අදින් වසර ලක්ෂ ගණනක සිට ආදි මානවයා විවිධ ශරීර හැඩ සහ ප්‍රමාණ ගනිමින් අද සිටින තත්ත්වයට පත්ව ඇතැයි පර්යේෂකයෝ කියති. ජනපද බිහිකිරීමත් යුරෝපයේ ව්‍යාප්තවීමත් සම්බන්ධයෙන් කරණ ලද අධ්‍යයනයකින් පසු ඔවුහු මේ කරුණු අනාවරණය කරයි.
මානව පරිනාමයේ පිළිගත් මතය වන්නේ අප්‍රිකා මහද්වීපයේ පරිනාමයට ලක්වූ මානවයා ක්‍රමයෙන් ඔබ්බට සංක්‍රමණය වූ බවයි. හෝමෝ ඉරෙක්ටස් මානවයා උස මහත හා බරින් වැඩි ශරිර ස්වභාවයකින් යුක්ත වූ බවත් දිගු කකුල් හේතුවෙන් ඔවුන්ට සංචරණය පහසු වූ බවත් පර්යේෂකයෝ කියති.
බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් හා ජර්මන් විශ්වවිද්‍යාල පර්යේෂකයන් පිරිසක් ඒකාබද්ධව කරණ ලද මේ පරීක්ෂණයට අනුව විශාල සිරුර හා දිගු කකුල් මානවයාගේ මුහුදු තරණයට පහසුවක් වන්නට ඇතැයි ද ඔවුහු කියති.
පැරණි ෆොසිල හා හමුවන අස්ථි කොටස් යොදා ගනිමින් ශරීර උස හා ස්කන්ධ ඇස්තමේන්තු කිරීම ඔවුන් විසින් සිදුකැර ඇත.
පර්යේෂකයන් පවසන්නේ මෙතෙක් සිතා සිටියාට වඩා මානව පරිනාමයේ අතරතුර ඔවුන් ශරීර හැඩයෙන් හා ප්‍රමාණයෙන් විශාල විවිධත්වයක් පෙන්වන බව තහවුරු වූ බවයි.
පර්යේෂණයේ ප්‍රධානියා ලෙස කටයුතු කරණ ආචාර්ය ජේ.කෝටස් පවසන්නේ හෝමෝ හැබිලිස්, හෝමෝ ඉරෙක්ටස්, හෝමෝ රුඩොල්ෆෙන්සිස් යන මානවයන්ගේ බාහු පවා විශාල විවිධත්වක් පෙන්වන බවයි.
‘‘ ඔබ අපේක්ෂා කරන්නේ දැන් සිටින නූතන මානවයා දැකීමට ද , අඩි හයක් පමණ උසැති කිලෝ 70ක් පමණ බරැති නූතන මිනිසකු ගැන අපට අද කිව හැකියි. නමුත් ඔබ දන්නවා ද මේ තත්ත්වය දක්වා පරිනාමය වෙද්දී අපි විශාල විවිධාංගීකරණයක් පසුකැර තිබෙනවා. ඇත්තටම මුල් මානව පරිණාමය සිදුව ඇත්තේ විටින් විට මානවයාගේ උස ප්‍රමාණය හා ස්වරූපය වෙනස් වෙමින්“ ආචාර්ය කෝටස් පවසයි.
කෙන්යාව, ටැන්සානියාව, දකුණු අප්‍රිකාව, හා ජෝර්ජියාවේ විවිධ කාලයන්හි හමුවූ ෆොසිල මිනුම් ගැනීමෙන් පර්යේෂකයන් ප්ලයිස්ටොසීන යුගයේ සිට මිනිසුන්ගේ ප්‍රමාණ සංසන්ධනය කළ බව පර්යේෂකයෝ කියති. ඒ සඳහා එවුන් අස්ථි කොටස් 800 ට වඩා උපයෝගී කරගෙන ඇත.
