එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සේවයේ යෙදී සිටියදී දිවි පිදූ ශ්රී ලංකා ගුවන් හමුදා කෝප්රල් එම්.කේ.බණ්ඩාර ඇතුළු සාම සාධක භටයෝ 97දෙනෙක් ඇමරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ භාවනා කලාපයේ දී සම්මාන ලදහ.
ජගත් මහ ලේකම් බෑන් කී මූන් හා ශ්රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා මේ අවස්ථාවට එක්වූහ.
කෝප්රල් බණ්ඩාර වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ශ්රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක මේජර් ජනරාල් උභය මැදවල සම්මාන පදක්කම පිළිගත්තේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයන් හැටියට අපිට ආඩම්බරයක්. (ර)
රණවිරුවනි, ඔබ සැම සදා අමරණීයයි (නි)
අපරාදේ තරුණ ජීවිතයක් නැති වුණා. කාලකන්නි ඇමරිකාවට ඕන දේවල් කරන්න අපේ දේශපාලුවෝ අපේ රටේ තරුණ ජීවිත බිලි දෙනවා. ඇයි උන්ගේ රටේ තරුණයෝ නැද්ද? අපේ රටේ කොල්ලන්ව බිලි දෙන්නේ? තමුන්ගේ මවු රටේ, රට ජාතිය වෙනුවෙන් යුද්ධ කරන එක වෙන දෙයක්. (බ)
ලංකාවේ රට වෙනුවෙන් දිවිපිදු අයටවත් මේ විදියට සම්මාන ලැබුනද? අද ඇමරිකාව වෙනුවෙන් මේ දේවල් කෙරුවා නම් ජීවිත කාලයටම සැප ලැබෙනවා. නමුත් දැන් යහපාලන ආණ්ඩුව නිසා කිසිම වැසියෙක් අසරණවෙන්නේ නැහැ (නි)