කළු මුහුදට ඉහලින් පියාසර කරමින් තිබූ තමන්ගේ පිරික්සුම් ගුවන් යානයකට මීටර් 3ක් පමණ ආසන්නයෙන් රුසියා යුද යානයක් පියාසර කරවූ බව පෙන්ටගනය චෝදනා කරයි.
රුසියාව විසින් සිදු කළැයි කියන මෙම අනතුරුදායක හා නුසුදුසු ක්‍රියාව සම්බන්ධයෙන් ඇමරිකා බලධාරීන් සිය විරෝධය පළකර ඇත්තේ මෙවැනි සිද්ධී මගින් දෙරට අතර නොරිස්සුම් සහගත තත්වයක් ඇතිවේයැයි පවසමිනි.
රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ ඔවුන් ජාත්‍යන්තර නීතිරීති වලට අනුව කටයුතු කළ බවයි. ඇමරිකා ගුවන් යානය සිය මුහුදු සීමාවට ඇතුළු වීමට උත්සාහ කළ බවත් රුසියාව කියයි.
සාමාන්‍යයෙන් රුසියාව සිය යුද අභ්‍යාස කටයුතු සඳහා කළු මුහුද ආශ්රිත ප්‍රදේශය යොදාගනී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා බලවතුන් අර්බුද ඇති කරගැනීම ලෝක සාමයට අහිතකරයි. ලෝකයේ සාමය ඇති වේවා! (නි)
ඇමෙරිකාව මොකටද අනුන්ගේ රෙද්ද අස්සේ රිංගන්නේ. (බ)
ඇමරිකාව හැමවේලේම කරන්නේ මෙහෙම දේවල්. මේවා අපි ඉවසුවට රුසියාව ඉවසන්නේ නැහැ. තුන්වන ලෝක යුද්ධයක් අැතිවුණොත් අනිවාර්යෙන්ම ඇමෙරිකාව කොනකින් සම්බන්ධයි. (නි)
පූටින්ගේ කාර් අනතුර මේ හැමදේටම සම්බන්ධකමක් තියෙන්න පුළුවන් කියලා මට හිතෙනවා (නි)
ලෝක සාමයට බලවත්ම තර්ජනයවී තිබෙන දෙපිටකාට්ටු ඇමරිකාව කොයි මොහොතක හරි රුසියාවෙන් හෝ චීනයෙන් ඉල්ලගෙන කන්න යන බව පැහැදිලිව පෙනෙනවා. . (හේ)
රුසියාව හා චීනය දැන් පාවිච්චි කරන්නේ ඇමරිකාව මීට අවුරුදු 10 කට එපිටින් පාවිච්චි කල තාක්ෂණය.. අනික රුසියාව කියන්නේ අන්ත දුෂිත රාජ්‍යක්.. (ම)
ඇමරිකාවට ලොකු අමාරුවක් තියෙනවා රුසියාව එක්ක (බ)
මට පෙනෙන්නේ නාමල් නිව්යෝර්ක් කියන කෙනාට මොළේ අමාරුවක් වාගේ. කිසිවක් නොදැන අවතක්සේරු කිරීම. ඉන්නේ ඇමෙරිකාවේ නිසා පැනලා කඩේ යෑමක් වාගේ (නි)
නාමල්, ඔයා නිව්යෝර්ක් කියන ළිඳේ ඉඳලා කෑගහන්න එපා. ගගන, තාක්ෂණයේදී රුසියාව අහලකටවත් එන්න ඇමෙරිකාවට බැහැ. බොරුනම් අන්තර්ජාලයට ගිහින් බලන්න (නි)
කට්ටිය කෑගහන්න එපා වැඩිය. "නාමල්-නිව්යෝක්" කියලා නමම දාගෙන ඉන්න විදිහෙන් පේනවනේ එයා ඉන්න තැන පෙන්නන්න සෑහෙන්න මහන්සිවෙන බව. තාම නාමල් දන්නේ නැහැ, ඇමෙරිකාව පාවිච්චි කරන්නේ, පිටරටවල් වල තාක්ෂණ දැනුම බව. (නි)
නාමල් දන්නේ නැහැ රුසියාවට තියෙන බලය. අැමෙරිකාවත් තියෙන බයට තමයි එදා ඉඳලා රුසියාව කඩන්න හදන්නේ. දැන් පේනවනේ සුඩානෙට කරපු දේ. ලෝකේ කොහේහරි රටක යුද්ධයක් තිබ්බේ නැත්නම්, ඇමෙරිකාව ඉවරයි. (නි)
නාමල් නිව්යෝර්ක් වැනි බහුතරයක් ඉන්නවා ඔය රටේ. මොකද දවසින් පැය 15ක් 18 ක් පමණ සුළු රැකියාවල යෙදෙන නිසා ලෝකය ගැන අවබෝධයක් ගන්නට, පුවත්පතක් රූපවාහිනියක් බලන්න කාලයක් නැහැ. (නි)
කළු මුහුද තියෙන්නේ රුසියාවට එහා පැත්තේනේ. ඉතින් ඇමරිකාව මොකද ඒකේ රවුම් ගහන්නේ? මේක හරියට රුසියාවේ යානයක් මෙක්සිකෝ බොක්කේ ගියා වගේ. (නි)