උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ්හි ශිම්ලා නගරයේ රිලවකු නිවසකින් ඉන්දියන් රුපියල් 100,000 ක් සොරාගෙන මිනිසුන්ට බෙදා දුන් අපූරු සිද්ධියක් වාර්තාවෙයි.
ශිම්ලා යනු සතුන්ගේ ක්ෂේම භූමියක් වැනි ප්රදේශයකි. එහි රිලවුන් බහුලය. පරිසරවේදීන් පවසන්නේ ලක්ෂ තුනක් පමණ සිටින බවයි. ඉන්දියානුවෝ මේ රිලවුන් දේවත්වයෙන් සළකති. ඔවුන්ට ආහාර පාන ද දෙති. කෑම සොයමින් නිවසකට ඇතුළු වූ මැකාකි රිලවකු ආහාරයට කිසිවක් නොලැබූ විට නිවසේ තිබූ මුදල් නෝට්ටු මිටියක් රැගෙන ආවේය. වහළකට නැගුණු රිලවා කෑමට නොහැකි මේ නෝට්ටු එක දෙක බිම දමන්නට විය. මේ දුටු ගැමියෝ පුදුමයට පත්ව ගස අසළ රොක් වෙද්දී රිලවා ගස මතට වී මුදල් නෝට්ටු විසුරුවන්නට විය. මිනිසුන් පොරකමින් මුදල් නෝට්ටු අහුලන ආකාරය බලා සිටි රිලවා නැවත නැවතත් එයම කරන්නට විය. මිනිසුන් වෙතින් තමන්ට ලැබෙමින් තිබෙන අවධානය ගැන පුදුමයට පත්ව සිටි රිලවා උස්ව වැඩුණු පයින් ගසකට නැගුණේය. එහි සිට ද ඔහු කළේ මුදල් නෝට්ටු විසුරුවා හැරිමයි. පැයක පමණ කාලයක් තිස්සේ ගැමියන් ඒ මේ අත දිව යමින් මුදල් නෝට්ටු එකතු කළ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියානු බලධාරින් පවසන්නේ පසුගිය වසර කිහිපයේ දී වඳුරු ගහණය ඉතා සීඝ්‍රෙයන් වැඩි වී ඇති වයි. දැන් වඳුරු මිනිස් ගැටුමක් හටගෙන ඇතැයි ද වඳුරන් මිනිසුන්ට පහර දීම, භෝග විනාශ කිරීම, ළමයින් හපාකෑම ආදී විවිධ අනතුරු සිදුකරයි.
2014 වර්ෂයේ දී මෙවැනි සිදුවීමක් වූ දෙවැනි අවස්ථාව මෙයයි. දැනට මාස කිහිපයකට පෙර කඩයකින් මුදල් නෝට්ටු මිටියක් පැහැරගත් රිලවකු නගරයේ ජනාකීර්ණ ස්ථානයක ගසකට නැග මුදල් නෝට්ටු විසුරුවා හැරියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු රිලවා නේද අනේ (නදී)
අනේ මේ වාගේ රිලවෙක් අපේ මුදල් ඇමති කමට එනවනම් රටේ දුප්පත් කම නැති වෙලාම යාවි (ස)
මරේ මාරු රිලවා. මෙහෙට නම් එන්න එපා. මිනිස්සු මරාගනී එකෙක් වැඩිපුර අැහුලුවොත් (නදී)
අන්න නියම රිලව්! (නි)
ලංකාවේ නම් ඔය වගේ රිලව් ඉන්නේ සමහර පෞද්ගලික ටීවී සහ එෆ්.එම්. චැනල් වලනේ. (නි)
මටත් රිලවෙකු ඇති කිරීමේ ආශාවක් ආවා (නි)
අපේ රූපවතීගේ ගෙදරට ගිහින් දාන්න රිලවු ටිකක් හොයාගන්න නැද්ද? (නි)
උඹ ලංකාවට නම් එන්න එපා රිලවෝ (නි)
දුප්පතාගේ දුක දන්නා රිලවෙක් (නි)
දුප්පතුන්ගේ දුක දන්නා රිලවෙක් (නදී)
මේක තොප්පි වෙළෙන්දාගේ කතාවේ නව නිෂ්පාදනයක් වගෙයිනේ (නි)
අපේ රටේ සල්ලි බෙදන අයට වල්ගේ විතරයි අඩු. (නදී)
වරුණ කිව්වා හරි, ෂුවර් එකටම මෙයා 'රිලා එෆ්.එම්‘ එකෙන් වෙන්න ඇති. (නදී)
මේ දවස්වල ඌවෙත් ඔහොම බෙදනවා (නදී)
අපේ රටේ හැටියට අපිට නම් 30,000 ක් රිලවුන් අවශ්‍ය නැහැ. (නි)
ලංකාවෙ මේ වගේ සල්ලි බෙදන වැඩ කරන්නෙ එෆ්.එම් චැනල් වල අය. ඒ වුනාට එයාල රිලව් වගේ කියල මම කිව්වෙ නෑ.(නදී)
අහිංසක සත්තු ..? බුද්ධිය අතින් ගොඩාක් ඉහල සතෙක් ..අපේ රටේ නිවසකට ආවොත් මේ සතුන්ට වහ දීල මරණ කාලකන්නි මිනිසුන් ජීවත් වෙනවා ..? (ස)
කතරගම ඉන්නේ රිලව් නෙමෙයි වදුරෝ (නදී)
අපේ ගෙවල් පැත්තෙත් එන්ඩ බැරිද රිළවෝ (නදී)
වරෙන් රිලවෝ ලංකාවට (නදී)
කතා කරලා එක්කගෙන එන්න බැරි වෙයිද ? (නදී)
එළකිරිනෙ...මු නම් එළකිරි රිලවෙක්. (නදී)
අපිටත් දෙන්න රිලවෝ (නදී)
අම්මෝ රිලවු ගැන කියල වැඩක් නැහැ. කතරගමට ගිහින් බලන්නකෝ. පුජා වට්ටියට ඇහැ ගහගෙන හිටියේ නැත්තම් ඉවරයි. සුද්දෙ දානවා. (නදී)
අපේ රිලවු ඔය වගේ වැඩ කරන්නේ ඡන්ද අපේක්ෂකත්වය ලැබිලා ජනතාවගේ ගෙපැල් වලට පස්ස දොරින් රිංගන කාලයට. (නදී)
රොබින් හුඩ් ද කොහෙද රිලවෙක් වෙලා ඉපදිලා තියෙන්නේ (නදී)
අනේ අපේ ගමටත් එන්නකෝ රිලවෝ. (නදී)
එහෙනම් රිලව් හොඳදේත් කරනවා? (නි)