සමෝවාවේ උපොලූ දුපතේ කඳු කුහරයක පිහිටි සුවා සමුදුරු ආගාධය ලොව පුරා සංචාරකයින්ගේ නෙත්සිත් ඇඳ බැඳ ගැනීමට සමත්ව තිබෙන ස්ථානයකි.
අඩි 98 ක් පමණ ගැඹුරු මෙම කඳු කුහරයේ පතුල පළිඟු මෙන් පැහැදිලි ජලයෙන් පිරී පවතී. එම ජලයේ ස්නානය කිරීමෙන් ගතට මහත් සුවයක් ලැබෙන බව කියැවේ.
පහළට බැසීම සදහා පසෙකින් ඉණිමඟක් සවිකර තිබෙන අතර ජලයේ සෙල්ලම් දැමීමට අකමැති සංචාරකයින්ට එම ඉණිමඟ පාදමෙහි පිහිටා තිබෙන වේදිකාවකට නැඟ අවට සිරි නැරඹීමට අවස්ථාව ලබාදී තිබේ.
පැසිපික් සාගරය හා ඇළ මාර්ග කිහිපයකින්ම සම්බන්ධව ඇති බැවින් වසර පුරාවටම කුහරයේ ජලය අඩුවීමක් සිදුනොවේ.
මෙම ස්ථානය සියලූදෙනා අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථානයක් යැයි සුවා සමුදුරු ආගාධය නැරඹීමට පැමිණ තිබෙන සංචාරකයින් අන්තර්ජාලයේ තිබෙන සංචාරක තොරතුරු සඳහන් වෙබ් අඩවිවල සටහන් කර තිබෙනු දැක ගත හැකිය.

![2A2AB0E800000578-0-image-a-37_1435834530322[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2AB0E800000578-0-image-a-37_143583453032211.jpg)
![2A2AB0F800000578-0-image-a-39_1435834536755[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2AB0F800000578-0-image-a-39_143583453675511.jpg)
![2A2BB1FC00000578-3147100-image-a-3_1435847624693[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2A2BB1FC00000578-3147100-image-a-3_143584762469311.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීපයට බොහොම ස්තූකියි මෙවැනි මනරම් ස්ථාන පෙන්වාදීම ගැන.(ම)
පුදුමාකාර ලස්සනක්! (නි)
අපි කවුරුත් නොදන්නවා වුනාට අපේ රටේ නකල්ස් වලත් මීට නොදෙවෙනි ස්ථාන මම දැකලා තියෙනවා.....(බ)
සුන්දර දසුනක් රැකිම අප සතු යුතුකමකි (ම)
සුන්දර දසුනක් (ම)
ජපානෙත් තියෙනවා ඔය වගේම එකක් ..(හේ)
ඇත්තටම ලස්සනයි.(හේ)
ඔයිට වඩා ලස්සන තැන් නුවරඑළියේ තියෙනවා අපේ අයගිගින් නෑ (අ)
ලස්සන පස්සේ යන අයට නියමයි (නදී)
ඔයිට වඩා ලස්සන තැන් තියනවා අැල්ලවැල්ල වයේ ගිහෙල්ල හොයාල බලන්නකෝ (බ)
මේ විස්තරය ඉතා ලස්සනයි. එහෙත් බොහෝ දෙනා මෙතන කියන දේ ඇත්තයි. අපේ රටේ බොහෝ ප්රදේශවල මෙවන් දසුන් බොහෝ ඇත. පුදුමය වන්නේ අපේ රටේ සංචාරය කරන තරුණ කැල ඔවුන්ගේ සංචාර කාලය තුළ අවට පරිසරය නැරඹීම නොව විනෝද වීම පමණක් කරයි. පරිසරයටද හානි කරයි. තවත් බොහෝ ය අප රට දේ අගය නොකරති. පිට රට ඇමක් වේ නමුත් එය ආශ්චර්ය හැටියට දකිති. අප රට තරම් රැක ගත යුතු ලස්සන ආශ්චර්යමත් පරිසරයක් ඇති රටක් ඇතිද. ඉතින් එවන් පරිසරය රැක ගැනීම අප කාගේත් යුතුකම වන්නේය. ගහ කොළ සතා සීපාවා ආරක්ෂා කරමු. (ම)
ඒක නම් පුදුමාකාරයි (නදී)
අපේ කුණු ගොඩවල් වලට වඩා කොයි තරම් ලස්සනද .අපේ රටේ ලස්සන හැම තැනකම දැන් පොලිතීන් වලින් වැහිලා. (ර)
ඇත්තටම ගොඩක් ලස්සනයි.මේක නම් විශ්මයජනක දෙයක්.දෙවියන්ගේ ප්රාතිහාර්යයක්. (නි)
සදුනි,එතොකොට ලෝකේ තිබෙන අවලස්සන තැන්, කාගේ ප්රතිහාරයක්ද?.(හේ)