අල්ඩි රසායි වයස අවුරුදු 2 ක් වැනි කුඩා අවදියේම ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වූවෙකි.ඒ ඔහු දිනකට දුම්වැටි 40 කට අධික සංඛ්‍යාවක් බීමට පුරුදුව සිටින්නේයැයි හෙළිවීම නිසාය.
අල්ඩි දැන් සිව් හැවිරිදිය. දැන් ඔහු නොබොයි. ඒ වෙනුවට අලූත් ඇබ්බැහි වීමක් ඔහුට ඇත. ඒ නොනවත්වාම ආහාර ගැනීමයි.
අල්ඩි මුරණ්ඩු දරුවෙකියි ඔහුගේ දෙමව්පියෝ කියති. කුමක් හෝ අවශ්‍ය වුවහොත් එයම ඉල්ලා කරදර කරන්නේ යැයිද එය නොදුන්හොත් තමාට තුවාල කර ගැනීමට පවා ඔහු පෙළඹෙන්නේ යැයිද ඔවුහු පවසති.
මෙනිසා අල්ඩිගේ කරදරයෙන් බේරිය නොහැකි තැන තමා ඔහුට දිනක් දුම්වැටියක් දුන් බවත් එදා සිට අල්ඩි කරදර කළේ දුම්වැටි ඉල්ලා මිස අන්කිසිවක් ඉල්ලා නොවන බවත් පියා කියයි.
අවසානයේදී අල්ඩි දිනකට දුම්වැටි 40 ක් පමණ පානය කිරීමට පුරුදු විී ඇත.ඉන්දුනීසියාවට පැමිණි රූපවාහිනී වාර්තා කණ්ඩායමක අවධානය අල්ඩි දිනාගන්නේ මේ සමගය.
දෙහැවිරිදි දරුවෙකු දුම් පානය කරන්නේයැයි ලොවට හෙළිවීම නිසා ඉන්දුනීසියාවේ රජයට එදවස කරකියා ගත නොහැකි තත්ත්වයක් ඇති විය. තත්ත්වයට පිළියම් ලෙස බළධාරීහු අල්ඩි උපදේශන හා මනෝවිද්‍යාත්මක ප්‍රතිකාර සේවා වෙත යොමු කළ අතර රට පුරා දුම්පානය මැඩලීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කළහ.
ඒවායේ ප්‍රතිඵලයක් ලෙස අල්ඩි මෙන්ම ඉන්දුනීසියාවේ දුම්පානයට ඇබ්බැහිවී සිටි බොහෝ දෙනාද දැන් තම පුරුදු වලින් මිදී සිටී.
පමණට වඩා ආහාර ගැනීම නිසා අල්ඩි දැනටමත් දෙතුන් ගුණයකින් තරබාරු වී සිටී.
අල්ඩි නැවතත් උපදේශන සේවා ලබාගැනීමට යැවීමට සිදුවේදැයි ඔවුන් සිටින්නේ බියෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට සිගරට් ඉල්ලුවේ. වෙන දෙයක් එහෙම ඉල්ලුවා නම් අඩනවා කියලා ගෙනත් දෙයිද? (නි)
වෙන මොනවා හරි ඉල්ලුවත් දෙනවද දන්නෑ. (ස)
දරුවා වෙන මොනවා හරි ඉල්ලුවත් දෙනවද දන්නෙ නෑ? (ස)
පිස්සු යකෙක්? (ස)
අනේ ඕව අපේ රටේ පෙන්නන්න එපා. (ස)
යකෙක්නේ!! (නි)
ඕවා මොනවද අපේ රටේ අවුරුදු 2කේ ළමයි කරන දේවල් දැක්කම... (නි)
තව ටික දවසකින් අරක්කුත් බොයි. තාත්තා ඊළගට අරක්කුත් දෙයිද දන්නෙ නැහැ (නි)
අවාසනාව නොවේද? (නි)
දෙමාපියන්ගේ මෝඩ වැඩ නිසා දරුවෙකුට උන අපරාදයක තරම.(නදී)
ෂා. මේ බබාව අපිට දුන්නා නමි අපේ දුපතේ පෙරන වැඩ කියලා දීලා අනාගතේ හොද පුරවැසිෙයක් කරන්න තිබිබා.(දී)
දෙවියන්ගේ කැමැත්ත. හහ් හාහ් හා....... (ස)
ලංකාවෙත් ඔය ටික වෙන්න කලින් මොනවාහරි කරමුද? (නි)
මමත් පොඩි වයසේදී සිගරැට් බීලා තියෙනවා. (නි)
අර කිව්වත් වගේ ඉඩි අමින්ගේ නෑදෑයෙක්වත්ද? (නි)
පුතා ආචාර කරන සිටින්නේ හරියට වීරකමක් කරලා වගෙයි. (නි)
දන්නවනේ ඉඩි අමීන් කියන්නේ කව්ද කියලා.(නදී)
මෙයාගේ අවාසනාව මෙහෙව් දෙමාපියන් ලැබීම. (ස)
ඔබ හරි.... (ස)
මම මේ දරුවාගේ පොඩි කාලේ ගත්ත ගොඩක් පින්තුර [අවුරුදු දෙකේදී ] දැකලා තියෙනවා. ඒ දවස් වලත් මෙයා පොඩි බබෙක් නෙවෙයි, විශාල බබෙක්. (ස)
අවුරුදු 2ක දරුවෙක් තනියම මට සිගරට් ඕන කියලා ඇඩුවද දන්නෙ නෑ? මේ ඔක්කොම ප්‍රසිද්ධිය තමා. දෙමාපියන්ගෙ වැරදි.පව් අහිංසක දරුවො. (ස)