දිනපතා සැතපුම් 18 ක් දුර ආබාධිත පුතු ඔසවා ගෙන ගමන් කරන පියෙක් චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සිටියි. ඔහු යූ ෂුකන්ය (40) වයස අවුරුදු හතලියකි.
දෙකකුල්, දෙඅත් උපතින්ම ඇඹරී, කුදු වුණු ඔහුගේ පුතු ෂියැඔ ක්වැන්ග් 12 හැවිරිදිය. තනිවම කිසිවක් කර ගත නොහැකි නමුත් ෂියැඔ ඉගනීමට ලැදි කමක් හා දක්ෂකමක් දක්වයි. නමුත් මෙම පාසල ඇරෙන්න අනෙක් පාසල් සියල්ල ඔහු බඳවා ගැනීම ප්‍රතික්ෂේප කළේය.
මීට වසර 9 කට පෙර යු ෂුකන් තම බිරිඳගෙන් වෙන් විය. පසුව තම පුතු ආදරයෙන් රැක බලා ගැනීමට සිතූ ඔහු යළි විවාහයක් කර ගත්තේද නැත. පුතුගේ සියලූ කාර්යයන් ඉටු වන්නේ ඔහු අතිනි. දිනපතා උදේ 5ට අවදිවන ඔහු කෑම පිළියෙල කර පුතුට කවා පොවා, ඔහු කූඩයක දමා පිටේ එල්ලා ගෙන පාසල වෙත රැගෙන යයි. පසුව ඔහු නැවතත් පැමිණ රැකියාවට ගොස් පාසල ඇරෙන වෙලාවට නැවත ගොස් පුතු රැගෙන එයි.
මේ පිළිබඳ දැනගත් පසු නුදුරු දිනයකදී පාසල අසල ඔවුන්ට නිවසක් කුලියට දීමට එරට බලධාරීන් පොරොන්දු වී තිබේ. ‘සෙන්ටිමීටර 90 ක් උසැති තම පුතු පාපැදියක රැගෙන යාමත් අපහසුය. නමුත් මගේ සිහිනය ඔහු උගතෙකු කිරීමයි.’ ඔහු පැවසීය.
පාසලේ පන්තියේ ඉහළින්ම දස්කම් දක්වන ෂියවො ගැන ආඩම්බර වන බවත්, කෙසේ නමුත් කොපමණ දුරක් ඇවිද ගියත් තම දරුවාට අධ්‍යාපනය ලබා දීමට තමා ඕනෑම දෙයක් කරන බවත් ඔහු දෑසෙහි කඳුළුක් පුරවා ගනිමින් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ළමයි මරණ තැන්තැන් වල දාලා යන මව්පියන්ට නෙත් හැරේවා (දිල්)
චීන්නු කොහොමත් හරි උත්සහවන්ත ජාතියක් , පියාගේ කැපවීමට අපි හිස නමා අචාර කල යුතුමයි ! (ත)
පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ, අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ"
මෙහෙම තාත්තා කෙනෙක් ලබන්න පින් කරන්න (අ)
මේ තාත්තා ගැන කියවනකොට මට මගේ තාත්ත මතක් උනා. මට වයස අවුරුදු 5 යි මගේ කකුලේ ලොකු තුවාලයක් වෙලා දවස් දෙකකට වතාවක් මගේ තාත්තත් මව කර උඩ තියාගෙන සැතපුම් 4ක් දුර යනවා බස් එක අල්ලන්න. මාව ස්පිරිතලෙට ගෙනයන්න.තාත්ත කියන්නේ දරුවන් වෙනුවෙන් නිහඬව මහා සේවයක් කරන දෙවි කෙනෙක්. දැනට ජීවතුන් අතර නැති මගේ තාත්තට නිවන් සුව ලැබේව! මේ තාත්තාට මගේ ශීර්ෂ ප්‍රණාමය.(දිල්)
ඇත්තටම දුකයි .මට මගේ තාත්තා මතක්වනා මන් පුංචි කාලේ අසනීප වුනදාක තාත්තා මගේ ළඟින් සිටියා. (අ)
මෙහෙම කියනකොට මට මගේ තාත්තාව මතක් වෙනවා. අතලොස්සක් දෙමවුපියෝ දරුවන්ට ගොඩක් දෙමවුපියන්ට දරු දුක දැනෙනවා. (දිල්)
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදි කියන්නේ මේ නිසා තමයි. ජාති වර්ග පාට බේදයක් නැහැ ඒ සෙනෙහසට. මෙහෙම තාත්තලා වගේම පසුගියදාක කතරගමදි තමන්ගේ දරුවවත්,බිරිඳවත් නැන්දම්මාත් මරලා තමනුත් මැරුණු පියෙක් ගැනත් වාර්තා වෙලා තිබුණා. (නදී)
මමත් තාත්තා කෙනෙක්. මටත් දැනෙනවා මේ දුක.(නදී)
පියාණෙනි ඔබ මතු බුදු වෙනවා (අ)