අලි, රයිනෝ, හිම වලසා ඇතුළු සතුන් රැසක් නුදුරු කාලයේ දී මිහිතලයෙන් අතුරුදන් වන බවත් එය දෙවැනි වන්නේ ග්‍රහයක් පෘථිවියේ ගැටීමෙන් ඩයිනෝසරයන් වඳවීමේ විනාශයට පමණක් බවත් පර්යේෂකයෝ කියති.
ඔවුන් පෙන්වාදෙන්නේ වඳවීයාමේ ක්‍රියාවලිය දැන් හයවැනි අදියරට පත්ව තිබෙන බවයි. මිනිසා විසින් මේ විනාශයේ වගකීම හා නරකනාමය භාරගත යුතු බව ද පර්යේෂකයන්ගේ මතයයි. පසුගිය වසර 1500ක කාලයේ දී මිහිමත සිටි කොඳු ඇට පෙලක් සහිත ජීවී විශේෂ 320ක් විනාශ වී ගොසිනි. දැන් ඔවුන් මිහිමත දක්නට නැත.
මේ විනාශයට පහසුම ගොදුරක් වන්නේ අලි, රයිනෝසරයන්, හිම වලසුන් වැනි විශාල සතුන් බවත් දැන් එවැනි ජීවීන් විනාශවීමේ උච්ඡතම අවස්ථාවට පැමිණ ඇති බවත් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කැර ඇති පර්යේෂණ වාර්තාවේ දැක්වේ.
දැනට මිහිතලයේ සිටින ජීවී විශේෂ අදින් වසර ලක්ෂ 35ට පමණ කාලයේ සිට ක්‍රමිකව පරිනාමය වූවෝ වෙති. සත්ත්ව විද්‍යාත්මක පර්යේෂණ ගණනාවක් හා දත්ත විශ්ලේෂණයන්ට අනුව ජීවීන් විනාශ වීම දැන් ඉතා කඩිනම් වී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පර්යේෂණ ප්‍රධානී ජීව විද්‍යා මහාචාර්ය රොඩොල්ෆ් ඩිර්සෝ පවසන්නේ මානවයා සියල්ල විනාශකරන යුගයකට පිවිස ඇති බවයි.
‘‘ ලොව සිටින සියළුම ජීවී විශේෂ සැළකූ විට ඉන් සියයට 16ත් 33ත් අතර ප්‍රමාණයක් ගෝලීය වශයෙන් අන්තරාදායක තත්ත්වයකට පත්ව සිටිනවා. අලි, රයිනෝ, හිමවලසුන් වැනි විශාල සතුන් වැඩි ප්‍රමාණයක් හා ගණනය කළ නොහැකි තරම් සත්ත්ව විශේෂ සංඛ්‍යාවක් මිහිතලයෙන් සමුගැනීමේ එලිපත්ත මත සිටිනවා. “ යැයි හෙතෙම වැඩිදුරටත් පවසයි.
විශාල සතුන් අඩු ගහණයක් ජීවත් වීමත් ඔවුන්ගේ වාසස්ථාන අහිමිවීයාම හා ආහාර නොමැති වීම ඔවුන්ගේ විනාශයට හේතු වී ඇති බව ද මහාචාර්යවරයා පෙන්වාදෙයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පචියෝ එහෙනම් දුවල ගිහින් මේ සතුන්ගේ පොටෝ ටික ගන්න වෙයි අනාගත දරුවන්ට පෙන්නන්න (නදී)
ශ්‍රී ලංකාව වගේ සතාට, සිවුපාවට, පරිසරයට කිසිම ආදරයක් නැති රටවල් දකිනකොට මේ විනාශයට තව වසර දහස් ගණනක් අවශ්‍ය නැහැ , ලබන මාසේ වෙනකොට එක අලියෙක් සොයාගන්න බැරි වෙන තත්වයක් තියෙන්නේ (නදී)
දැන් පරිසර සුරැකීමේ ඉහලින්ම ඉන්නා ඔස්ට්‍රේලියාව 1930 දශකයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව තස්මේනියන් ටයිගර් (තයිලසීන් ) නමින් හැඳින්වුන මාංශ භක්ෂක බල්ලෙකුට සමාන නමුත් කොටියෙකුගේ මෙන් වයිරම් (ඉරි ) සහිත සතාව සම්පුර්ණයෙන්ම විනාශ කළා. ඔවුන්ගෙන් තස්මෙනියාවේ බැටළු ගොවිපොළ වලට සිදුවූ දරුණු හානිය මැඩ පැවැත්වීමට කලයුතු එකම දේ ඔවුන් සමුල ඝාතනය කිරීම පමණක් බවයි. අවසාන සතා 1937 දී මෙල්බෝර්න් නුවර සත්ත්ව උද්‍යානයේදී මලා. ලංකාවේ වල් අලින්ටත් කවදා හෝ ඒ ඉරණම අත් නොවේවා කියා පතනවා හැර වෙනත් කළහැකි දෙයක් නැහැ.(නදී)
හොදම උදාහරණයක් තමයි ලංකාව. නිලධාරීන් දේශපාලකයින් අමු අමුවේ වනාන්තර හිතුමතේ ජනාවාසකරණය කරමින් ඉන්නවා. ඒවා දැක දැක මහා තැන ඒවාට නිහඩව උදව් කරනවා. ලෝකයේ පැවැත්ම විනාශ කරන්න පටන් ගත්තේ දේශපාලනය බිහි උනාට පස්සෙයි. (නදී)
අම්මාට, තාත්තාට, ගුරුවරුන්ට ආදරය නොකරන අය සොබාදහමට ආදරය කරයිද? (නි)
කොදු ඈටපෙළක් තිබෙන ලොකු සතුන් විනාශ වෙනවා කියනකොටත් බය හිතෙනවා.මොකද පිටකොන්දක් තිබෙන හොඳ සතුන් විනාශ වෙනකොට ඉතිරි වෙන්නේ පිටකොන්දක් නෑති උන් නිසා.එහෙම වුණොත් අපේ රට ගැන නම් බයවෙන්න දෙයක් නැහැ. (නි)
ලංකාවේ අලි ටික නම් කොහොමහරි බේරගන්න ඕනෑ. (නි)
මේ විදිහට බඩු මිල ඉහල ගියොත් කන්න නැති වෙලා ලංකාවේ මිනිස්සුත් මේ ගණයට වැටේවි (නදී)
ප්‍රතිචාර ටික නම් නියමයි ! (නදී)
විල්පත්තු වන භූමිය හරහා ඉදිකරන මහා මාර්ගය ලංකාවේ වටිනා අලි ඇතුන්ගේ විනාශකාරී මාවත කියලා මට හිතෙනවා (නි)
සියල්ල නැසෙන සුළුයි (දී)