ඉන්දුනීසියාවේ බාලිදුපතේ පැවැත්වුණු 2013 ලෝක රූ රැජින තරගාවලියේ කිරුළ හිමි කර ගැනීමට පිලිපීපනයේ 23 හැවිරිදි ‘මේගන් යං’ සමත් වුවාය. තරගකාරිනියන් 127 දෙනෙකු සමග තරග වැදුණු ඇය මෙතෙක් බිහිවුණු හොඳම රූ රැජින වන බවට ප්‍රතිඥා දී කිරුළ පැළැදගත්තාය.
තරගාවලියේ දෙවැනි ස්ථානය ප්‍රංශ ජාතික විසි හැවිරිදි ‘මැරින් ලෝෆෙලින්’ හා තෙවැන ස්ථානය ඝානාවේ 22 හැවිරිදි ‘කැරන්සාර් නා ඔක්ලි’ හිමි කර ගත්හ.
මෙවර ලෝක රූ රැජින තරගාවලිය පැවැත්වුයේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරය. මුස්ලිම් ජාතීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතා හේතුවෙන් දැඩි ආරක්ෂාව මැද එය බාලි දුපතේ පැවැත්වීමට සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන්ට යටත් නොවී මේ තරඟය පැවැත්වීම, අප අගය කල යුතුයි. (ස)
සුභ පතන්න. දැක්කම එයා අහිංසකයි. ලංකාවෙන් ඉදිරිපත් වෙලා නැද්ද?(නදී)
"රුපය" එහෙම නැත්නම් "ලස්සන" කියලා අපි වැඩි දෙනෙක් සම්ප්‍රදායිකව හිතන දේ වැරදි බව ඔප්පු කරන අවස්තාවක්. ඝානාවේ රූ රැජින දිහා බලන්න. (ස)
කළු එක්කෙනා දිනුවානම් තමයි ගොඩක්ම හොඳ. (නදී)
මගේ නම් සුදු කළු බේදයක් නැහැ. කළු හමේ පාට විතරයි. එයාගේ හැඩ බලන්න. අලුත් රූ රැජිනට සුබ පැතුම්. මේ රූපය එසේම ගොඩක් කල් තියේවා කියා ප්‍රර්ථනා කරනවා.(නදී)
අපේ උණුසුම් සුබ පැතුම්.....අද මොනම රටක බැලුවත් මුස්ලිම් අන්තවාදීන්ගෙන් ප්‍රස්න.(නදී)
ලංකාවේදී රූ රුජිනියන් තේරීමේදී අල්ලස් ගැනීමක් ගැන කතාවක් යනවා,දන්නා කෙනෙක් කියන්න සත්‍යය. (නි)
මුස්ලිම් ලෝකයම අරාබි නිසොල්ලාසයේ තිබෙන ඔක්කොම කාම සුකල්ලිකානු යෝග කරනවා කෝටි ගණන් වියදම් කරලා. ඒ වුණාට වෙනත් අය මේ වගේ උත්සව පවත්වනවිට බොහෝ ශුද්ධ බාවයක් ලෝකෙට පෙන්නන්න හදනවා. (නි)
මේ කුමාර් කියන්නේ ටික කලක් පිස්සු නටපු වීර කියන කෙනාගේ හොල්මනක්ද? (නි)
අපේ කෙල්ලෝ වගේ නෙවි ෆිලිපිනේ කෙල්ලෝ මරු......(නදී)
අපි ඉපදිලා ඉන්නේ කන්ඩයි බෝ කරන්ඩයි ?(නදී)
අයියෝ සල්ලි! (නි)
මොනවා උනත් ටිකක් සීලාචාර ඇඳුමක් අන්දලා තියෙනවා. (ස)