ලෝකයේ රටවල් වෙන් වීමේ දේශසීමා අතර සුන්දර ස්ථානයන් කිහිපයක ඡයාරුප අන්තර්ජාලයේ තිබී එසැණට හමුවිය. ආර්ජන්ටිනාව, බ්‍රසීලය හා පේරු රාජ්‍ය ප්‍රධාන ගංගාවකින් හා අතු ගංගාවකින් වෙන්වන ස්ථානයට බොහෝ දෙනාගේ කැමැත්ත පලවී තිබුණි.
ලෝකයේ රටවල් වෙන් වීමේ දේශසීමා අතර සුන්දර ස්ථානයන් කිහිපයක ඡයාරුප අන්තර්ජාලයේ තිබී එසැණට හමුවිය. ආර්ජන්ටිනාව, බ්‍රසීලය හා පේරු රාජ්‍ය ප්‍රධාන ගංගාවකින් හා අතු ගංගාවකින් වෙන්වන ස්ථානයට බොහෝ දෙනාගේ කැමැත්ත පලවී තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසේ උලුප්ප උලුප්පා භේද පෙන්වීමට යාමෙන් සාමයක් ඇති වනේ කෙසේද. යුරෝපයේ විශේෂයෙන්ම ජර්මනියේ මම දන්නා තරමින් ලෝකයේ සෑම ජාතින්ම වගේ ඉන්නවා. නීතිය කාටත් සමානයි. රටක දියුණුව එයයි. ආනන්ද දොඩම්ගොඩ මහතාගේ අදහසට එකඟ වෙමි (නදී)
හොද වෙලාවට ලංකාව දුපතක් වුණේ.(හේ)
ඕමන්තෙන් එහා තිබුණේ මේ විදියට එත් ලස්සන නැහැ ලොකු බංකර් පෙළක් තිබුණා (අ)
යථාර්තය..මැන්වින් දුටුවොත් .එහි සීමාව මීටත්වඩා .සුන්දරයි ..(අ)
ස්විස්ටර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය යන රටවල් රයින් ගඟෙන් වෙන් වෙලා තිබෙන ලස්සන තැනකුත් තිබනවා. (බ)
හරිම ලස්සනයි දේශසීමා. ස්වීඩනය හා පින්ලන්තය දේශ සිමාව වන්නේ ටෝනියෝ නදියයි. (ම)
නොදකින් විතරක් හැම දේටම ලංකාවේ දේශපාලනය .ලිදේ ඉන්න ගෙම්බෝ වගේ. හිතන්නේ ලෝකය තියෙන්නේ ලංකාව ඇතුලේ කියල (බ)
කරුණාරත්න, පුලාරා,විකුම්....සත්‍ය කටුකයි එ්ත් ඔයාලා ඒක මැනවින් දැකල තියෙනවා, ස්තුතියි. (බ) ,
හිතාගන්න බෑ (බ)
පුලාරා ඔයා නම් එළාර වගේ (නදී)
සැම්බියා, සිම්බාබේ සහ බොට්ස්වාන් දේශ සීමාවද ඉතාම ලස්සනයි (නදී)
කරුණාරත්න, පුලාරා ඔබ දෙදෙනාට දැනෙන දේ විකුම් විසින් තවත් හොදට විග්රහ කරලා තිබුනත් බීරි අලින්ට වීනා වාදනයක මිහිරක් දැනෙන්නේ. එදා ඉදන්ම ජාතිය පවා දීමට අපේම මිනිසුන් මූලික උනා. මතුවටත් ඊට වඩා දෙයක් බලාපොරොත්තු තියාගන්න බෑ සමහර අවස්ථාවාදී සිංහලයන්ගෙන්. සේන අපි ජාතිය ගැන කතාකලොත් ඒක ජාතිවාදේ. ඒත් හකීම්ලා, විග්නේශ්වරන්ලා කරන්නේ මොන වාදේද කියල දැනගන්න පොඩ්ඩක් ඇස්දෙක කන්දෙක ඇරගෙන ඉන්න පුලුවන් නම් හොඳයි. (නදී)
මෙතන කොමෙන්ට්ස් දාපු කිසිමකෙනෙක් කරුණාරත්න මහතා දාපු කොමෙන්ට් එක සීරුවෙන් කියවල නැත. " ලෝකයේ අසුන්දරම වැට කඩුල්ල" පිළිබඳව ඔහු කියල තියෙන්නේ. ඔහු නොකිය කියල තියෙන්නේ කාලකන්නි දේශපාලකයන් විසින් ලංකාවේ මෝඩයන් දෙන ඡන්දයෙන් බලයට පැමිණ රට 3 කැඩීමට සැරසෙන අන්දම. මම කියන්නේ කරුණාරත්න මහතා හරි. ඔහු අනාගතය සිදුවන දේය. පැහැදිලිකරලා තියනව. මම දැක්කා ඊයේ හකීම් මහතා කියා තිබුන නැගෙනහිරට වෙනම පළාත් පාලන දිස්ත්‍රික්කයක් ඕන කියල විතරක් නෙවෙයි, එය ලබාගැනීම මීළඟ මහා මැතිවරණයෙන් පසුව සටන් කරනවය කියල. දැන් උතුරු පළාත තුළ සිදුවෙන්නෙත් මෙයයි. (බ)
ශ්‍රී ලංකාවෙත් දේශසීමාවක් තිබ්බා නම් ඒ කොතනක වේවිද ? (නදී)
අපේ රත්තරන් ලංකාවේ මහපොළොව හරහාත් වැටවල් ගහලා වීසා අරගෙන එහා පැත්තට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී එක එක රටවල් කියන විදිහට නටන්නේ නැති නායකයෙක් අපිට ලැබුනා. ඒ මහින්ද නැත්නම් අද ඔය ඉතිහාසය මතක නැති නඩේගේ දරුවෝ, නෑදෑයෝ, හිත මිතුරෝ කීදෙනෙක් අහිමිවෙලාද? දැන් එහෙවු නායකයාට අපහාස කරන්නේ විලි ලැජ්ජාවක් නැතුවා වගේ. නමුත් මේවා මතක තිබෙන රට ගැන ආදරයක් ඇති මිනිස්සු නැවතත් මහින්ද වටා රොක්වෙමින් ඔහුව බලයට ගෙනෙන බව ඉතා පැහැදිලියි. (නි)
නියමයි ! (නදී)
දේශ සීමා නැති සොබාදහම මිනිස්සු තම සීමා මායිම් හදන්න යොදාගනිපු හැටිත් හරි අපුරුයි ...(අ).