ඔවුන් පෙන්වාදෙන්නේ ඉතා සෞඛ්‍ය සම්පන්න වූ මානවයන්ගේ අවශේෂ අදින් වසර ලක්ෂ 17ට පමණ පෙරාතුව පටන් හමුවන බවයි. ඔවුන් විශාල ශරීරයකින් යුතු වූ බවත් අප්‍රිකාවෙන් ඔබ්බට පැතිරී සිටි බවත් තහවුරු වන බව ද මෙමගින් සනාථ වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාල වකවානු බලනකොට දෙවියෝ ආදම් සහ ඒව මැවුවේ වසර 6000 කට පෙර කියලා තමයි පෙනෙන්න තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මැවීම බොරුවක්, පරිණාමය තමයි හරි කියලද? (නි)
මැටිපහන, මිනිසා විසින් දෙවියා මැවුවා මිස අන්යමක් නැත. දෙවියා කියා කෙනෙක් සිටින බව දන්නෙත් මිනිසා පමණි. පරිණාමය කිසිවෙකුට බොරු කළ නොහැක. (නි)
බුදුන් දේශනා කර තිබෙනවා කලින් කලට මිනිසාගේ ආයුෂත් වෙනස්වෙන බව. පෙර බුදුවරුන්ගේ කාලේ මිනිස් ආයුෂ අවුරුදු 80,000ක් තරම් බවත් ඉදිරියට මිනිස් ආයුෂ අවුරුදු 10 දක්වා අඩුවන බවත් නැවත මෛත්‍රී බුදුන් කල ඉදිරියේදී ආයුෂ අවරුදු 80000ක් වන බවත් කියවෙනවා. (නි)
නැවත නැවතත් සනාථ වන්නේ අකාලික බුදු වදන වේ. (ස)
දුමින්ද ,ලංකාසිරි බුදු බන විතරද දන්නේ ? විද්‍යාවේ හැම සොයගැනීමක්ම බුදුදහමේ කලින් කියා තිබෙනවා කියා මේ පර්යේෂකයෝ දන්නවනම් මේවා නොකර වෙන වැඩක් බලගන ඉන්න තිබ්බ නේද? (ස)
නුවන්, ඔබ දන්නවා නම් කියන්න මේ ලෝකේ බුදුදහමේ සඳහන් එක කරුණක් හෝ වැරදියි කියා කියන්න පුළුවන් පර්යේෂකයෙක් ඉන්නවද? (නි)
නුවන් නොදන්න ගොඩක් දේවල් නාසා පර්යේශකයෝ හොයාගෙන තියෙනවා. අපායන් පිළිබඳව බුදුන් මිනිස් වර්ගයාට කියා දුන්නේ අවුරුදු 2500 කට කලින්. (ස)
අහෝ නුවන් ඔයාගේ හැම විද්‍යා ප්‍රස්නයකටම මූලික සිද්ධාන්තමය පිළිතුර බොදු දර්ශනයේ තියෙන බව තේරුම් ගන්න තරම් නුවනක් තිබුනා නම් කොච්චර වටිනවද? ඔයාට තියෙන්නේ හැම ප්‍රස්නයකටම පිළිතුර බුධාගම පොතේ නැති උනාට. මේක ගෝලීයකරණය වෙන්න ගිහින් වරිගේ නහගන්න එකට හොඳ නිදසුනක් බව දෙනුවන් වලට පේනවා. (ස)
නුවන් අදට පවතින විද්‍යාව දියුණු මදි ලොව්තුරා බුදුන්ගේ ප්‍රඥාවට සසඳන්න්ට. ඔබටත් භාවනා දියුණු කලොත් ප්‍රඥාව වඩවා ගත හැකියි. නුතන විද්‍යාව යනු මිනිසා ප්‍රයෝගික පරීක්ෂණ කර සොයා ගන්න දෙයයි. ප්‍රඥාව යනු මිනිස් සිත දියුණු කීරීමෙන් ලබාගන්න අති විශිෂ්ට දැනුමයි. (ස)
ලංකාව වනාහි උදේ සිට රාත්‍රිය දක්වා දහමින් දිවි ගෙවන මිනිසුන් පිරිසක් සිටීන රටක් බැවින් පලවන පුවත කුමක් වුවත් එය ආගමික කෝණයෙන් බලා ඊට එරෙහි වන්නන් අඥානයන් ලෙස හදුන්වමින් අනුන්ට මෛත්‍රිය කරමින් ජීවත්වන පිරිසකි. (ස)
පැහැදිලි කරදීම දීම වරදවා වටහා නොගන්න. එය හාසය්‍යට ලක් නොකරන්න. (ස)
ඔය වගේ මානවයෙක් කැලණිය පැත්තෙත් කාලයක් කාලගෝට්ටි කරකර හිටියා. දැන්නම් කිසිම සද්දයක් නැහැ. (නි)
හොඳ ලිපියක් (නි)
විවාද කොහොම උනත් ලංකා දීපය වටිනා පුවත් පල කරනවා කියවන්න. දැනගන්න දේවල් ඉදිරිපත් කරන එක ලොකු වැඩ . ස්තුතියි. (නදී)
අපි දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය. සැම දෙයක්ම ආගමෙන් ඔප්පුකරන්න උත්සහ කිරීම එතරම් නුවනට හුරු නැත. (නදී)