් අනතුරු අැඟෙව්වා මට මතකයි. (නදී)
ඩුබායි වල ෂරියා නීති නැහැ, "ඇගිල්ලට අතක් " අමු බොරු (අ)
පකිස්ථානුවන් වහාම රටෙන් පිටකළ යුතු වෙනවා නැත්නම් ඕක රටට මහා පිළිලයක් වෙන්න වැඩි දවසක් නෑ.(හේ)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
මෙතන වෙලා තියෙන්නේ, ඇඟිලි කාලා තියෙන්නේ අපේ එකා. පාකිස්තානුවා නොවෙයි. පිටරට ආ අයගෙන් අමාරුම අය තමා අපේ රටේ අය. (නි)