කරුණාරත්න මහත්තයාගේ බොස්ට මේසරේ ජාතිවාදය ඇර වෙන මොකුත්ම නැහැ වගේ කියන්න. (අ)
සමාවෙන්න වෙන්න මෙහම කියනවට . මේ පින්තුර මෙහම බලනකොට හරිම ලස්සනයි . නුමුත් මේ හැම පින්තුරයකම යටින් තියන කතාව හරිම කටුකයි . අපේ රටෙත් මෙහම වෙන්න තිබුණා මහින්ද හිටියේ නැත්නම්.(අ) .
තමිල් නාඩුව සහ ශ්‍රී ලංකාව අතර මෙහෙම තිබුනා නම් සිංහලය අවසානයි (නදී)
කරුණාරත්නගේ ප්‍රතිචාරයෙන් පේන්නේ ඔහුට අවශ්‍ය ලංකාවකට කඩා හෝ ඔහුගේ ජාතිවාදය නැංවීමට, විවිද ජාතින් හා විවිද ආගම් වල අය එකට සිටිනා ලෝකයේ දියුණු රටවල් තියෙනවා. අපටත් එසේ සිටීමට නම් ඔබ වැනි අයගේ මනස දියුණු විය යුතුව තියෙනවා (නදී)
ඇත්තටම පොළොවේ සිමා බෙදිලා නැහැනේ. ලෝක සිතියම මිනිස්සු පාලනය සදහා හදාගත්තු එකක්, මිනිස්සුම බෙදාගෙන එයාලම ඒ සිමා වලට රණ්ඩු වෙලා, සිමා පනින්න ගිහින් මැරිලා යනවා. (අ)
සොබාදහමේ විශ්මය නොවේ මිනිස් කමේ විෂමතාවය (අ)
නදී විතරයි මේ කට ලියන්නේ අනේ මන්ද නදී ට වැඩක් නැද්ද කොහොම වුණත් ලස්සන දේසසීමා පොටෝ ටික බොහෝම සිතුතියි (අ)
ජෝර්දාන් නදියෙන් ඊශ්‍රයාලයත් ජෝර්දානයත් වෙන්වේ.එය සැබවින්ම ඉතා පටු අතු ගංගාවකි .ඉතා ආසන්නයේ දෙපැත්තේම බැතිමතුන්ගෙන් පිරි පවතී.ජේසුස් වහන්සේ බෞතිස්ම කර ඇත්තේ ජෝර්දානයට අයත් ප්රදේශයේය.දෙපැත්තේම මනස්කාන්ත පුරාණ පල්ලි ඇත. සංකේතාත්මකව උනුන් දෙස බලමින් දෙපැත්තේම සොල්දාදුවන් දෙදෙනෙක් ගංගාව දෙපස සිටි.මෙය ආගමික වටිනාකමකින් ද යුක්ත, ඉතාම සුන්දර දේශ සීමාවකි. (අ)
නියමයි නේද එහෙනම්. ලංකාව පමණක් මායම් නැතුව තියෙන නිසානේ, ඔය සතුරෝ මෙහාට එන්නේ? (නදී)
කරුණාරත්න වගේ බයියන්ගේ පැතුම මේක තමා...නමුත් මෙදා පාර එකම රටක් යට බයියන්ට අබ සරණයි (නදී)
හරිම වැදගත් ලිපියක් (නදී)
ලෝකයේ අසුන්දරම වැට කඩුල්ල ඊළඟ මහා මැතිවරණයෙන් පසුව ලංකාවෙන් බිහිවනවා. 1. උතුර 2. දකුණ 3. නැගෙනහිර ( දෙමල,සිංහල, මුස්ලිම් ) මේකට සුදුසු කාලය මැතිවරනයේදී හෙළිකරනවා (නදී)
සොබාදහමේ විශ්මය (නදී)